|
ලස්සනම චිත්‍රපටය - සවුන්ඩ් ඔෆ් මියුසික් එදා කට්ටිය අද කොහොමද
වසර පනහකට පසු සවුන්ඩ් ඔෆ් මියුසික් චිත්‍රපටයට දායක වූ පිරිස අතරින් එහි නියැලි බොහොමයක් දෙනා අද ජීවතුන් අතර නැත. නිෂ්පාදනය කළ රිචඩ් ඩි.ෂානුක් 2012 දී මිය ගියේය. අධ්‍යක්ෂණය කළ රොබට් වයිස් හා තිර රචක අර්නස්ට් ලෙහ්මාන් දෙදෙනාම 2005 වසරේ දී මිය ගියේය. එහෙත් සතුටට කාරණය නම් ෆ්‍රොන් ට්‍රැප් පවුලේ සාමාජිකයන් සියළු දෙනාම එනම් කපිතාන් මෙන්ම ආදරණීය මාරියා ප්රමුඛ දරුවන් හත් දෙනාම තවමත් ජීවත්වීමයි. සැබෑ ජීවිතයේ ෆොන් ට්‍රැප් පවුල් නම් චිත්‍රපටය සඳහා පාවිච්චි නොකළ නිසාවෙන් චිත්‍රපටයේ චරිත සඳහා ලැබුණේ අලුත් නාමයන්ය. චිත්‍රපටයේ වැඩිමහල්ලා ලීසල්ය. එය රඟපෑවේ චාමියන් කාර්ය. චාමියන් උපන්නේ 1942 අවුරුද්දේය. ඇය චිත්‍රපටයේ රඟපාන විට අවුරුදු 21 කි. චිත්‍රපටයේ ඇය රඟපෑවේ 16 හැවිරිදි වියේ යුවතියක් හැටියටය. අදටත් ජනප්‍රිය ගීයක් වන අයැම් අ සික්ස්ටීන් ගොයින් ටු අ සෙවන්ටීන් ගීතය ගයමින් රඟපානුයේ ඇයයි. දෙදරු මවක වන ඇය වර්තමානයේ දරු මුනුබුරන් මැද ජීවත් වන්නීය. ඇයට රඟපෑමට උනන්දුවක් තිබුණේ නැත. පසු කලක ඇන්තනි ඇන්ඩ් ක්ලියෝප්රැට්රා, ඊවිනිං ප්‍රිම්රෝස් වැනි චිත්‍රපට කිහිපයක පමණ රඟපෑ චාමියන් කැලිෆෝනියාවේ අතිශය ජනප්‍රිය ගෘහ අලංකරණ ශිලපිනියක ලෙස නමක් දිනා ගත්තීය. සුප්‍රකට පොප් ගායක මයිකල් ජැක්සන්ගේ නිවහනේ ගෘහ අලංකරණය කළේ ද ඇයයි. සවුන්ඩ් ඔෆ් මියුසික් චිත්‍රපටයට පෙම් බැඳි ජැක්සන් ඒ නිසාම චාමියන්ගේ රසිකයකු විය. කතාවේ පවුලේ දෙවැනි සාමාජිකයා වූ ෆ්රෙඩ්රික් ලෙස රඟපෑවේ නිකොලස් හැන්ඩිය. 1950 වසරේ උපන් ඔහු පසු කලක වඩා සුපතල වූයේ බ්‍රෝඩ්වේ නාට්‍ය රංගනයෙනි. සී. බී. එස්. නාළිකාව 1970 සිට වසර ගණනාවක් විකාශය කළ ස්පයිඩර් මෑන් ටෙලි නාට්‍ය මාලවේ ස්පයිඩර් රැඟුවේ ඔහුය. ලුවිසාගේ චරිතය රඟපෑ හීතර් මෙන්සිස් 1949 උපන්නියකි. ඇය පළමුව ජෝන් ක්ලුට් හා රොබට් උල්රිච් සමග දෙවනුව ද විවාහ විය. ඇය පිරානා හවායි වැනි චිත්‍රපට මෙන්ම කැප්ටන් අමෙරිකා, ලෝගන්ස් රන්, ඉ. එ. ඒ. ඊ වැනි ටෙලි මාලාවල ද රඟපෑවාය. පවුලේ සිව්වැන්න වූ කර්ට් ලෙස රඟපෑවේ ඩියුන් චේස්ය. 1950 වසරේ උපත ලද ඔහු සවුන්ඩ් ඔෆ් මියුසික් සඳහා දායක වූ අවදියේම එක් ටෙලි නාට්‍ය