|
|
මගේ දරුවෝ පැරැන්නන්ගේ දේ දැන ගත යුතුයි
අශේන් මංජුල
මිහිකත නළවාලා
'අපට දුන්නු ගෙදර අංකයත්, ඒ ගීතයත් ඇහෙන්නේ එකම ගෙදරින් වගේ' මම එහෙම කිව්වේ අමිත් අයියාට. ඒ කියන පරක්කුවෙන් නිවෙස ඉදිරිපසින් මතු වුණේ අපි සොයාගෙන ගිය කෙනා. 'අශේන් මංජුල' එහෙම කියනවාට වඩා ඔබ ඔහුව තවමත් හඳුන්වන්නේ වසර ගණනකට බොහොම ඉහත කුඩා කොලු ගැටයෙක්ව සිටිය කාලයේ රඟපෑව නිමල් කියන නමින්. ඒ කාලයේ කා අතරත් ජනප්‍රිය 'අඹ යහළුවෝ' ටෙලි නාට්‍යයේ නිමල් දැන් දරුවන් දෙදෙනෙක්ගේ තාත්තා කෙනෙක්. 'මගෙ දුව තමයි ඔය ගීතය ගයන්නේ' අශේන් පැවසුවේ අපි ගීතය රස විඳින වග දැනුණ නිසා. 'මේ කාලයේ ළමයෙක්ගෙන් අහන්න නොලැබෙන ගීතයක්'
මම කිව්වේ මෑත කාලයේ ඒ වගේ පැරැණි ගීතයක් ළමයෙක්ගේ මුවෙන් නොඇසෙන නිසා. 'ඒක ඇත්ත. ඒත් මම මගේ ළමයින්ට නිතරම අපේ පැරැන්නන්ගේ නිර්මාණ රස විඳින්න උගන්වනවා. ඒ වගේ ගීත නිතරම අහන්න සලස්වනවා. එහෙම නොවුණොත් ඒ අය අතීතය පිළිබඳව කිසිම දෙයක් නොදන්න අය බවට පත් වේවි. මගේ ළමයි එහෙම වෙනවට මම කැමැති නැහැ' නිවස ඇතුළට කැන්දාගෙන ගොස් වාඩි වෙන්න අතෙන් සන් කරන අතරතුරම ඔහු පැවසුවේ වගකීම් රැසක් අවබෝධ කර ගත්ත තාත්තා කෙනෙක් විදියට. සාලයේ වාඩි වෙලා හිටිය දුව හිරුණි හංසිනීත්, පුතා හරිඳු කේෂවත් වගේම බිරිය ප්‍රිෂානි ගුණසිංහත් අපත් සමඟ සිනාසුණේ ඔවුන්ගේ කාරිය මදකට නතර කරලා. 'ඔබ වැඩිපුර ටෙලි නාට්‍යවල රඟපානවා අප දැකලා නෑ. මොකද ටෙලි නාට්‍ය කියන මාධ්‍යය අමතක කරලද?' 'මේ වන විට මගේ කලා ජීවිතයට වසර විසිහතක්. ඒ කියන්නේ 'අඹ යහළුවෝ' රඟපෑව කාලයේ ඉඳලා ගත්තොත්. ඒත් මම ආපු කාල සීමාවේ පටන් මේ දක්වා එක දිගට වැඩ ගොඩක් කරපු කෙනෙක් නෙවෙයි. නමුත් මට සෑම වසරකම නිර්මාණයකට දායක වීමට අවස්ථාව හිමි වුණා. ඒ නිසාදෝ බොහෝ ප්‍රවිණයන් කියන කතාවක් තමයි කුඩා කාලයේ පටන් රංගනයේ යෙදිලා ඉන්නේ මම විතරයි කියන කාරණය. මගේ වෘත්තිය කොහොමත් රංගනය තමයි. රංගනය තමයි මගේ ජීවිතය. තෝරාගත් නිර්මාණවලට පමණක් දායක වීම නිසා බොහෝ ටෙලි නාට්‍යවල මාව දකින්නට නොලැබෙනවා තමයි. ඒත් ඉදිරියේදී මා රඟපෑ ටෙලි නාට්‍ය පහක් හා ඒකාංගික ටෙලි නාට්‍ය පහක්, හයක්ම විකාශය වීමට නියමිතයි. සුමිත් රෝහණ තිත්තවැල්ල, ප්‍රසන්න වනසිංහ කියන අධ්‍යක්ෂවරුන්ගේ නිර්මාණත් ඒ අතර තිබෙනවා' දීර්ඝ ටෙලි නාට්‍යවල ඔහු දකින්නට නොමැති වුණත් ඔහුගේ රංගනය රැගත් 'ඇහැල මහ නිකින්ණිය' කියන ටෙලි සිත්තම මේ දවස්වල විකාශය වෙනවා. 'ඇහැල මහ නිකින්ණියේ ගුරුතුමාට ලැබෙන ප්‍රතිචාර එහෙම කොහොමද?
