නිරෝෂාගේ විවාහයේ ඇති තතු
නිරෝෂාගේ
විවාහයේ ඇති තතු
“දඟකාර නිරෝෂා පෙරේරා හදිසියේම විවාහ වෙලා
ජපානයට යනවා”
“දඟකාර නිරෝෂා පෙරේරා හදිසියේම විවාහ වෙලා ජපානයට යනවා”
‘සරසවිය’ට දුරකථන ඇමතුමක් පැමිණියේ හදිසියේම වගේ. ඇගේ විවාහ උත්සවයට සහභාගි වෙන්න
අපි ගියේ කොළඹ ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලය සොයා ගෙන. උඩරට මනාලියක් ලෙස සැරසී සිටිය
ඇගේ උවනේ ගැබ්වෙලා තිබුණේ බොහොම සන්සුන් පෙනුමක්.
නෑදෑ පිරිවර ඇතුළු ක්ෂේත්‍රයේ
බොහෝ දෙනෙක් සහභාගි වීමට නියමිත බව දන්න මේ මංගල්‍යයේ දී අපි බලාපොරොත්තු වුණේ
විශාල පිරිසක්. ඒත් ඒ සෙනඟ කොහොම වෙතත් ඈ සිටියේ තනිවම. අපිට හිතුණේ ඈ හිතුවක්කාර
තීරණයක් ගත්තා කියලා. මේ විදියට ඇගේ අත ගත්තේ ලංකාවේ තරුණයෙක් නම් නොවෙයි. ඔහු ජපන්
ජාතිකයෙක් වගේම නළුවෙක් වුණු ජුන් ඉතෝ. මසායා සංගේ චරිතය රඟපාන ජුං ඉතෝ ළඟටම වෙලා
බොහොම අවිහිංසක විදියට ඉන්න නිරෝෂා අපට අහිංසක සිනහවක් පෑවා.
“මේක තමයි මගේ අලුත්ම රඟපෑම. මම මසායා සමඟ විවාහ වුණා”.
ඈ කිව්වේ සුපුරුදු විදිහට දඟකාර සිනහවක් මුවඟට නඟාගෙන. අශෝක අතාවුදහෙට්ටි අධක්‍ෂණය
කරන ‘කන්දක් සේමා’ චිත්‍රපටයේ ‘නූපා’ තමයි ඈ. ජපන් මිනිසකුගේ මනාලිය වී තම මවුබිමට
සමුදෙන නූපා නම් ශ්‍රී ලාංකික යුවතියගේ චරිතයට පණ පොවන නිරෝෂා අද විවාහ වුණේ කැමරාව
ඉදිරිපිට වග අප දැන ගත්තේ ඇගේ මේ කතාවෙන්. කන්දක් සේමා කියන්නේ සුමිත්‍රා රාහුබද්ධ
ගේ තිර රචනයක්. මේ තිර රචනය ජපන් බසට පරිවර්තනය කරන්නේ ජපානයේ කොනෝ මිත්සු නම්
මහාචාර්යවරයා. එහි එන සෝරා සංගෙ චරිතයට පණ පොවන්නෙ මීට කාලයකට ඉහත දි තරුණ ඔෂීන්
ලෙසින් ඔබ හමුවට පැමිණිය කොබයාසී අයාකෝ.

පසුපිට ඡායාරූපය - මිෂා ගුණවර්ධන
තිලානි ශානිකා විතානාච්චි
ඡායාරූප - චින්තක කුමාරසිංහ
|