|
අර්ජුන්ගෙන් පිළිතුරු
ප්‍රශ්නය - මහාචාර්ය සුනිල් ආරියරත්නයන් රචනා කළ මුල්ම චිත්‍රපට ගීතය කුමක්ද? නන්දාවතී ඩයස් - වෑබඩ අර්ජුන් - ලොකුම හිනාව චිත්‍රපටයට ෆ්‍රෙඩී සිල්වා ගැයූ පරණ කෝට් ගීතයයි. ප්‍රශ්නය - ප්‍රේම ගඟේ මැණික් වගේ ගීතය ඇතුළත් සිංහල චිත්‍රපටය කුමක්ද? එම ගීතයේ තනුව හිංදි ගීතයකින් ලබා ගත්තක්ද? වී. කේ. බස්නායක - වැලිමඩ අර්ජුන් - ඔව්. එය සුජාතා චිත්‍රපටයේ ගීයකි. අල්බේලා චිත්‍රපටයේ එන සාම් තලේ කිද්කි තලේ ගීතය ඇසුරෙන් තැනූවකි. ප්‍රශ්නය - සිංහල චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරන ලද මුල්ම ඉන්දියානු දෙමළ ජාතිකයා කවුද? එස්. බී. කහවිට - රත්නපුර අර්ජුන් - ටී. ආර්. ගෝපු. ඔහු අසෝකමාලා චිත්‍රපටයේ සම අධ්‍යක්ෂවරයායි. ප්‍රශ්නය - හින්දි තිරයේ වඩාත්ම දක්ෂ සුරූපී නිළිය මධුබාලා ද, නාර්ගීස් ද? අර්ජුන් - මධුබාලා ලස්සනයි, නාර්ගීස් දක්ෂයි. ප්‍රශ්නය - ගාමිණී ෆොන්සේකා රඟපෑ වෙද හාමුදුරුවෝ ප්‍රදර්ශනය කළාද? ඩී. බී. කුලතුංග - පූගොඩ අර්ජුන් - පෙන්වන්න හදන්න එපායැ. ප්‍රශ්නය - සිංහල සිනමාවේ ආරම්භයේ පටන් මේ දක්වා තිරගත කරන ලද චිත්‍රපට ගණන කොපමණද? එච්. ඉන්ද්‍රපාල - මුංහේන අර්ජුන් - හෙට තිරගත වන ගින්දරී එක්ක 1199 යි. ප්‍රශ්නය - ප්‍රවීණ නළු ඔස්වල්ඩ් ජයසිංහ හා මහේෂ් ජයසිංහ විකට නළුවෝ. මේ දෙදෙනා ඥාතීන් ද? වියානි ගුණවර්ධන - වෙන්නප්පුව අර්ජුන් - දන්නා තරමින් ඒ දෙදෙනා අතර කිසිදු ඥාති සම්බන්ධයක් නැහැ. ප්‍රශ්නය - නොබෝදා වියෝ වූ ප්‍රවීණ ගී පද රචක ඇලෝයි ගුණවර්ධන වෘත්තියෙන් මුද්‍රණ ශිල්පියෙක්ද? විමල් රණසිංහ - ග්‍රෑන්ඩ්පාස් අර්ජුන් - ඔව්. ප්‍රශ්නය - පෙම්බර මධු චිත්‍රපටයට වික්ටර් රත්නායක ගායනා කරන පෙම්බර මධු මගේ යන ගීතය හින්දි ගීතයක තනුවක් ද? ප්‍රේමසිරි නාරසිංහ - මාතර අර්ජුන් - දන්නා තරමින් නැහැ.
ඔබේ සිනමා පැන විසඳුම් අර්ජුනගෙන් පිළිතුරු. සරසවිය, ලේක්හවුස්, කොළඹ 10 |