|
|
මට කණගාටුයි සුදුස්සාට සුදුසු තැන නැත
- ජයන්ත අතපත්තු
එක්තරා කාලයකදී ජයන්ත අතපත්තු ස්වර්ණවාහිනී නාළිකාවේ වැඩ සටහන් රැසක්ම මෙහෙයවීය.
කෙටි මං කරපු වැඩසටහන් කිහිපයක්ම නතර වුණා. ළඟම උදාහරණය තමයි හත්දින්නත් තරු. ඔය අතරේ අලුත් අය නාළිකාවට එකතු වුණා. ඔවුන් වැඩි වශයෙන් වැඩසටහන් කරන්නට පටන් ගත්තා. ඔය වගේ කරුණු කාරණා නිසා මගේ නිවේදන කටයුතු සීමා වුණා. ඉස්සර නම් යාළුවෝ මට විහිළු කරනවා උඹ හරියට ස්වර්ණවාහිනියේ සංකේතය වගේ කියලා. ඇයි ඉතින් කොයි වෙලාවෙත් ස්වර්ණවාහිනියේ හිටියනේ. අද වෙන කොට ඔබ මෙහෙය වන්නේ එකම එක වැඩසටහනයි?
ඔව්. ඒක තමයි 2
හත්දින්නත් තරු නතර වුණේ ඇයි? ඒකට හේතු කිහිපයක්ම තියෙනවා. ස්වර්ණවාහිනියේ පරිපාලනයෙන් ගත්තු තීන්දුවක් මතයි හදිසියේම එයට නැවතීමේ තිත තබන්නට සිදු වුණේ. මේ වන විට හත්දින්නත් තරු වැඩසටහන් තුන්සියයකට අධික ප්‍රමාණයක් විකාශය වෙලා තියෙනවා. ලංකාවේ ඉන්න කලාකරුවන්ගෙන් සියයට අනූවක් පමණ මෙයට සහභාගි වුණා. ඇතැම් අය දෙපාර තුන් පාර ආව අවස්ථා තිබුණා. එකම අය නැවත දැකීම හින්දා ප්‍රේක්ෂකයන්ට වැඩසටහන එපා වෙයි කියලා එය නතර කරන්නට ඇති. හත්දින්නත් තරු නිසා ඔබත් බෙහෙවින් ජනප්‍රිය වෙලා හිටියා. එය නැවැත්වීම තුළින් ඔබට මොන වගේ බලපෑමක් ද සිදු වුණේ? මං එන්ටර්ටේන්මන්ට් නිවේදකයෙක්. ඒ වගේ කෙනෙකු ඔවැනි වැඩසටහනක් නැවැත්වීම තුළින් තමන්ගේ ප්‍රතිරූපයට යම් බලපෑමක් එනවා. නමුත් මං ස්වර්ණවාහිනිය නිත්‍ය සාමාජිකයෙක් හින්දා මට දැනෙන්න තරම් දෙයක් වුණේ නැහැ. හැබැයි මං එම වැඩසටහන විතරක් මෙහෙය වූවා නම් තරු පෙනේවි. කෙසේ වෙතත් හත්දින්නත් තරු වගේ ප්‍රේක්ෂකයින්ට දැනුණු වැඩසටහනක් නිමා වීම ගැන දුකයි. ජයන්ත අතපත්තු කියන්නේ එකතරා රාමුවක සිර වූ නිවේදකයෙක් නේද? ඒ කිව්වේ? ඔබ විසින්ම ඔබව දැන් හඳුන්වා දුන්නේ මම විනෝදාස්වාදය ගෙන එන වැඩසටහන්වල නිවේදකයෙක් කියලා? ඔව්. මං ගොඩක් මෙහෙය වූයේ එවැනි වැඩසටහන් තමයි. නිවේදකයකු වුණාම එහෙම එකම විදිහේ රාමුවක කොටුවෙන්න බැහැ. ඒ ගැනයි මං ඇහැව්වේ? මම පොහෝදා වැඩසටහන් පවා කළා. අන්න එතනදි මං ටිකක් වෙනස් වුණා. ඒ වුණාට ඔබේ සමකලීනයෝ ප්‍රවෘත්ති නිවේදනයට යොමු වුණා? මට ප්‍රවෘත්ති කියන්න බැහැ. ඒක වෙනමම කලාවක්. ප්‍රවෘත්ති කියන කොට සංයමයක් තියෙන්න ඕනෑ. ඒ වගේම එක එල්ලේ බලාගෙන ඉන්නත් ඕනෑ. මට ඒ දෙකම බැහැ. ටිකක් විසේට එනවුසිං කරන්නයි මං ආස. ඔබ ඉදිරිපත් කරන වැඩසටහන් දිහා බලන කොට පෙනෙන්නට තියෙන කරුණක් තමයි හරිම සැහැල්ලුවෙන් ඒවා මෙහෙයවන බව. කොහොමද එහෙම අනන්‍යතාවයක් හදා ගත්තේ?