'බොහොම දෙනෙක් ඒ නාට්‍යය නරඹන බව පෙනෙනවා. ඒ ගැන කතා කරනවා. ඒත් රඟපෑමට අමතරව
අධ්‍යාපනික අංශයෙන් වැදගත් වාර්තාමය වැඩසටහන් කිහිපයක් කරන්නත්, මම ලිව්ව 'සඳවතිය'
තිර නාටකය කරන්නත් අදහසක් තියෙනවා. ඊට අමතරව මූලික ලෙසම රඟපෑම ඉගෙන ගන්න ළමයින්ට
ඉරිදා දවසම වෙන් කරලා තියෙනවා. ඒ ඒ අයට රංගනය හදාරන්න පාසලක් ආරම්භ කිරීම මඟින්. ඒ
සඳහා දැනුම එක් රැස් කරමින් මා දන්නා දැනුම දරුවන්ට බෙදා දීමෙන් සතුටක් ලබනවා. මාත්
සමඟ ඒ පාසලේ ජයලත් මනෝරත්න, අතුල රන්සිරිලාල්, කරුණාරත්න අමරසිංහ, පරාක්‍රම
නිරිඇල්ල, නුවන් නයනජිත් කියන ගුරු මඬුල්ලකුත් ඔවුන්ට දැනුම ලබා දෙනවා. මේ වගේ
කටයුතුත් සමඟ කාලය ගත වෙන නිසා මම බොහොම කාර්යබහුල කෙනෙක් වෙලා.' මේ විදියට ගෙවෙන අශේන්ගේ කාර්යබහුල ජීවිතයට සහනයක් දෙන්නේ ප්‍රිෂානි. අශේන්ගේ දයාබර බිරිය.
'ගෙදර සියලු කටයුතු කෙරෙන්නේ ඔබගේ දෑතෙන්මද?' 'අශේන්ගේ කටයුතුත් සමඟ ඔහු බොහොම කාර්යබහුල කෙනෙක් තමයි. ඒ නිසා පුතාගේ වගේම දුවගේ අධ්‍යාපන කටයුතු සොයලා බලලා, ඒ අය පන්ති අරගෙන යන වැඩ කටයුතු කරන්නේ මම තමයි. ඒ වගේම නිවසේ උයන, පිහින කටයුතු වගේම අස්පස් කරන කටයුතුත් කෙරෙන්නේ මගේ දෑතින්මයි. ඒ කටයුතුවලට අශේන්ගේ අම්මගේ, තාත්තගෙන් ලැබෙන සහයෝගයත් මෙහිදී මතක් කළ යුතුමයි.' අශේන්ගේ අම්මත්, තාත්තත් ඉන්නේ අශේන්ලා සමඟමයි. මේ නිසා අශේන්ගේ සිතට පුංචි සහනයක් ලැබෙන්නේ ඒ අය නිසා. 'එහෙම නම් වගකීම් රැසකින් ඔබ නිදහස් වගෙයි' 'එහෙමයි කියලා පැවරුණ වගකීම්වලින් ඈත් වෙන්න මට ඉඩකඩක් නැහැ. මම කොතරම් කාර්යබහුල වුණත් පුතාගේ හරි දුවගේ හරි පාසල් කටයුත්තකට පාසලට උදව් කරන්න ඕනෑ වුණොත් අනිවාර්යයෙන්ම ඊට සහභාගි වෙනවා. සමහර වෙලාවට ගෙදරට අවශ්‍ය බඩු වුණත් බිරියට ගෙනැත් දෙනවා. ඒත් රූගත කිරීම්වලට මම ඈතක ගියොත් නම් ගෙදර සියලු කටයුතු කරට අරගෙන කරන්නේ බිරිය තමයි. ඇයට සහයෝගයට අම්මාත්, තාත්තාත් සිටින නිසා මට බියක් නැතිව ඒ ගමන යන්න හැකියි.' කුමන කටයුත්තක නිරත වුණත් අශේන් නිතරම ගෙදර ගැන හොයලා බලනවා විතරක් නෙවෙයි දරුවන්ට හොඳ අධ්‍යාපනයක් දෙන්නත් මහන්සි වෙනවා. 'ඔවුන් දෙදෙනා ඔබ වගේ රංගන ක්ෂේත්‍රය තෝරා ගනීවිද?
