අමාරුම දේ
අමාරුම දේ
කරන් ජොහාර් වර්තමාන බොලිවුයේ අතිශය ජනප්රිය වූ අධ්යක්ෂවරයෙක්. බොම්බායේ පැවැති
උත්සවයකදී කරන් පසුගිය දවසක තමන්ට අමාරුම දේ පැවසුවා. ඒක චිත්රපටවලට සම්බන්ධ දෙයක්
කිව්වම හැමෝම මවිත වුනේ ඉතාම අපූරුවට සිනමා නිර්මාණ කරන මේ අධ්යක්ෂවරයාට අමාරුම දේ
මොකක්ද කියලයි.
චිත්රපට හදන්න ලෙහෙසි වුණත් එහිදී මිනිසුන් කලමනාකරණය කිරීම තමයි ඉතාම අපහසු
කාර්යය කියලයි කරන් පැවැසුවේ. චිත්රපටයක් හදන්න එකින් එක වෙනස් අන්දමින් ඒ
චිත්රපට නිර්මාණය කිරීම ඉතාම වැදගත් බවත් අධ්යක්ෂවරයෙක් නිෂ්පාදකවරයෙක් මේ පිළිබඳ
ඉතාම වගකීමෙන් සිතිය යුතු බවත් කරන් එහිදී පැවසුවා.
මේ දක්වා තමා ක්ෂේත්රයේදී ලද සොඳුරු අත්දැකීම් වගේම මේවැනි අමාරු දේ ගැනත් එකතුව
පොතක ලියන්න හිතාගෙන සිටින බවත් කරන් ප්රකාශ කළා. "අපි චිත්රපටයක් බලනකොට ඒක මොන
තරම් ලස්සනද කියලා හිතනවානේ. ඒ වුණත් ඒක කරන්න පටන් ගත්තම ඊට වඩා රසවත්. චිත්රපට
නිර්මාණය කළත් ලියන්න මම තවම පොඩි වැඩියි." කරන් පවසනවා.
|