|
පද්ම විභූෂණ අමිතාබ්
බොලිවුඩයේ බිග් බී පසුගිය දවසක තම පවුලේ සාමාජිකයන් සමඟින් උත්සවයකට සහභාගි වුණා. ඒ උත්සවය පැවැත්වුණේ සුවිශේෂ පුද්ගලයන් වෙනුවෙන්. බිග් බී හෙවත් අමිතාබ් බච්චන් බොලිවුඩයේ සුවිශේෂ පුද්ගලයෙක්. ඔහු හැඩ කළ සිනමා නිර්මාණ දශක ගණනක් පුරා පරම්පරා ගණනක රසිත හිතවතුන් හිතවතියන් රාශියක් රස වින්දා. ඒ රසවතා පසුගියදා සම්මානයට පාත්‍ර වුණා. ඉන්දියාවේ සාමාන්‍ය පුරවැසියෙකු ලබන ඉහළතම සම්මානයක් වූ පද්ම විභූෂන් සම්මානය පසුගිය 08 වැනිදා ඔහුට පිරි නැමූයේ ඉන්දීය ජනාධිපති ප්‍රනාබ් මුඛර්ජි විසින්. රාෂ්ට්‍රපති භවන්හි පැවැති මෙම අවස්ථාවට බිරිඳ ජායා බච්චන්, දියණී ස්වේතා, පුතා අභිෂේක් සමින් ලේලිය ඓශ්වර්යා ද සහභාගි වුණා. රංජිත් සිං, අරූන් ජෙට්ලී, ජයශංකර් ප්‍රසාද් වැනි ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් මෙම 72 හැවිරිදි මේ සුපිරි තරුවට සුබ පතන්න පැමිණ සිටියා. බොලිවුඩයේ කාටත් ආදර්ශයක් වූ මේ ජ්‍යෙෂ්ට රංගධරයා 1984 වර්ෂයේදී පද්ම ශ්‍රී සම්මානයෙන් ද 2001 වසරේදී පද්ම භූෂණ සම්මානයෙන්ද පිදුම් ලැබුවා. |