මාලාවක රඟපෑවේය. භූ විද්‍යාව පිළිබඳ උපාධිධාරියකු වූ ඩියුන් වර්තමානයේ පරිගණක ඉංජිනේරුවරයකු ලෙස කටයුතු කරයි. පවුලේ පස්වැනියා වූ බ්‍රිජට්ගේ චරිතය රඟපාන්නට ලැබුණේ ඇන්ජලා කාට්රයිට්ය. ඇය සම්මානනීය නිිළියක වන වෙරෝනිකා කාට්රයිට් ගේ නැගනියයි. සවුන්ඩ් ඔෆ් මියුසික් සඳහා දායක වන විට ඇය දස හැවිරිදි වියේ පසු වූවාය. ඇය අවුරුදු තුනේදී සම්තින් ඔෆ් වැලිව්ට් චිත්‍රපටයේ චරිත නිරූපණය කර තිබුණාය. පසු කලකද ඇන්ජලා, ඇල්ෆ්‍රඩ් හිච්කොක් ටෙලි කතා හා ලොස්ට් ඉන් ස්පේස් ටෙලි නාටකවල රඟපෑවාය. ඇයගේ වැඩි ඇල්ම රැඳ වුණේ ඡායාරූපකරණය කෙරෙහිය. ස්ටීව් ගුලියන් සමඟ විවාහ වී දූවරු දෙදෙනකුගේ මවක වූ ඇන්ජලා ලොස් ඇන්ජලිස් නගරයේ ඡායාරූපාගාරයක හිමිකාරියකි. පවුලේ 6 වැන්නිය වූ මාර්තා ලෙස රඟපෑවේ ඩෙබී ටර්නර්ය. ඇය සවුන්ඩ් ඔෆ් මියුසික් චිත්‍රපටයෙන් පසු යළි රඟපාන්නට එක් වූයේ නැත. හොඳින් අධ්‍යාපන කටයුතු හැදෑරූ ඇය ගෘහ අලංකරණය සිය විෂය ලෙස තෝරා ගත්තාය. ඒ වෙනුවෙන් ඇය කැලිෆෝනියා ලොස් ඇන්ජලිස් විශ්ව විද්‍යාලයෙන් උපාධියක් දිනා ගත්තාය. රිචඩ් ලාසන් සමඟ විවාහ වී දරුවන් සිව් දෙනකු ලද ඇය ඩෙබී ටර්නර් ඔර්ජිනල් නම් ගෘහ අලංකරණ ව්‍යාපාරයේ හිමිකාරියයි. පවුලේ බාලයා ග්‍රෙතල් ලෙස රඟපෑවේ ඒ වන විට හත් හැවිරිදි කිම් කරාන්ය. කිම් එයට පෙර ස්පෙන්සර් මවුන්ටන් චිත්‍රපටයේ රඟපෑවාය. ඒ වෙරෝනිකා කාට්රයිට් සමඟ වීම විශේෂයකි. පසු කලෙක කැලිෆෝනියා ලොස් ඇන්ජලිස් විශ්ව විද්‍යාලයේ මානව සබඳතා උපාධියක් දිනා ගත් ඇය පැරිසියේදී ඉතිහාසය පිළිබඳ ආචාර්ය උපාධිය දිනා ගත්තාය. ප්‍රංශ ජාතික පිලිප් ලිබ්ලික් සමඟ විවාහ වූ කිම් එක් දරු මවකි. මාරියා ලෙස රඟපෑ ජුලී ඇන්ඩෲස් කළ අතීතාවර්ජනයෙන් හෙළි වන්නේ මේ දරුන් හත් දෙනාගෙන් ඇයට ආම්බාම් කරන්නට අමාරුකාරිය වූයේ කිම් කරාන් බවය. බොහෝ විට ඇය උකුලට ගැනීමට හෝ වඩා ගත යුතු විය. එයටත් වඩා ඇගේ බර ජුලී ඇන්ඩෲස්ට දරන්නට නොහැකි තරම්ය. පිරිසෙන් බාලයා වූ බැවින් කිම්ගේ ඉල්ලීම් ඉටු කිරීම ද සුළු පටු නොවේ. මෙයර වසර ගණනවකට පෙර අධ්යක්ෂ රොබට් වයිස් ජීවත්ව සිටියදී පවසා තිබුණේ වෙනත් කතාවකි. ඒ චිත්‍රපටය ආම්බාම් කරන්නට අසීරු දරුවන් හත් දෙනා නොව ජුලී ඇන්ඩෲස් බවය. සන්සුන්ව චිත්‍රපටයට දායක වන දරුවෝ ජූලිගේ දඟකාරකම් නිසා කුලප්පු වෙති. චිත්‍රපටයේ එන ජවනිකාවකදී ෆොන්ට්රැප් දරුවන් මාරියා සමඟ ඔරුව පෙරළී ගඟට වැටෙති. එදා කට්ටියේ දැඟලිල්ල නිසා ඔරුව පෙරළුණේ අවශ්‍ය පැත්තට නොව අනිත් පැත්තටය. යළි තෙත ඇඳුම් ඉවත් කොට දර්ශනය රූ ගැන්විණ. එවර අධ්‍යක්ෂට ඕනෑ විදියට ඔරුව පෙරළිණ. සංසකරණයේදී වඩාත් හොඳින් පෙරලුනේ මුල් පෙරළීම බව වටහා ගත් අධ්යක්ෂ රොබට් වයිස් එම දර්ශනයම තෝරා ගති. එහෙත් හදිසි පෙරළීම නිසා කිම් ජලයේ ගිලෙන්නට නොදී බේරා ගත්තේ අසීරුවෙනි. මාරියා ලෙස රගපෑ ඩේව් ජූලියා එලිසබෙත් ඇන්ඩෲස් හෙවත් ජූලි ඇන්ඩෲස් 1935 වසරේ එංගලන්තයේ උපත ලැබුවාය. ඇය නිළියක පමණක් නොව ගායිකාවකි. ලේඛිකාවකි. නාට්‍ය අධ්යක්ෂවරියකි. නර්තන ශිල්පිනියකි. ඇගේ මුල් විවාහය ටෝනි වෝල්ටන් සමග සිදු විය. එයින් එක් දියණියක ලැබුවාය. ඇය එමා වෝල්ටන් නම් සුප්‍රකට ලේඛිකාවයි. දෙවැනි විවාහය සුප්‍රකට සිනමාකරු බ්ලේක් එඩ්වඩ් සමඟ සිදු විය. එයින් නිළි ජෙනිෆර් එඩ්වඩ් මෙන්ම චිත්‍රපට නිෂ්පාදක ජෙෆ්රි එඩ්වඩ් හා ඇමෙලියා හා ජොආනා යන දූ දරුවන් ලදහ. ජුලී ඇන්ඩෲස් සවුන්ඩ් ඔෆ් මියුසික්, මේරි පොපින්ස් වැනි චිත්‍රපට රංගනය නිසාම හොලිවුඩයේ සර්වකාලීන ආදරය ලබන නිළියක ලෙස හැඳින්වේ. ඇකඩමි මෙන්ම ගායනය උදෙසා ග්රැමි සම්මානයෙන් ද, වේදිකා නිළියක් ලෙස ද සම්මාන දිනුවාය. ඇය මෑතක ප්‍රින්සස් ඩයරි චිත්‍රපටයේ රැජිණක ලෙස චරිත මැව්වාය. කපිතාන් ෆොන් ට්‍රැප්ගේ චරිතය නිරූපණය කළ ක්‍රිස් ටෝපර් ප්ලමර් හොලිවුඩ් සිනමාවේ විශිෂ්ට නළුවෙකි. ඉතා මෑතක ඔහු රගපෑ ද ගර්ල් විත් ද ඩ්‍රැගන් ටැටූ, බිගිනර්ස්, ද ලාස්ට් ස්ටේසන් වැනි චිත්‍රපට සියල්ල විචාරක හා ප්‍රේක්ෂක අවධානය දිනා ගත්තේය. 1929 වසරේ උපත ලද ඔහු තෙවරක් විවාහ විය. කැනඩා ඉතිහාසයේ කීර්තිමත් අගමැතිවරයකු වනු ශ්‍රීමත් ජෝන් ඇබට් ඔහුගේ මුත්තනුවන්ය. එමෙන්ම සුප්‍රකට නිළි අමන්දා ප්ලමර් ඔහුගේ දියණියයි. චිත්‍රපටයේ පිරිස පසුගියදා එළි දැක් වු සවුන්ඩ් ඔෆ් මියුසික් වසර 50 විශේෂ දැක්මට සහභාගි වූහ. මේ සියල්ලන්ම අද වැඩිහිටියන්ය. එහෙත් සවුන්ඩ් ඔෆ් මියුසික් තවමත් තරුණය. සිනමා ඉතිහාසය පුරා සෑම පරම්පරාවක්ම රස විඳින මේ අපූරු චිත්‍රපටය නිසා ඔවුන්ට අතීත දිවියේ කෙතරම් සමරු සටහන් තිබෙන්නට ඇත්දැයි දන්නේ ඔවුන්ම පමණි.
|