මම අධ්‍යක්ෂවරයාගේ හීන සැබෑකරන නිෂ්පාදකයෙක් නෙවේ
මම අධ්‍යක්ෂවරයාගේ
හීන සැබෑකරන
නිෂ්පාදකයෙක් නෙවේ
‘අපේ යාළු මාළු’
සමඟින් නැවත නිෂ්පාදනයට පිවිසෙන
ජනිත මාරසිංහ කියයි
මෙරට සිනමා ප්‍රේක්ෂකයන්, ජනිත මාරසිංහ හඳුනා ගන්නේ චිත්‍රපට නිෂ්පාදකයකු ලෙසිනි.
'මගෝඩි ගොඩයි', 'කිව්වද නහී නොකිිව්වද නහී' වැනි විනෝදාත්මක චිත්‍රපට නිෂ්පාදනය
කරමින් ප්‍රේක්ෂක ප්‍රසාදය හිමි කර ගත් ඔහු 'රන් කෙවිට - 01', 'රන් කෙවිට - 02',
'කුස පබා' චිත්‍රපටවලට ද නිෂ්පාදනයෙන් දායක විය.
'අපේ යාළු මාළු' ඔහු නිෂ්පාදනය කළ නවතම චිත්‍රපටයයි. එය ඛ්ඡ්ඹ් සහ රිද්ම මණ්ඩලයේ
සිනමාහල්වල අද සිට ප්‍රදර්ශනයට නියමිතය.
ජනිත අප හා මෙසේ සංවාදයකට එක් වන්නේ එය නිමිත්තක් කර ගනිමිනි.
* 'අපේ යාළු මාළු' ළමා චිත්‍රපටයක්?
ඔව්. මේක ළමයින් වෙනුවෙන්ම හදපු චිත්‍රපටයක්. සමාජයෙන් හුදෙකලා වී සිටින ළමයකු
වටායි මේ චිත්‍රපටය ගෙතී තිබෙන්නේ. ඔහු සම වයසේ ළමයි දෙන්නෙක් එක්ක මුහුදු වෙරළට
සෙල්ලම් කරන්න යනවා. එතනදි මෙයාලට හමු වෙනවා ඩොල්ෆින් මාළුවෙක්. අර ළමයයි' ඩොල්ෆින්
මාළුවයි අතර තිබෙන මිත්‍රත්වය ගැන තමයි චිිත්‍රපටයෙන් කියැවෙන්නේ.
* අපේ දූ දරුවන්ට මෙය නැවුම් අත්දැකීමක් වේවි?
අපි මේ චිත්‍රපටයේ රූගත කිරීම් සිදු කළේ තායිලන්තයේදී. පුරුදු පුහුණු කළ ඩොල්ෆින්
මාළුවෝ එක්ක තමයි අපි ඒ දර්ශන රූගත කළේ. අපි මෙහි ඇතැම් දර්ශන සඳහා පරිගණක
තාක්ෂණයත් භාවිතා කළා. අලුතින් පොඩි දරුවෝ කීප දෙනෙක්ම මේකෙ රඟපානවා. නෙතුම් සේමිත
මාරසිංහ, කවීෂා දෙව්මිණි කැටකුඹුර එතතොට පංකජ සංජීව් කියලා පොඩි දරුවෝ තුන් දෙනෙක්.
ඇත්තටම සිංහල සිනමාවේ ඩොල්ෆින් මාළුවෙක් යොදාගෙන මේ විදිහේ චිත්‍රපටයක් කරන්නේ පළමු
වතාවට.
* සෙසු චරිත සඳහා දායක වන නළු නිළියන්?
චාන්දනී සෙනෙවිරත්න, පියුමි බොතේජු, චිලී තිවංක, ඩී. බී. ගංගොඩතැන්න, දෙනුවන්
සේනාධි, ජීවන් හඳුන්නෙත්ති, සරත් චන්ද්‍රසිරි ඇතුළු නළු නිළි පිරිසක් මෙයට රංගනයෙන්
දායක වෙනවා. කතාව, දෙබස් තිර රචනය හා රූපගත කිරීම් අධ්‍යක්ෂණය ලාල් ප්‍රියදේවගේ.
සුදේශ් වසන්ත පීරිස් කාර්මික අධ්‍යක්ෂණයෙන් මේ චිත්‍රපටයට දායක වුණා.
* ඇයි ළමුන් සඳහා චිත්‍රපටයක් නිෂ්පාදනය කරන්නට ඔබ කල්පනා කළේ?
