|
රූපවාහිනියට රිදී නිම්නය ගලයිජාතික රූපවාහිනිය මඟින් සිංහල සිනමාවට ළැදි ප්‍රේක්ෂක ඔබ වෙනුවෙන් සිංහල සිනමා ගීත පමණක් අන්තර්ගත නව වැඩ සටහනක් ආරම්භ කෙරිණි. රිදී නිම්නය යනුවෙන් නම් කොට ඇති එහි පළමුවැන්න පසුගිය සිංහල අලුත් අවුරුදු දින එනම් 14 වැනිදා විකාශය විය. එදින පටන් සෑම අඟහරුවාදා දිනකම රාත්‍රී10.10 ට මෙය විකාශය වනු ඇත. මහාචාර්ය සමන්ත හේරත් විසින් රිදී නිම්නය නිවේදනයෙන් මෙහෙයවන අතර එක වැඩසටහනක් තුළදී චිත්‍රපට කිහිපයක ගීත දහසයක් ඇතුළත් කර තිබීම විශේෂත්වයකි. එම ගීත පිළිබඳ ඒ හා සබැඳි නිර්මාණකරුවන් කෙටියෙන් අදහස් දැක්වීමක් ද මෙහිදී සිදු වේ. රිදී නිම්නය විනීතා කරුණාරත්නගේ අධ්‍යක්ෂණයකි.
ගී රඟ වින්දන කිරිබත්ගොඩ YMBA ශාලාවේආධුනික කලාකරුවාගේ හෙට දවසේ නිර්මාණකරණයේ අභිවෘද්ධිය වෙනුවෙන් ප්‍රවීණ ශිල්පී සහභාගිත්වයෙන් අර්ජුන ලියනගේ, නිරෝෂාණි නිල්මිණි ඉදිරිපත් කරන ගී රඟ වින්දන නර්තන ප්‍රසංගය 11 වැනි දැක්ම අද (16) සවස කිරිබත්ගොඩ කර්ඕඒ ශාලාවේදී පැවැත්වේ.
සවනට ගී මධු සිකුරාදා
මෙම මස 17 වැනිදා එනම් හෙට රාත්‍රී 9.00 ට සියත රූපවාහිනියේ විකාශය වන සවනට ගී මධු වැඩසටහනට එකතු වන්නේ ස්පන්දන චිත්‍රපටයේ නිෂ්පාදක ජගත් එම්. යාපා වේ. මෙය ශ්‍රීමත් ඉන්ද්‍රජිත් විසින් මෙහෙයවයි. සවනට ගී මධු එස්. ඒ. බෙනට්ගේ නිෂ්පාදනයකි.
ලිට්ල් ක්‍රිෂ්ණා ජාතික රූපවාහිනියෙන්
ලෝප්‍රකට සම්මානනීය සජීවීකරණ කාටුන් මාලාවක් වන ‘ලිට්ල් ක්‍රිෂ්ණා’ මේ මස පටන් සතියේ සඳුදා සිට බ්‍රහස්පතින්දාවක් දක්වාම පස්වරු 4.30 සිට ජාතික රූපවාහිනියෙන් විකාශය වෙයි. හඬ කැවීම් අධ්යක්ෂ අතුල රන්සිරිලාල්ගේ අධීක්ෂණය යටතේ සිදු කරන මේ කාටුන් වැඩසටහන සහය අධ්‍යක්ෂණය පුෂ්පික පීරිස්ගෙනි.
සුනිල් සාන්තයන්ගේ 100 වැනි ජන්ම සංවත්සරයට ඕලු පිපීලා නමින් ප්‍රසංගයක්
ලාංකේය සංගීතයට මනා යුග මෙහෙවරක් කරමින් රසික රසවින්දනය ඔප් නැංවූ සුනිල් සාන්තයගේ ඡන්ම දිනය අළලා කෙරෙන සංවත්සර සැමරුම වෙනුවෙනු පිදෙන අමරණීය ගී තිළිණය ‘ඕලු පිපීලා නමින් මේ මස 18 වැනිදා පස්වරු 6.30ට බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙයි. එදිනට සුනිල් සාන්තයන්ගේ ගීත විසිහතරක් ගැයීමට නියමිත අතර ඒ සඳහා අයිවෝ ඩෙනිස්, වික්ටර් රත්නායක, ලතා වල්පොළ, ටී.එම්. ජයරත්න, එඩ්වඩ් ජයකොඩි, කීර්ති පැස්කුවල්, උරේෂා රවිහාරි, අමල් පෙරේරා, නෙලූ අධිකාරි, උමාරියා සිංහවංශ, සමන් ලෙනින් යන ශිල්පීන් ශිල්පිනියන් සහභාගි වෙයි. සංගීතය මෙහෙය වන්නේ මහේෂ් දෙනිපිටියයි. නර්තනය චන්දන වික්රමසිංහයි. මේ ප්‍රසංගය සංවිධානය කරන්නේ ගෲප් එමි මීඩියා මගිනි. සුනිල් සාන්තට ආදරය කරන සියල්ලන්ටම මේ ප්‍රසංගයට සහභාගි වන මෙන් සංවිධායක කමිටුව ආරාධනා කරයි. - තිලානි
