|
රූපවාහිනි රාජ්‍ය සම්මාන උළෙලේ අප්පච්චිට සම්මාන රැසක්
රූපවාහිනි රාජ්‍ය සම්මාන උළෙල සංස්කෘතික හා කලා කටයුතු රාජ්‍ය ඇමැති නන්දිමිත්ර ඒකනායකගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී පසුගියදා උත්සවාකාරයෙක් පැවැත්විණි. මෙහිදි හොඳම ටෙලි නාට්‍ය ලෙස අබිසෙස් ලැබුවේ අප්පච්චි ටෙලි නාට්‍යයයි. හොඳම ටෙලි නාට්‍යය - ආනන්ද අබේනායකගේ 'අප්පච්චි' හොඳම ටෙලි නාට්‍ය නිෂ්පාදනය - අප්පච්චි නිෂ්පාදක සෙරන්ටි එන්ටර්ටේන්මන්ට් හොඳම නළුවා ජූරියේ විශේෂ සම්මානය - ජැක්සන් ඇන්තනි හොඳම නිළිය - තිසුරි යුවනිකා (බොරළු පාර) හොඳම නළුවා - වසන්ත කුමාරසිරි (බොරළු පාර) හොඳම සහය නිළිය - සුදාරා රන්දිනි (හෝපලු අරණ) හොඳම සහාය නළුවා - රොෂාන් රවීන්ද්‍ර (තාත්තේ අපි ආවා) හොඳම කැමරා අධ්‍යක්ෂණය - ධම්මික රත්නායක (අප්පච්චි) හොඳම සංස්කරණය - ලක්රුවන් ද සේරම් (යාය 4) හොඳම ශබ්ද පටිගත කිරීම හා ශබ්ද සැලසුම්කරණය - කිංස්ලි රාජපක්ෂ හා ලක්රුවන් ද සේරම් (යාය 4) හොඳම කලා අධ්‍යක්ෂණය - ධම්මික හේවාදුවත්ත (හෝපලු අරණ) හොඳම පසුබිම් සංගීතය - කසුන් කල්හාර (අප්පච්චි) හොඳම අංග රචනය - වසන්ත පූර්ණවංශ (හෝපලු අරණ) හොඳම ගීතය - ගුගුරුවා අඳුරු කර (අප්පච්චි) හොඳම ඒකාංගික ටෙලි නාට්‍ය - ආනන්ද අබේනායක (සංසාරේ පිය සටහන්) හොඳම පූර්වපටය - 'යුනිටි ඔෆ් නේෂන්' හොඳම ග්‍රැෆික් සජීවිකරණ නිර්මාණය - නාලිකා ලාංඡන සජීවිකරණය ජූරියේ විශේෂ ඇගයීම - ඉන්ද්‍රසිරි සුරවීර, විනීතා කරුණාරත්න හොඳම රූපවාහිනි බහු කැමරා නිෂ්පාදනය - රංගභූමි වැඩසටහන (රංග බණ්ඩාරනායක) කුසලතා සම්මාන - චන්දන හේවාපතිරණ (මෙහි කුණු දැමීම තහනම්) මොහාන් ජී රංගනාත (ටිං පැටව්) හොඳම පූර්ව ප්රචාරක පටය - හෙළ වංශය පූර්ව ප්රචාරක පටය හොඳම ප්රචාරක දැන්වීම - වෛද්‍ය කපිල කුෂාන් සූරියආරච්චි (හෙල්මටය ආරක්ෂාව ඔලුවක් ඇති අයට පමණි) හොඳම සම්ප්‍රවේශක - චමින්ද ගුණරත්න හොඳම ප්රවෘත්ති නිවේදක - චවිකා ගුණසේකර හොඳම පසුතල නිර්මාණය - සිරස සුපර් ස්ටාර් සීසන් 5 වැඩ සටහනේ පසුතල නිර්මාණය - පියල් රත්නායක හොඳම ළමා වැඩසටහන - පොඩි හාමුදුරුවෝ (අතුල රන්සිරිලාල්) හොඳම රූපවාහිනි හඬ කැවීම් වැඩසටහන - තෑගි පැංචා ටෙලි නාට්‍යය (කසුන් ජයවර්ධන) හොඳම රූපවාහිනි ආගමික වැඩසටහන - පංසිවුරේ කතාව ( ගිහාන් කරුණාතිලක) හොඳම රූපවාහිනි සංගීත වැඩසටහන - උඳුවප් ගී මියැසිය (විරාජ් වැලිවත්ත) හොඳම රූපවාහිනි සාකච්ඡාමය වැඩසටහන - රශ්මින් රණසිංහ - සිතිජය වැඩසටහන හොඳම රූපවාහිනි අධ්‍යාපන හා සංස්කෘතික වැඩසටහන - ජාතික පාසල 'භාග' නම් ගණිතමය වැඩසටහන (ප්රේමාණී පෙරේරා) හොඳම ප්රවෘත්ති වාර්තාකරණය - පොළොන්නරුවේ දෙපා වාරු නැති ළමයා (සිසිකැළුම් දහම්ප්රිය බාලගේ) හොඳම රූපවාහිනී සඟරාමය වැඩසටහන - සන්ධ්‍යා විතානවසම් (ආයුබෝ වේවා) හොඳම වාර්තා වැඩසටහන - ගුරු පාර (ලසන්ත වර්ෂවිතානගේ) තාක්ෂණයේ නවමු භාවිතය - ජූරියේ විශේෂ සම්මානය - නිරංජය දිල්හාන් පරණමානගේ සහ ප්‍රියංකර පෙරේරා (නිර්සත්වයෝ) වාර්තා වැඩසටහන් - ජූරියේ විශේෂ සම්මානය - රංජිත් වලිසුන්දර (ආලකමන්දාව) ජූරියේ විශේෂ සම්මාන - පාලිත අබේරත්න (අප්පච්චි), බිම්සරා ප්‍රේමරත්න (අප්පච්චි), කාව්‍යා සඳමිණී (හෝපලු අරණ), පරිෂ්ටා නයනදුලා ස්මිත් (අප්පච්චි) |