|
නිළියගෙ රැඟුමට යටවුණු ලියෝනි
පසුගියදා පැවැත්වුණු නාලන් මෙන්ඩිස්ගේ පුතණුවන්ගේ විවාහ මංගල්‍ය උත්සවයට අපේ පැරැණි නිළියක් වන ලියෝනි කොතලාවලටත ආරාධනා ලැබිලා. පැරැණි කිව්වට ඉතින් පැරැණිම නැහැ ඇය. වර්තමානයේදිත් නාට්‍යවල ඉන්නවනෙ. හරි කමක් නැහැ අහන්නකො කතාව. ලියෝනි තමන්ට තිබුණු ලස්සනම ලස්සන සාරියකුත් පටලාගෙන එතනට ගිහින්. ටිකක් වෙලා තනියම හිටපු ලියෝනි වට පිට බලලා තමන්ට වඩාත්ම සමීප කෙනෙක් ඉන්නවද බලන්න. ඔන්න එතකොට දැක්කලු නවපරපුරේ සුරූපී නිළියක් එහා පැතතෙ ඉන්නවා. ඇයත් එක්ක නාට්‍යයක දෙකක වැඩකරලා තියන හින්දා ලියෝනි ඇය සිටින තැනට සේන්දු වුණාලු. ක්‍රමක්‍රමයෙන් ලියෝනි ඇයත් එක්ක කතාවට වැටිලා. දැන් කෑම වෙලාවත් ආවලු. ඇයත් එක්කම ලියෝනි කෑම කෑවලු. ඔන්න දැන් මංගල උත්සවයට ආව පිරිස නටන්න පටන් අරන්. අරන තරුණ විසේකාර නිළියටත් නටන්න ඕනෑවෙලා. මෙයා කරලා තියෙන්නෙ එයාගෙ අම්මගෙ වයසෙ ඉන්න ලියෝනිවත් නටන්න රැගෙන ගිය එක. ලියෝනිත් බැහැ නොකියා ගිහිල්ලා නටන්න. දෙන්නා දැන් හොඳටම නටනවලු. ඔහොම නටන අතරතුරදි අර නිළියගෙ පය පැටලිලා. ඇය ලියෝනිවත් පෙරළාගෙන බිමටම වැටිලා. මේ සිදුවීම දැකලා වටපිටාවෙ අය හොඳටම කලබල වෙලා. ඊට හපන් අර නිළිය. ඇය ගොඩට ගත්තු මාලුකූරියා වගේ වෙව්ලනවලු. ඒ විතරක් නෙවෙයි ඇය ලියෝනිට ඇහෙන්න සැනසුම් වදන් පවා කියනවාලු. ඔය අතරෙ ලියෝනි සෙමින් ඇස් ඇරලා. එතකොටම නිළියගෙ අඬාවැඩියාව අඩුවුණාලු. ආයෙත් ලියෝනි ඇස් වහලා. එතකොට අර නිළියත් යළිත් සැනසුම් වදන් කියන්න පටන් අරගන්නවලු. ඔහොම දෙතුන් පාරක් වෙලා. අන්තිමේ නැටුමත් එතැනින් ඉවර වෙලා. එදායින් පසුව අර නිළිය නටන තැන්වල වැඩිය කට්ටිය රැඳෙන්නෙ නැතිලු. ඇය කවුද කියලා හරියටම දැනගන්නම ඕනෑ නම් ඔබට කරන්න තියෙන්නෙ මෙච්චරයි. බලන්න පසුගිය සරසවිය කලාපයේ ගොසිප් පිටුව.