ඇත්තටම මම කළිනුත් ළමා චිත්‍රපටවලට නිෂ්පාදනයෙන් දායක වෙලා තියෙනවා. 'රන් කෙවිට
01', 'රන් කෙවිට 02' තමයි ඒ චිත්‍රපට. ඒ වගේම විනෝදාත්මක, හාස්‍යය කැටි කරගත්
චිත්‍රපට හැදුවා. ඒ එක්කම 'කුස පබා' චිත්‍රපටයටත් මම නිෂ්පාදනයෙන් දායක වුණා. ඒක
ජාතක කතාවක් ඇසුරෙන් තැනුණ දැවැන්ත චිත්‍රපටයක්. දැන් මගේ එන්න තිබෙන 'ඇඩ්‍රස් නෑ'
වෙනස්ම තේමාවකින් යුත් චිත්‍රපටයක්. ජැක්සන් ඇන්තනි ඒ චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ.
* චිත්‍රපටයක් ප්‍රදර්ශනය කිරීම අද එක්තරා විදිහක අභියෝගාත්මක කාර්යයක්.
නිෂ්පාදකවරයා විදිහට කොහොමද ඒ සඳහා ඔබේ සූදානම?
අඩු පිරිවැයකින් තැනූ චිත්‍රපටයක් වුණත්, එහෙම නැතිනම් හයි බජට් ෆිල්ම් එකක් වුණත්
ඒ ඒ චිත්‍රපටයට අදාල ගැටලු ඒවාට තියෙනවා. දැන් මගේ 'අපේ යාළු මාළු' චිත්‍රපටය
ඩිජිටල් තාක්ෂණය යොදා ගනිමින් shoot කළේ. එය ඩිජිටල් සිනමා පැකේජ්
(D. C. P.)
කියන ක්‍රමයට ප්‍රදර්ශනය කරන්න සූදානමින් හිටියේ. නමුත් ඉතින් ඒ ක්‍රමයට අපට
පෙන්නන්න වෙන්නේ ලංකාවේ ඩචතත හතරක විතරයි. මොකද අනෙක් ඒවා පෙන්වන්න වෙන්නේ 35 ථ. ථ.
කොපීස්වලින්.
* D. C. P තාක්ෂණය යටතේ ඔබේ චිත්‍රපටය ප්‍රදර්ශනය කළ හැකි සිනමාහල් මොනවාද?
රීගල් - කොළඹ, මිලානෝ - කෑගල්ල, ඩොන් ප්ලාසා - කළුතර සහ මේ දවස්වල සූදානම් කෙරෙමින්
පවතිනවා එන්. අයි. ටී. කුරුණෑගල. සමහර විට පළමුවැනි දවසේ මට එන්. අයි. ටී. කුරුණෑගල
චිත්‍රපටය පෙන්වන්න බැරි වෙයි. මොකද මේ වෙන කොටත් එය අදාළ තාක්ෂණික කටයුතුවලට
පරිවර්තනය වෙමිනුයි තියෙන්නේ. ඉතින් කොහොම නමුත් ඔය ශාලා හතරේම ච්. ඛ්. ර්‍ථ
තාක්ෂණයට හැරවීමේ කාර්යය සිදු කළේ ශාලා හිමියන්මයි. අදාල ප්‍රදර්ශන මණ්ඩලයෙන්වත්,
රජයෙන්වත් ඔවුන්ට අනුග්‍රහයක්, ආධාරයක් ලැබුණේ නැහැ. මෙය මුළුමනින්ම සිදු කරන්නේ
ඔවුන්ගේ පෞද්ගලික ධනයෙන්.
* නමුත් එහෙම අනුග්‍රහයක් ලැබිය යුතුයි නේද?
අනිවාර්යයෙන්ම. නැතිනම් මේක කරගෙන යන්න අමාරුයි. එහෙම අනුග්‍රහය ලැබිලා හැම
චිත්‍රපට ශාලාවක්ම එක විදිහට මේ අලුත් තාක්ෂණයට හැරෙනවා නම් නිෂ්පාදකවරයාටත් ඒ ලාබේ
ලැබෙනවා. ඒ වගේම ප්‍රදර්ශකයාටත් ලාබය ලැබෙනවා. ඒ වගේම ප්‍රේක්ෂකයාටත් පැහැදිලි
දර්ශන සහිත හොඳ චිත්‍රපටයක් නරඹන්න පුළුවන්.
* නිෂ්පාදන පිරිවැය පවා අඩු වෙනවා?
දැන් පිටපත් මුද්‍රණය සඳහා යන මුදල සම්පූර්ණයෙන්ම අඩු වෙනවානේ. එහෙම
Prints Cost එක අඩුවීම නිෂ්පාදකට විශාල වාසියක්. ඒ වාසිය සිනමා ශාලා හිමියාටත් තියෙනවා.
