වර්ෂ 2015 ක්වූ අප්‍රේල් 09 වැනිදා බ්‍රහස්පතින්දා




දුවේ නුඹ මගේ ප්‍රාණයයි

දුවේ නුඹ මගේ ප්‍රාණයයි

තාත්තලා දියණියන්ට දෙන්නේ වටිනාම දේවල්්. ඒ වගේම දුවෙකුට තාත්තාගේ ආදරයත් එලෙසමයි. බොලිවුඩයේ පිය පදවිය ලබා මේ දවස්වල වැඩියෙන්ම සතුටෙන් සිටින්නේ ඉම්රාන් ඛාන්. දියණියක නිසා පිය පදවිය ලද තමන්ගේ සතුට වචනයෙන් කියා නිම කරන්න බැහැ කියලායි ඉම්රාන් පවසන්නේ. ඒක ඇත්ත තමයි.

මේ සතුට ජීවිතය පුරාම තබා ගන්න ඉම්රාන්ගේ බලාපොරොත්තුව. ඒ වෙනුවෙන් විශේෂ දෙයක් කරන්න ඔහු නිතරම කල්පනා කළා. ඒත් එවැනි දෙයක් මතකයට ආවේ පසුගියදා බිරිඳ අවන්තිකා මලික් සහ මාස දහයක් වයසැති දියණිය ඉම්රා සමඟින් ගෝවහිදි ගත කළ සුන්දර නිවාඩුවකදීයි.

ඉම්රාන් දියණිය වෙනුවෙන් පච්චයක් අඳින්න තීරණය කරලා. ඔහු පවසන්නේ එය තමන්ගේ ජීවිත පුරාවටම තමා ළඟ තිබෙන නිසා දුව වෙනුවෙන් තම සිරුරේ පච්චයක් අඳින්න තීරණය කළා කියලයි.