|
|
බදුල්ලේ සිට නියඟයට පසු ඇසේ
විශාරද සරත් පීරිස්ගේ ගී තනු නිර්මාණ හා සංගීත නිර්මාණ ඇතුළත් 'නියඟයට පසු' සංයුක්ත
තැටිය හා ප්‍රසංගය මේ මස 27 වැනිදා පස්වරු 6.00 ට බදුල්ලේ සයිමන් පීරිස් අනුස්මරණ
ශාලාවේදී එළිදැක්වීමට නියමිතය. වසර පහළොවක් වන සිය සංගීත දිවියේ අස්වැන්න නෙළන සරත්
ගායන ශිල්පියෙක් වශයෙන් මේ සංයුක්ත තැටියට ගීත රචනයෙන් ජයවීර බණ්ඩාර, තිලකසිරි ඒකනායක, බෝගන බෝකන්ද, ජයන්ත ජෝතියරත්න, බී. එච්. ගුණරත්න, චන්දිමාල් ලියනආරච්චි, උත්‍රා කුමාරි, සුහර්ෂනී ධර්මරත්න, පද්මිණී ශ්‍රියාලතා යන ශිල්පීන් ශිල්පිනියන් දායක වී තිබේ. බදුල්ල මධ්‍ය මහා විද්‍යාලයේ මූලික අධ්‍යාපනය හැදෑරූ සරත් පීරිස් පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඇතුළත්ව භෞතික විද්‍යාව පිළිබඳ උපාධිය හැදෑරුවෙකි. මේ වන විටත් රංගිරි ශ්‍රී ලංකා ගුවන් විදුලි සේවයෙන් බොහෝ ශ්‍රාවක ප්‍රතිචාර ලැබූ 'නියඟයට පසු' ගීතයේ නමින් මේ සංගත තැටිය නම් කර තිබීම ද විශේෂත්වයකි. |



ඔහු ද ඇතුළුව අමරසිරි පීරිස්, නෙලූ අධිකාරි, ශානිකා
සුමනසේකර, ළමා ගායක ජයොද්‍ය සචිත් සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ කලා
කවයේ ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ගායනයෙන් එදිනට ප්‍රසංගය සඳහා සහභාගි වෙති. ආරාධිත ගායන
ශිල්පීන් ශිල්පිනියන් ලෙස මහාචාර්ය සංගීත නිපුන් සනත් නන්දසිරි, මල්කාන්ති
නන්දසිරි, අනුරාධා නන්දසිරි සහ හර්ෂන දිසානායක යන ශිල්පීන් හා ශිල්පිනියන් සහභාගි
වන මේ අවස්ථාවේ විශේෂ දෙසුම් පවත් වන්නේ ගීත රචක රවී සිරිවර්ධන හා සංගීතවේදී දර්ශන
රුවන් දිසානායක යන මහත්වරුයි.