රූපා යටකරගෙන ත්‍රීවීලරයක් ගිහින්මේ දවස්වල මහමගදි සිදුවන අනතුරු වැඩියි. පොලිසිය නම් නිතර කියන්නෙ මේ අනතුරුවලට ප්‍රධානම හේතුව නොසැලකිල්ල කියලයි. අපේ පැරැණිතම ගායිකාවක වන රූපා ඉන්දුමතීටත් පාරෙදි අනතුරක් සිද්ධවෙලා. ඒ හින්දා රූපා පහුගිය කාලෙ ගෙවාදැම්මේ දැඩි කම්පනයෙන් යුතුවයි. රූපා යම් කිසි අවශ්‍යතාවයකට පිළියන්දලට ගිහින්. ඊට පසුව ඇය යාළුවෙක් එනකම් පාර අයිනට වෙලා ඉඳලා. කොහෙදෝ ඉඳලා වේගයෙන් පැමිණි ත්‍රිවිල් රථයක් ඇගේ පැත්තට හරවලා. රූපා ඉතින් කබලවෙච්ච පාර ටිකක් එහාට පැන්නලු. ඒත් වැඩක් වෙලා නැහැ. අර රියදුරාට තම රථයේ වේගය පාලනය කරගන්න බැරිවෙලා. ත්‍රීරෝද රථය රූපගෙ ඇඟට පෙරලුනාලු. කකුල තමයි එයට යටවෙලා තියෙන්නෙ. වට පිටාවෙ කට්ටිය දුවලා ඇවිත් ත්‍රීරෝද රථය උස්සලා රූපාගෙ කකුල බේරාගෙන. නමුත් ඇයට ඉස්පිරිතාලෙ නොගිහින් ඉන්න බැරිවුණාලු. රූපා ඉන්දුමතී කියන්නෙ වෘත්තිමය ගායිකාවක්නෙ. එහෙව් තත්ත්වයක් මත මෙහෙම දෙයක් වුණාම කොච්චර අපහසුතාවයකට පත්වෙනවද. කොහොම හරි යාන්තම් නැගිට ගත්තු රූපා යළිත් ප්‍රසංගවලට යන්නට පටන් අරගෙන. මේ සිද්ධිය ගැන අහලා වැඩිදෙනෙකු රූපාගෙන් විහිළුවට වගේ විමසනවලු අර පෙරලිච්ච ත්‍රිරෝද රථයට හානියක් වුණේ නැතිද කියලා.
හෙලවෙන බෝඩ් එක ඇතුළෙන් සිසිරගේ ඔළුව මතුවෙලා
පසුගිය දිනෙක බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී සනත් අබේසේකරගේ චිත්‍රපටයක විශේෂ දර්ශනයක් පැවැත්වූවා. ඒ චිත්‍රපටය පිළිබඳ හුවා දැක්වෙන පුවරු රැසක් එම ශාලාවේ චිත්‍රපටය පෙන්වන තැනට වෙනකම් තැන තැන රඳවලා තිබුණා. මේ බෝඩ් අතර එක්තරා බෝඩ් එකක් තදින් හෙලවෙනවා. බොහෝ දෙනෙකු හිතුවේ ඒක එහෙම වෙන්න ඇත්තෙ සුළඟට වෙන්න ඇති කියලා. ඒත් සුළඟක් නැති අවස්ථාවකදී පවා ඒ බෝඩ් එක හෙලවෙනවා. හරිම පුදුමයි. බැරිම තැන එතනට ආව ෂර්ලොක් හොම්ස් වගේ පුද්ගලයෙක් ඒ බෝඩ් එක ගාවට ගියාලු. ගිහින් බැලුවලු මේක විතරක් හෙලෙවන හේතුව. හොල්මන් බෝඩ් එකක්ද දන්නෙ නැහැ කියත් සමහරු කියනවලු. ඒත් මේ පුද්ගලයා ඒවා කනකට ගත්තෙ නැතුව බෝඩ්එක පෙරලුවාලු. ඔන්න එතකොට ඒ බෝඩ් එක පිටිපස්සෙන් ඔළුවක් මතු වෙලා. හරියට ඉබ්බා කටුවෙන් ඔළුව එළියට දානවා වගේ තමයි ඒ ඔළුව මතුවෙලා තියෙන්නෙ. ඒ හිස වෙනකාගෙවත් නෙවෙයි ජනප්‍රිය සටන් නළුවකු වන සිසිර කුමාරතුංගගේ. ඔහු මෙතෙක් වෙලා ඒ බෝඩ් එක ගැටගසමින් ඉඳලා තියෙන්නෙ. සිසිරත් ඒ චිත්‍රපටයේ රඟපානවලු. ඒ හින්දා තමයි ඔහු පාරේ කටවුට් ටික රඳවන්න උදව් කරලා තියෙන්නෙ. අන්තිමේ බෝඩ් හෙලවෙන හොල්මන හොයාගත්තට පස්සේ සිසිරට වැඩිදෙනෙකුගෙන් ආරාධනා ලැබුණලු එයාලගෙ චිත්‍රපටයෙත් බෝඩ් එල්ලන්න එන්න කියලා.
