බොක්ස් ඔෆිස් ආතතිය...
බොක්ස් ඔෆිස් ආතතිය...
දීපිකා පදුකෝන් පසුගිය කාලයේ බොලිවුඩයේ පමණක් නොව ලොව පුරා අතිශය ජනප්‍රියත්වයක්
දිනා ගත් බොලිවුඩ් තරුවක් බවට පත් වුණා. ඒ වුණත් ඇයට පසුගිය කාලයේ ඒ සතුට නියම
ආකාරයෙන් විඳ ගන්න නම් හැකි වෙලා නැහැ. එය අසන ඔබ අනිවාර්යයෙන්ම මවිතයට පත්වනු
නොඅනුමානයි. පසුගිය වසර දෙකක තුළ බොක්ස් ඔෆිස් වාර්තා තුළ සිටී නිළියකට එය එසේ විය
හැකිද? ඔබ විමසනු ඇති.
ඒ වුණත් පසුගිය කාලයම ඇය ගත කරලා තියෙන්නේ මානසික ආතතියෙන්.
Happy New Year
චිත්‍රපටයේ රංගනයට දායකවන කාලයේත් ඇය මෙලෙස මානසික ආතතියෙන් පෙළුණු බව ඇය සඳහන්
කරනවා. අධික කාර්යබහුලත්වය මේ තත්ත්වයට හේතු වන්නට ඇති බවත් මුලදී ඇය පවසා සිටිනවා.
“ඒක කියන්නත් ලැජ්ජයි. මානසික ආතතිය තියෙන කොට ජීවිතයේ කිසිම සතුටක් නැහැ. කිසිම
වැඩක සාර්ථකත්වයක් දැනෙන්නේ නැහැ.” දීපිකා පවසනවා. පවුලේ වෛද්‍යවරයාගේ මඟ පෙන්වීම
අනුව මානසික වෛද්‍යවරයෙකුගේ ප්‍රතිකාර ලබා ගත්තා.
දැන් ඇය පවසන්නේ තම ජීවිතයේ වටිනාකම ඉහළින්ම දැනෙන බවයි. “ආතතිය තියෙන බව පිළිගෙන
ප්‍රකාශ කිරීම මගේ හිතට දැනෙන්නේ පුදුමාකාර නිදහසක්.” ඇය සඳහන් කරන්නේ දැඩි
ප්‍රීතියකින්. ඒ වගේම ලෝක සෞඛ්‍ය සංවිධානයේ මානසික සුවතාවය වෙනුවෙන් වූ අංශයේ
කටයුතු කරන්නත් ඇය බැඳී සිටිනවා.
|