අලුත් සංගීත කණ්ඩායමකින් අයිවෝ ඩෙනිස්ට උපහාර
ප්‍රදීප් සංජීව ප්රමුඛ සීදූව 'RELAX සංගීත කණ්ඩායමේ මංගල කලඑළි දැක්ම මේ මස 18 වැනිදා පස්වරු 7.30 ට සීදූව විලේජ් ක්‍රීඩාංගණයේදී ඊගල් අයි ක්‍රීඩා සමාජය ඉදිරිපත් කරන බක් මහ උළෙලේදී පැවැත්වේ. මේ සංගීත ප්රසංගයේදී දේශීය සංගීතයට මහඟු සේවයක් කළ සුනිල් සාන්තයන් අනුස්මරණය කරමින් ගායන ශිල්පී අයිිවෝ ඩෙනිස් කලාකරුවාණන්ට උපහාර පිරිනැමෙන අතර අයිවෝ ඩෙනිස්, ෂෙල්ටන් මුතුගමගේ, ක්ලැරන්ස් රුද්‍රිගෝ, ශිරෝමාලා ප්‍රනාන්දු, ඔස්වල්ඩ් අයිවන් ජයකොඩි, සාජන්ට් නල්ලතම්බි (ලූෂන් වර්ණකුල) ඇතුළු ගායක ගායිකාවන් රැසක් ගී ගැයීමට නියමිතය.
කමලිනී සමු ගනී
ජාතික රූපවාහිනියේ පැරැණිතම නිවේදිකාවක වූ කමලිනී සෙල්වරාජන් පසුගියදා අභාවප්‍රාප්ත විය. මිය යන විට ඇයගේ වයස අවරුදු පනස් හතකි. දමිල නිවේදිකාවක වුව ද කමලිනී සමස්ථ රූපවාහිනී ප්‍රේක්ෂකයන්ගේ සිත්ගත් චරිතයක් විය. එයට හේතුව වූයේ ඇය තමන්ගේම වූ සුවිශේෂ අනන්‍යතාවයකින් යුතුව නිවේදන කටයුතු මෙහෙයවීමයි. ආයුබෝවන්, සුබ උදෑසනක් ආදී වැඩසටහන් රැසකටම ඇය සම්මාදන් වූවාය. මුල් යුගයේ ගුවන් විදුලි ශිල්පිණියක් ද වූ කමලිනී චිත්‍රපට නිළියක ද වශයෙන් කැපී පෙනුණාය. කලක සිට රෝගාතුරව සිටි ඇය ඒ රෝගීභාවය හේතුවෙන් වසර ගණනාවකට ඉහත දී කලාවෙන් සමුගන්නට සිදු විය. අද ඇය ජීවිත රඟමඬලෙන් ද සමුගෙන ඇත. කමලිනීගේ අවසන් කටයුතු පසුගියදා බොරැල්ල කනත්තේ සිදු විය. කමලිනී විවාහ වී සිටියේ ප්‍රවීණ කලාකරුවකු මෙන්ම දෙමළ කවියකු ද වූ සෙල්වයුර් සෙල්වරාජ් සමඟය.
රන්වල පදනමෙන් අවුරුද්ද ගැන DVD දෙකක්
සිංහල අලුත් අවුරුද්දේ සංස්කෘතික විචිත්රභාවය මතු පරපුරට දායාද කිරීම සහ වත්මන් පරපුරට අනුගමනය කිරීමේ උරුමය පවරාදීම අරමුණු කරගෙන රන්වල පදනමේන් "අවුරුදු" සහ "පොඩි අයට අවුරුදු" යනුවෙන් රූපමය DVD දෙකක් එකම ඇසුරුමක එළිදැක්වීමට සූදානම් වේ. මෙරට දරුවන්ට හා විදේශගත දරුවන් මෙන්ම වැඩිහිටියන්ටද අලුත් අවුරුදු තිළිණයක් ලෙස මේ DVD යුගල ලබා දීමට හැකි ලෙස ඉදිරිපත් කිරීම විශේෂත්වයකි. මෙම නිර්මාණය අවුරුදු සිරිත් විරිත්, අවුරුදු ක්‍රීඩා, ජන ගායනා, අවුරුදු ගී, පර්යේෂණාත්මක තොරතුරු ඇතුළත් දරුවනට රසවත් මෙන්ම අර්ථවත් අත්දැකීමක් ලබා දේ. මෙවර අවුරුදු DVD යුගලය සඳහා රන්වල බලකායේ ශිල්පීන් සමග ආචාර්ය සූරිය ගුණසේකර, මහින්ද කුමාර දළුපොත, ගිරිරාජ් කෞෂල්‍ය, ජනනාත් වරකාගොඩ, ඉසුරි ජයරත්න යන ශිල්පීන් සමඟ සහන් රන්වල සම්බන්ධ වෙයි.
|