වර්ෂ 2015 ක්වූ අප්‍රේල් 09 වැනිදා බ්‍රහස්පතින්දා




“වී. අයි. පී. සුන්දර බණ්ඩා” මුහුරත් දා....

“වී. අයි. පී. සුන්දර බණ්ඩා” මුහුරත් දා....

උතුරේ රාහුල හිමි, කොමාන්ඩෝ දියසේන, දේශපාලුවා, අමල් බිසෝ ආදී විශිෂ්ට ගණයේ නාට්‍ය කිහිපයකින් වේදිකාවේ නම රැන්ඳූ සුගත් සමරකෝන් විසිතුන් වසරක දිගු නිහැඩියාවකට පසු නවතම නිර්මාණයක් සමඟින් නැවතත් කරළියට පැමිණ සිටී. “වී. අයි. පී. සුන්දර බණ්ඩා” ලෙසින් නම්කර ඇති මෙහි මුහුරත් උත්සවය පසුගිය 08 වැනිදා සුදර්ශියේ දී පැවැත්විණ.

රින්ස්ලි වීරරත්න, විනූ සිරිවර්ධන, සංජය සමරකෝන්, උමයංගනා වික්‍රමසිංහ, අරවින්ද දොඹගහවත්ත, සමන්ත වීරකෝන්, චන්දු ඉඹුලාන, සුරංග චන්ද්‍රසිරි, නෝබට් පෙරේරා, රංජිත් විතාරණ, නලීන් ගුරුගේ, වසන්ති සෙනරත්, පි‍්‍රයා විතානආරච්චි, සත්‍යා ලක්මාලි, ලසන්ත තුෂාර, බුද්ධික ජයකෝඩි, ෆිලීෂන් පෙරේරා, පි‍්‍රයංග විශ්වජිත්, ආදීහු රංගනයෙන් දායක වන මෙය සමන්ත වීරකෝන් ගේ නිෂ්පාදනයකි.