|
සල්මන්ට තවත් ලෙඩක්
සල්මන් ඛාන් බොලිවුඩයේ සුපිරි තරුවක ලෙසින් දිලුනද ඔහුට එල්ල වන චෝදනාවලත් අඩුවක් නැහැ. එකක් ඉවර වෙන විට තවත් එකක් ලෙසින් චෝදනා එන්නේ පෝළිමට. තම වාහනයෙන් ගමන් ගන්නාවිටදී පුද්ගලයෙකු අනතුරට ලක් කිරීමේ චෝදනාව සල්මන්ට එල්ල වුණේ පසුගිය 2002 වසරේදීයි. මේ පිළිබඳ නඩුවේදී තමා ධාවනය කළ ලෑන්ඩ් කෲසර් රථයේ යාන්ත්‍රික දෝෂයක් නිසා ඉදිරිපස රෝදය පුපුරා ගිය බවයි සල්මන් ප්‍රකාශ කළේ. නමුත් විශේෂ නීතිපති ප්‍රදීප් ගරාන් පසුගියදා මේ සම්බන්ධව විශේෂ ප්‍රකාශයක් නිකුත් කළා. සල්මන් විසින් එම පුද්ගලයා අනතුරට ලක් කරන අවස්ථාවේදී බීමත්ව සිටි බව ඔහු පවසනවා. සල්මන්ගේ රුධිර සාම්පල පරීක්ෂණයේදී මිලි ලීටර් සියයක එතිල් ඇල්කොහොල් මිලිග්‍රෑම් 62ක් අඩංගු වූ බව හෙළිවී තිබෙනවා. සාමාන්‍යයෙන් මත්පැන් බොන පුද්ගලයෙකුගේ රුධිරය මිලිලීටර් සියයත එතිල් ඇල්කොහොල් මිලිග්‍රෑම් 30ක් අඩංගු බවත් පරීක්ෂණ මගින් හෙළි වී ඇති බව ප්‍රදීප් පෙන්වා දෙනවා. ඒ වගේම රෝදයක් පුපුරා යාම අනතුරකට ප්‍රබල හේතුවක් නොවන බවත් නීතිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා. ඒ වුණත් සල්මන් නම් මේ තීරණය පිළිගන්න කැමැති නැහැ. සල්මන්ටත් කිසිම බුරුලක් ලැබෙන බවත් පේන්න නැහැ. කෙසේ වෙතත් අධිකරණය ළඟදිම මෙම නඩුවේ තීරණය ගන්න නියමිත බවයි ආරංචි.
|