සමහර චිත්‍රපට ශලාවල හතර පස් දෙනෙක් නැතිනම් හය දෙනෙක් සේවය කරනවා මම දැකලා
තියෙනවා. ඉතින් මේ D. C. P වලට කන්වර්ට් කළාම සේවකයෝ තුන් දෙනාට ඒ පිරිස අඩු
කර ගන්න පුළුවන්.
* කොහොම වුණත් කිසියම් අවදානමක් දරාගෙන තමයි චිත්‍රපටයක් අපේ රටේ නිෂ්පාදනය කරන්න
වෙන්නේ?
ඇත්තටම මෙහෙමයි. යම්කිසි චිත්‍රපටයක් අසාර්ථක වුණොත් මම එහි වරද ප්‍රේක්ෂකයා පිට
පටවන්නේ නෑ. සාර්ථක වුණ චිත්‍රපට දිහා අපි හැරිලා බැලුවොත් ඒවා සාර්ථක වෙන්නට බලපෑ
හේතු කාරණ තිබුණා. චිත්‍රපටයක් අසාර්ථක වුණා නම් ඒකේ යම් යම් අඩු පාඩු තිබුණා.
ප්‍රේක්ෂකයාට ඒක ඇල්ලුවේ නෑ. එක්කෝ ඒක සම්මාන ගන්න හදපු චිත්‍රපටයක්. අපි හොඳ
දෙයක් ප්‍රේක්ෂකයන්ට දෙන්නත් ඕනෑ නම් ආවාට ගියාට මුදල් වියදම් කරලා බෑ. ලාභයක්
ලබන්නත් ඕනෑ. චිත්‍රපටයක් දලා අයියෝ මේක දුවන්නේ නෑ කියන එක උත්තරයක් නෙවේ.
* නමුත් හොඳ යැයි සම්මත චිත්‍රපට පවා ප්‍රේක්ෂක අවධානයෙන් ගිළිහුණ අවස්ථා අප දැක
තිබෙනවා?
හොඳ චිත්‍රපටයක් වෙන්න පුළුවන්. ඒත් ප්‍රේක්ෂකයන් අකැමැති වෙන්න පුළුවන් ඒකට. අපි
කියමුකෝ ඔ කියලා චිත්‍රපටයක් තියෙනවා. මේක සම්මාන ලබනවා. හැමෝම හොඳයි කියනවා.
විචාරකයෝ අගය කරනවා කියලා. නමුත් ප්‍රේක්ෂකයාට ආකර්ෂණය වෙන දෙයක් එතැන නැතිනම්
චිත්‍රපටය විකුණන්න අමාරුයි. ඒ නිසා ප්‍රේක්ෂක රුචි අරුචිකම් තේරුම් අරගෙන චිත්‍රපට
සෑදිය යුතුයි කියන මතයේයි මම ඉන්නේ.
* ඒ කියන්නේ සරල, විනෝදාත්මක චිත්‍රපටවලට වැඩි කැමැත්තක් දක්වන ප්‍රේක්ෂක පිරිසක් ද
අපට ඉන්නේ?
නැහැ. මම එහෙමම කියන්නේ නෑ. විනෝදාත්මක චිත්‍රපට කියලා චොකා බයිලා පෙන්නුවට
ප්‍රේක්ෂකයෝ ඒවා වැළඳ ගත්තේ නෑ. ඒ කියන්නේ කොමර්ෂල් ෆිල්ම්ස් කිව්වට ඒ හැම එකක්
සාර්ථක වෙන්නේ නෑ. මේක නිකං සූදුවක් වගේ.
* චිත්‍රපටයක් ආදායම් අතින් සාර්ථක වෙන්න මම හිතන්නේ නිෂ්පාදකගේ වාසනාවක් තිබිය
යුතුයි?
සමහර විට වෙන්න පුළුවන්. අපි මෙහෙම කියමුකෝ. හොඳ චිත්‍රපටයක් හදලා ඒක නරක මණ්ඩලයක
දැම්මා කියලා චිත්‍රපටය දුවන්නේ නැතුව තියෙන්නේ නෑ. ඒ කියන්නේ ආකර්ෂණීය චිත්‍රපටයක්
හදලා ආකර්ෂණීය නැති මණ්ඩලයක චිත්‍රපටය දැම්මා කියලා ඒවා නොදුවා තියෙන්නේ නෑ. ඒ වගේම
තමයි අසාර්ථක චිත්‍රපටයක් හොඳ මණ්ඩලයක දැම්මා කියලා ඒක දුවන්නෙත් නැහැ.
* කොහොම වුණත් ඇතැම් ප්‍රදර්ශන මණ්ඩල විසින් කිසියම් ඒකාධිකාරයක් පවත්වාගෙන යනවා
නේද?
