දමිතව කළමනාකරණය කරන්න අලුත් අමුත්තෙක් ළඟට ඇවිත්
දමිතව
කළමනාකරණය කරන්න
අලුත් අමුත්තෙක් ළඟට ඇවිත්
දමිතා අබේරත්න හෙට අනිද්දා බඳින්න ඉන්න විත්තිය ඔයාලා දන්නවනේ. ඇයගේ අත පතාගෙන
ඉන්නේ ලෙන්ලි ජොන්සන් කියලා මහත්මයෙක්. දමිතා ඔහු හින්දා පුදුම නිදහසකින්ලු ඉන්නේ.
සාමාන්‍යයෙන් තමන්ගේ පෙම්වතිය ජනප්‍රිය තරුවක් වුණාම තැනකට ගියාම පෙම්වතා නිතරම ඇය
ගාවින්ම ඉන්න උත්සාහ කරනවනේ. මොකද අර තාරකාවට ඇති අවධානයෙන් කොටසක් ඔහුටත්
නිතැතින්ම යොමු වන නිසා.
සමහර නිළියන්ගේ පෙම්වතා අනිත් අයත් එක්ක කතා කරන්නෙත්
නැහැ. හරිම ආඩම්බරයෙන් ඉන්නේ තමන්ගේ පෙම්වතිය නිළියෙක් කියන මතයෙන්. ලෙන්ලි නම්
එහෙම නැහැ. දමිතත් එක්ක කලා කටයුතුවලට සහභාගි වෙන කොට ඇයට ඒවා නිදහසේ කරගෙන යන්න ඉඩ
දීලා ඔහු එළියට වෙලා ඉන්නේ හිස් අතින් නම් නෙවෙයි. දමිතගේ හෑන්ඩ් ෆෝන් එකත්
තියාගෙනයි.
ඔහු එහෙම ඉන්නේ දමිතට එන දුරකතන ඇමතුම්වලට පිළිතුරු දීලා ඇගේ දවසේ වැඩ
කටයුතුත් ඔහු විසින් කළමනාකරණය කරලා දෙනවලු. දමිතා නම් ලෙන්ලි ගැන කතා කරන්නේ හරිම
ආඩම්බරයෙන්.
ඒ වගේ මහත්තයෙක් ලබන්න තමන් පින් කරලා තියෙනවා කියලා ඇය කියනවා. ඒ වගේම
ලෙන්ලි සමඟ එක වහළක් යටට යන්නත් අත් දෙකේම ඇඟිලි ගනිමින් සිටිනවා කියලයි දැනගන්නට
ලැබෙන්නේ.
|