ලේන් එකට වතුර බෙදන මගේ වතුර පයිප්පේ...
වෙසක් පොසොන් සමයේ දී දන්සල් දෙන නළුවන් ඕන තරම් ඉන්නවා. එහෙම නැතත් ඒ කාලවල්වල දී තමන්ට පුළුපුළුවන් හැටියට දාන මාන කරන නළුවනුත් හිඟ නැහැ කියලා කියන්න පුළුවන්. මේ අතරේ වතුර දන්සලක් දෙන නළුවෙක් අපි හොයා ගත්තා. ඔහු නිකම්ම නිකම් නළුවෙක් නෙවෙයි. හොඳම නළුවා ලෙස අවස්ථා කිහිපයකදීම සම්මානනීය වෙච්ච කෙනෙක්. දර්ශන් ධර්මරාජ් තමයි මේ නළු මහත්තයා. මෙයාගේ වතුර දන්සල වෙසක්, පොසොන් සමයන්ට පමණක් සීමා නොවුණු එකක් වීම විශේෂත්වයක්. දර්ශන්ගේ ගම රක්වාන වුණත් ඔහුගේ වර්තමාන පදිංචිය කොළඹ. පුංචි බොරැල්ලේ නව මහල් නිවාස සංකීර්ණයේ පහළම තට්ටුවේ නිවසකයි දර්ශන් දැන් ජීවත් වෙන්නෙ. මේ නිවාස සෑම එකකටම පාහේ පිටතින් වතුර පයිප්පයක් ඉදිකරලා තියෙනවා. දර්ශන්ගෙ නිවසෙත් එහෙමයි. නිවසින් පිටත මේ පයිප්පය තියන හින්දා ඒ අහල පහලින් යන ඕන කෙනෙක් වතුර තිබහ නැතත් අඩුම ගානෙ අත හෝදාගෙන යන එක පුරුද්දක් වෙලා. මේ හේතුවෙන් නිවෙස්වල අයිතිකරුවන් කරන්නෙ තමන් නිවසින් පිටතට යනවානම් ටැප් ලයින් එක වහලා යන එක. හැබැයි දර්ශන් නම් කවදාවත් එහෙම කරන්නෙ නැතිලු. කාට හෝ වතුර පොදක් දෙන එක පිනක් නිසා දර්ශන් තමන්ගෙ නිවසේ ටැප් එක ඕන කෙනෙකුට විවෘත කරලයි තියෙන්නෙ. මේ බව දන්න අවට කොල්ලෝ කුරුට්ටො හවස ක්‍රීඩා කරලා කෙළින්ම දුවගෙන එන්නෙ දර්ශන්ගෙ වතුර පයිප්පෙ ගාවටලු. කොහොම හරි මේ කතාව ප්‍රසිද්ධ වෙලා දැන් දර්ශන්ගෙ පයිප්පය පොදු එකක් බවට පත් වෙලා. කොහොම හරි දර්ශන්ගෙ මාසික විදුලි බිල රුපියල් අසූවක් පමණ වෙද්දි වතුර බිල තුන්දහසත් ඉක්මවලාලු. |