මට මං අවංක වීම තමයි ඒකේ රහස. මං රිහසල් කරන්නේ නැහැ වැඩසටනක් ආරම්භ කරන්නට කලින්.
හිතට එන විදිහට එවලෙම වචන ටික හදාගන්නවා. ඔබ දැන් නිවේදනය කරන්නට ඇවිත් වසර කීයද? හරියටම අවුරුදු දහතුනයි. මේ කාලය අතරතුරදී ඔබ ලබා ගත් ජයග්‍රහණ ගැන සතුටු වෙනවාද? අනිවාර්යයෙන්ම. කොහේවත් ඉන්න කෙනෙක් අදින් වසර දහතුනකට කලින් නිවේදනයට ඇවිල්ලා කට්ට කාලා නමක් හදාගෙන තියෙනවා අද වෙන කොට. තවත් විදිහකිින් කිව්වොත් ජයන්ත අතපත්තු කියන්නේ දැන් පොඩි බ්‍රෑන්ඩි එකක්. මං එහෙම කියන්නේ නිහතමානී ආඩම්බරයකින්. මොකද මං අනුගමනය කරන අය මං දැකලා තියෙනවා. ඒ ගැන සතුටුයි. මං ස්වර්ණවාහිනියේ විධායක නිවේදකයෙක්. ඒ වගේම ජ්‍යෙෂ්ඨ නිෂ්පාදකවරයෙක්. මං විඳි දුක් ගැහැටවල ප්‍රතිඵල තමයි ඒවා. ඔබව බෙහෙවින් දැකගගන්න ලැබුණේ සජීවී වැඩසටහන්වලින්. ඒවා ඉදිරිපත් කරන කොට හොඳ හොඳ අත්දැකීම්වලට මුහුණපාන්න සිදුවෙනවා? මට පුංචි ලෙඩක් තියෙනවා. ඒ වැඩසටහනකට පැමිණි අයව හඳුන්වා දෙනකොට ඇතැම් අයගේ නම අමතක වීම. මං හිතන්නේ බහුතරයක නිවේදකයින්ට ඒ අසනීපය තියෙනවා. එහෙම වුණාම මං මොකද දන්නවද කරන්නේ 'හොඳට බලාගන්න, රුව දැක්ක ගමන් ඔබ හඳුනනවා මේ ඉන්නේ කවුද කියලා' යන වාක්‍ය ඛණ්ඩය කියන එක. එතකොට ඒ තැනැත්තාගේ සමීප රූපය කැමරාවට ගන්නවනේ. ඒ වෙලාවේ ඔහුගේ හෝ ඇයගේ නම මතක් කර ගන්නවා. හත්දින්නත් තරු වැඩසටහනකට අපි ගෙන්නුවා පැරැණි ගායකයින්ගේ පුතුන්. ඒ සෙට් එකේ හිටියා අමල් පෙරේරා, ජයන්ත රත්නායක ආදිය. කතා කරලා බේරෙන්න බැහැ. මාවත් කපලා දානවා. මං කළේ මං හිරවෙන තැන්වලදී ඔවුනට ඔවුන්ගේ තාත්තලව මතක් කරපු එක. එම වැඩසටහනටම තවත් දිනකදි එකතු වුණා හිටපු ඇමැති මර්වින් සිල්වා, කමල් අද්දරආරච්චි වගේ පිරිසක්. මං එදා හරිම බයෙන් වැඩසටහන කෙරුවේ. මොකද