|
|
ඒ. ආර්. රහ්මාන් තිරකතා රචනයට...
ඒ. ආර් රහ්මාන් වර්තමානයේ ඉන්දියාවේ පමණක් නොව ලොව පුරා රසික රසිකාවන්ගේ ආදරයට
පාත්‍ර වූ ප්‍රතිභාපූර්ණ සංගීතඥයෙක්. එකවර ඔස්කාර් සම්මාන දෙකකට හිමිකම් ලද ඔහු ගැන
දැන් අසන්නට ලැබෙන කතාව නම් තරමක් වෙනස් වූ එකක්. මෙතුවක් කල් සංගීත අංශයෙන් තම
හැකියාවන් දැක් වූ මේ අපූරු සංගීතඥයා දැන් සිනමා ක්ෂේත්‍රයේ තවත් අංශයකට යොමු වෙලා.
බොහෝ දෙනෙකු දැඩි ආසාවකින් බලාපොරොත්තු වුණේ ඔහු අධ්‍යක්ෂණය කළ චිත්‍රපටයක් නැරඹීමටයි. ඒ වුණත් ඔබට නුදුරු අනාගතයේදී නරඹන්න අවස්ථාව ලැබෙන්නේ, සංගීත අධ්‍යක්ෂණයට අමතරව රහ්මාන් තිර රචනය කළ චිත්‍රපටයක්. ඔහු මේ දිනවල මේ අලුත් චිත්‍රපටයේ තිර රචනය ලියමිනුයි සිටින්නේ. තිර රචනයට අමතරව ඒ සඳහා සම නිෂ්පාදනයෙන් දායක වෙන්නේත් ඔහුයි. ඒ. ආර්. රහ්මාන් පසුගිය දවස්වල ගොඩක් කාර්යබහුල වෙලා සිටියේ, ඔහු සංගීත අධ්‍යක්ෂණය කළ I චිත්‍රපටයේ ප්‍රචාරණ කටයුතු සමගිනුයි. I චිත්‍රපටයත් මේ දිනවල ලොවපුරා සාර්ථකව තිරගත වෙනවා. ශංකර් අධ්‍යක්ෂණය කළ I චිත්‍රපටයේ ප්‍රධාන චරිතය නිරූපණය කරන්නේ ජනප්‍රිය නළු වික්‍රම් විසින්. ඔහු සමගින් ඇමී ජැක්සන් සහ උපේන් පටේල් ද මේ සඳහා රංගනයෙන් දායක වෙනවා. රහ්මාන් මෙම චිත්‍රපටයට සංගීතය සැපයීමට ලැබීම ගැන විශාල සතුටකින් පසුවෙන්නේ. “ශංකර් මට මේ චිත්‍රපටයේ කතාව කිව්වේ මීට අවුරුදු පහළොවකට කලින්. ඔහු එදා සිටම මේ චිත්‍රපටය හැදුවා. ඒ සඳහා මටත් ආරාධනා කිරීම විශාල සතුටක්.” රහමාන් පවසනවා.
|



