වර්ෂ 2015 ක්වූ ජනවාරි 15 වැනිදා බ්‍රහස්පතින්දා




මෙන්න ඔස්කාර් නාමයෝජනා

මෙන්න ඔස්කාර් නාමයෝජනා

හොලිවුඩයේ මහා සිනමා සම්මාන උළෙල 87 වැනි ඇකඩම් සම්මාන උළෙල ලබන පෙබරවාරි 22 වැනිදා ලොස් ඇන්ජලීස්හි ඩොල්බි තියටර්හිදී පැවැත්වීමට නියමිතව ඇත. මෙවර උළෙලේ වැඩිම සම්මාන ගණනක් සඳහා The Grand Budapest Hotel සහ Birdman චිත්‍රපට නාම යෝජනා විය. මෙම චිත්‍රපට ද්විත්වයම සම්මාන නාම නමයක් සඳහා නිර්දේශ වී තිබීම විශේෂත්වයකි.

ප්‍රංශ නවකතා රචකයෙකු රංගන ශිල්පියෙකු මෙන්ම තිර රචකයෙකු වන ජීන් ක්ලූඩ්, ජපන් ජාතික චිත්‍රපට අධ්‍යක්ෂක හයායෝ මියාස්කි සහ අයර්ලන්ත ජාතික රංගන ශිල්පිනියක සහ ගායිකාවක වන මෝරීන් ඕ'හාරා හට මෙවර උළෙලේ ගෞරව සම්මාන පිරිනැමීමට කටයුතු යොදා ඇත. හැරී බෙලෆෙන්ටේහට ජීන් හර්ෂොට් මානව හිතවාදී සම්මානය පිරිනැමේ. බොලිවුඩ් රංගන ශිල්පී නීල් පැට්‍රික් හැරිස් මෙවර සම්මාන උළෙල මෙහෙයවීමට නියමිතය. 87 වැනි ඇකඩමි (ඔස්කාර්) සම්මාන රාත්‍රියේ සම්මාන වෙනුවෙන් නිර්දේශිත නාමයන් මෙසේය.

හොඳම චිත්‍රපටය
American Sniper
Birdman
Boyhood
The Grand Budapest Hotel
The Imitation Game
Selma
The Theory of Everything

Whiplash


හොඳම අධ්‍යක්ෂණය

වෙස් ඇන්ඩර්සන් – The Grand Budapest Hotel
ඇලෙක්සැන්ද්‍රෝ ඉනාරීට්‍ර – Birdman
රිටඩ් ලින්ක්ලේටර් – Boyhood
බෙනට් මිලර් – Foxcatcher
මෝටන් ට්ල්ඩුම් – The Imitation Game

හොඳම නළුවා

ස්ටීව් චාරෙල් – Foxcatcher
බ්‍රැඩ්ලි කූපර් – American Sniper
බෙනඩික්ට් කම්බර්බරච් – The Imitation Game
මයිකල් කීට්න් – Birdman
එඩී රෙඩ්මයන් – The Theory of Everything

හොඳම නිළිය

මේරියන් කොටිලර්ඩ් – Two Days, One Night
ෆෙලිසිටි ජෝන්ස් – The Theory of Everything
ජුලියානේ මෝරේ – Still Alice
රොස්මුන්ඩ් පීක් – Gone Girl
රීස් විදර්ස්පූන් – Wild

හොඳම සහය නළුවා

රොබට් ඩුවෝල් – The Judge
ඊතන් හවේක් – Boyhood  
එඩ්වඩ් නෝට්න් – Birdman  
මාක් රුෆලෝ – Foxcatcher  
ජේ. කේ. සිමොන්ස් – Whiplash

හොඳම සහය නිළිය

පැට්‍රීෂියා ආක්‍යුටේ - Boyhood
ලෝරා ඩ්‍රෙන් - Wild
කේරා නයිට්ලි - The Imitation Game
එමා ස්ටෝන් - Birdman
මෙරිල් ස්ට්‍රීප් - Into the Woods     

හොඳම තිර රචනය

ඇලෙක්සැන්ද්‍රෝ ගොන්සාල්වේස් ඉනාරිට්‍ර, නිකොලස් ජියාකොබෝන්, ඇමැන්දෝ බෝ, ඇලෙක්සැන්ඩර් ඩිනෙලාරිස් කණිෂ්ඨ - Birdman
රිචඩ් ලින්ක්ලේටර් - Boyhood
ඊ. මැක්ස් ෆේ, ඩෑන් ෆටර්මන් - Foxcatcher  
වෙස් ඇන්ඩර්සන්, හියුගෝ ගිනස් - The Grand Budapest Hotel  
ඩැන් ගිලොරි - Nightcrawler

හොඳම ස්වීය තිර රචනය

American Sniper
The Imitation Game
Inherent Vice

The Theory of Everything
Whiplash
 

හොඳම පරිඝණක සජීවකරණ චිත්‍රපටය

Big Hero 6
The Boxtrolls
How to Train Your Dragon 2
Song of the Sea
The Tale of the Princess Kaguya

හොඳම විදෙස් චිත්‍රපටය

Ida - පෝලන්තය
Leviathan
- රුසියාව
Tangerines
- එස්තෝනියාව
Timbuktu
- මොරිටානියා
Wild Tales
- ආජන්ටිනාව

හොඳම වාර්තා චිත්‍රපටය

Citizenfour
Finding Vivian Maier
Last Days in Vietnam
The Salt of the Earth
Virunga

හොඳම කෙටි චිත්‍රපටය

Crisis Hotline: Veterans Press 1
Joanna
Our Curse
The Reaper
White Earth
 

හොඳම සජීව ක්‍රියාදාම කෙටි චිත්‍රපටය

Aya
Boogaloo and Graham
Butter Lamp
Parvaneh
The Phone Call

හොඳම පරිඝණක කෙටි චිත්‍රපටය

The Bigger Picture
The Dam Keeper
Feast
Me and My Moulton
A Single Life

හොඳම සංගීතය

ඇලෙක්සැන්ඩර් ඩෙස්ප්ලෙට් - The Grand Budapest Hotel
ඇලෙක්සැන්ඩර් ඩෙස්ප්ලෙට් - The Imitation Game  
හානාස් සිමර් - Interstellar
ග්‍රේ යේර්ෂන් - Mr. Turner  
ජොහාන් ජොහැන්සන් - The Theory of Everything  

හොඳම ගීතය

"Everything Is Awesome" -
The Lego Movie -
"Glory" - Selma
"Grateful" - Beyond the Lights
"I'm Not Gonna Miss You" -
Glen Campbell: I'll Be Me
"Lost Stars" - Begin Again

හොඳම කැමරාකරණය

එමානුවෙල් ලුබෙස්කී - Birdman
රොබට් යෝමන් - The Grand Budapest Hotel  
ලූකස් සා, රේසාඩ් ලෙන්සෙව්ස්කි - Ida  
ඩික් පෝප් - Mr. Turner
රොජර් ඩේකින්ස් -  Unbroken

හොඳම සංස්කරණය

ජොඑල් කොක්ස්, ග්‍රේ ඩී. රොච් - American Sniper
සැන්ඩ්‍රා එඩියර් - Boyhood
බර්නි පිලින්ග් - The Grand Budapest Hotel
විලියම් ගෝල්ඩ්න්බර්ග් - The Imitation Game  
ටොම් ක්‍රොස් - Whiplash

හොඳම දෘෂ්ටි ප්‍රයෝග

Captain America: The Winter Soldier
Dawn of the Planet of the Apes
Guardians of the Galaxy
Interstellar
X-Men: Days of Future Past