වෙන් වූ අය එක්වෙලා...
වෙන් වූ අය එක්වෙලා...
මේ කාලය වෙන් වුණු අය යළි හමු වී මෙතෙක් පැවති හිත නොහොඳකම් ඉවත ලා මිත්‍රත්වය
සුහදත්වය ඇති වන කාලයක් බවට පත් වෙලා. මේ විදියට ආයෙමත් සුහදත්වයෙන් හමු වෙන්නේ
ෂහීඩ් – කරීනා. තෙවසරක් පුරා පැවති ෂහිඩ් – කරීනා ප්‍රේම කතාව බිඳ වැටුනේ 2007
වසරේදීයි. 2012 වසරේදී කරීනා සයිෆ් අලී ඛාන් සමගින් විවාහ දිවියට එළැඹුණා.
මේ දක්වාම දෙදෙනා හමු නොවුනත් නුදුරේදී යළි හමු වී එක්ව වැඩ කිරීමට සූදානම් වී
සිටිනවා. ඒ අභිෂේක් චෞද්‍රගේ උඤබච ර්‍ථභදණචඡ චිත්‍රපටයෙන්. ඒ වුණත් මේ කතාවේ
ෂහිඩ්ගේ පෙම්වතිය වෙන්නේ නම් කරීනා නෙවෙයි. ඇය ආලීයා භාත්. කරීනා එහි වෙනස්
චරිතයකින් ෂහීඩ් සමග රංගනයට එක් වෙන්න නියමිතයි. ෂහිඩ් කරීනා අවසන්වරට එකට රඟපෑවේ
බ්චඡ එඥ ථඥබ චිත්‍රපටයේ.
|