වචනයක් හරි වරදීවි කියලා. ඔබට ස්වර්ණවාහිනියෙන් ගෙවනවාට වඩා වැඩි මුදලක් දෙන්නම් කියලා වෙනත් චැනල් එකකින් ආරාධනා කළේ නැතිද? ඇරැයුම් ලැබුණා. මං ඒ ආයතනයකට ගියා නම් ජයන්ත අතපත්තු කියන නම ආයෙත් මුල ඉඳලා හදාගන්න වෙනවා. ඇත්තටම ඒකට විශාල කාලයක් යාවි. ඉතිං එහෙම බලනකොට මේ ඉන්න විදිය හොඳයි. කොහොමද ඔබේ රඟපෑමේ කටයුතු? මේ දවස්වල ආර්. සදේශ් කුමාර් සහ ශ්‍රීමතී සදේශ් කුමර්ගේ අලුත් චිත්‍රපටයේ රඟපානවා. චරිතෙ නම විකිදාසන්, හේමාල් රණසිංහගේ යාළුවා. චිත්‍රපටවල පොඩි චරිතයි මට පහුගිය කාලයේ ලැබුණේ. ඒත් හිරිපොද වැස්සෙන් පස්සේ හරියටම වසර දහයකින් නිරූපණය කරන ලොකු චරිතය තමයි විකිදාසන්. නිවේදනය කරන එක අඩු වුණත් ඔබව රංගනයෙන් වැඩිපුර දක්නට ලැබෙන්න පටන් ගත්තා. නිවේදකයකු විදිහට කාර්යබහුල වුණු හින්දා වෙන්න ඇති රංගනය මග හැරුණේ? නැහැ. මට ගොඩක් අවස්ථාවලදී රඟපාන්නට යොමු වෙන්නට නොහැකි වුණේ ආයතනයක ස්ථිරවම වැඩ කරන හින්දා. එතකොට එහි නීතිරිතිවලට යටත් වෙලා ඉන්න ඕනෙනේ. සමහර චරිත සඳහා ගිවිසුම් අත්සන් කෙරුවායින් පසුවත් යන්නට හැකි වුණේ නැහැ. ඒ මම ඉහත කියපු තත්ත්වය නිසා. ජයන්තගේ පවුලේ විස්තර කතා කරමු? මගේ බිරිය දුෂාන්ති අතපත්තු. අපිට දුවෙකුයි පුතෙකුයි ඉන්නවා. මොනවද අවසන් කොට කියන්න තියෙන්නේ? අපේ රටේ බොහෝ අවස්ථාවල සුදුස්සාට සුදුසු තැන ලැබෙන්නේ නැහැ. ඒ ගැන මං පුදුම කණාගාටුවකින් ඉන්නේ. |



යෙන් කිවවොත් ස්වර්ණවාහිනියේ වැඩිපුරම හිටියේ ජයන්තය. එහෙත් පසුකාලීන ඔහු
ඉදිරිපත් කළේ වැඩ සටහන් එකක් හෝ දෙකක්ය. වර්තමානය වන විට ජයන්ත මෙහෙය වන්නේ එකම එක
වැඩසටහනක් පමණි. මේ කතාවට මුල පුරන්නට සුදුසුම තැන එතනය. ජයන්ත එයට පිළිතුරු
බඳිමින් මෙසේ හඬ අවදි කළේය.
යි 2 ක. සඳුදා දහවල් 2 ට එය විකාශය වෙනවා.