'ඔවුන් මේ වන විට බොහෝ දේවලට දක්ෂයි. රංගන කටයුතුවලට වගේම දුව ගී ගයන්නත් දක්ෂයි.
ඒත් මම රංගන ශිල්පියෙක් වූ නිසාම මගේ ළමයි එලෙසම විය යුතු යැයි කියලා මා අදහස්
කරන්නේ නැහැ. ඔවුන් වෙන පැත්තකින් සිය අනාගතය තීරණය කර ගනීවි. පුතා ක්‍රි ඔහුගේ මේ අපූරු කල්පනාව ඒ ඔස්සේ හැදෙන වැඩෙන දුවත්, පුතාත් අනාගතයේ හොඳ පුරවැසියන් බවට පත් කරන්නයි. පුතා ඉසිපතන විද්‍යාලයෙත්, දුව මියුසියස් විද්‍යාලයෙත් අකුරු කරන්නේ ඒ නිසා. මේ සියලු කටයුතු අතර සිව් දෙනාගේ ආදරය, එකමුතුව සොඳුරු කැදැල්ලක පැවැත්මට පිටුබලයක්. 'කෑම බීම වලට හැමෝගෙන්ම කරදරයක් නැද්ද?' 'හැමෝම කැමැති සාමාන්‍ය ආහාර වේලක් රස විඳින්නයි. ඒ නිසා මට හැමෝටම පොදු ආහාර වේලක් සකසන්න ලැබෙන නිසා කරදරයක් ඇත්තේ නැහැ. මේ අතරතුර හැමෝටම ලැබෙන විවේකයත් අපි බොහොම අර්ථවත් විදියට ගත කරනවා.' ඒ විදියට ලැබුණු මේ විවේකයත් සමඟ පුතාගේත්, දුවගේත් දස්කම් එළියට ඇවිත්. වරෙක ඔවුන් ගයනවා. වරෙක ඔවුන් රඟපානවා. අශේන් වගේම ප්‍රිෂානිත් ඒවා නරඹන්නේ බොහොම කැමැත්තෙන්. ඒවා කැමරා කාචයේ සටහන් කර ගනිමින් ඔවුන්ගේ සොඳුරු ඉඩහසරට කාලය ලබා දෙමින් අපි ඔවුන්ගෙන් සමු ගත්තා. |




අපට ඈතෙන් ඇසුණේ සුනිල් ශාන්තයන්ගේ ගීයක් ගයන දැරියකගේ මිහිරි ස්වරයක්. ඒ මිහිරි
ස්වරයට සවන් දී ගෙනම අපි පටු මාවත දිගේ ඉදිරියට ගමන් කළේ මේ වයසේ ළදැරියකගේ හඬෙන්
එවැනි ගීතයක් අහන්න නොලැබෙන නිසා. 


කට්වලට
දක්ෂයි. ඒ නිසා රංගනය හැර වෙනත් අංශයකින් ඔවුන් ඉදිරියට පැමිණේවි. ඒ සියල්ලටම පෙර
ඔවුන් හොඳට ඉගෙන ගත යුතුයි. මොකද අද තියෙන්නේ ළමයින් ඉගෙන ගෙන ඉදිරියට යා යුතු කාල
පරිච්ඡේදයක්.'