ඔව්. තමන් ප්‍රදර්ශනය කරන චිත්‍රපටය තීරණය කරන්නේ ඒ මණ්ඩලය විසින්.
* නිෂ්පාදකවරයාට අසාධාරණයක් වෙනවාද එයින්. පෞද්ගලිකව ඔබේ පැත්තෙන් විග්‍රහ කළොත්?
මම කියන්නේ මෙහෙමයි. බෙදා හැරීම පෞද්ගලීකරණය කරලානේ තියෙන්නේ. අපට ඒ නිසා ප්‍රදර්ශන
මණ්ඩල හිමිියන් එක්ක තර්ක කරන්න බෑ. ඒ අය කරන්නේ ව්‍යාපාරයක්. ඒ අයට කැමැති දේ තමයි
එයාලා කරන්නේ. නැතිව අපි චිත්‍රපටයක් හැදුවා කියලා ඒක ගන්න එයාල බැඳිලා නැහැ. මොකද
ප්‍රයිවටයිස් කරලා ඉවරයි. එතකොට තමන්ගේ සර්කිට් එකට අදාල සිනමා ශාලා නවීකරණය කරලා
ඒවා පවත්වාගෙන යන්නේ ඒ අයගේ වියදමින්. ඉතින් මේ චිත්‍රපටය අනිවාර්යයෙන්ම පෙන්නන්න
කියලා අපට බලපෑමක් කරන්න බෑ. ඒක එයාලගේ අයිතිය.
* එයින් නිෂ්පදකයාට යම් අසාධාරණයක් සිදු වෙනවා නේද?
එහෙම වෙන්නත් පුළුවන්. මම මේ ක්‍රමය හොඳයි කියනවා නෙවේ. ඒත් ඒකට දොස් කියන්නෙත් නෑ
මම. කොහොම වුණත් මේ සිස්ටම් එක ඇතුළේ තමයි සියල්ල සිදු වෙන්නේ.
* ඔබ නිෂ්පාදනය කළ හා නිෂ්පාදනයෙන් දායක වූ චිත්‍රපට සියල්ලම වගේ සාර්ථක වුණා?
දැනට නම් අසාර්ථක වෙලා නෑ. මේක ඔළුවෙන් කරන්න ඕනෑ වැඩක්. නිෂ්පාදකයෙකු විදිහට මටත්
ගොඩක් යෝජනා එනවා. මටත් ක්ලික් වෙන ඒවා තමයි මම තෝරා ගන්නේ. මේක ක්ලික් වෙයි කියලා
හැඟෙන පොඩි සෙන්ස් එකක් නිෂ්පාදකයාට තියෙන්න ඕනෑ.
* ඔබ ව්‍යාපාරිකයෙක්. නිෂ්පාදන ක්‍රියාවලියේදී ඔබේ පිළිවෙත කුමක්ද?
මම විසින් නිෂ්පාදනය කළ චිත්‍රපට තුනම මගේ යෝජනාවලට අනුවයි නිර්මාණය වුණේ. කතා
රචකයා වෙනයි. අධ්‍යක්ෂවරයා තව කෙනෙක්. එතෙන්දි මට අවශ්‍ය විදිහට කතාව පොලිෂ් කරලා,
අඩු ලුහුඬු තැන් හදාගෙන, කපලා කොටලා, යම් යම් දේ එකතු කරලා තමයි වැඩේට අත ගහන්නේ.
* ඒ කියන්නේ ඔබ අධ්‍යක්ෂවරයාට යම් විදිහකට බලපෑම් කරන නිෂ්පාදකවරයෙක්?
මම අකැමැති දෙයක් මම කරන්නේ නැහැ. දැන් කියමුකෝ කවුරු හරි කිව්වොත් මේ විදිහට,
මෙහෙම කරමු කියලා සමහර වෙලාවල් තියෙනවා, එහෙනම් ඔයාම කරගන්න කියලා අයින් වුණ
වෙලාවල්. අධ්‍යක්ෂවරයා කියලා එයාගේ හීනය මම හැබෑ කරලා හරියන්නේ නෑනේ. මගේ පාට් එකත්
තියෙනවානේ. මම මට වගකියන්න ඕනෑ. මම ආයෝජනය කරන හැම සතයක්ම හොයා ගන්න ඕනෑ. නැතිනම්
මම ඒ අර අසාර්ථක නිෂ්පාදකයන්ගේ ගොන්නට වැටෙයි.
* 'මගේ යාළු මාළු' පිටපත් කොපමණ ප්‍රමාණයක් ඔබ මුදා හරිනවාද?
පිටපත් තිස් දෙකක් වගේ ප්‍රදර්ශනය කරනවා. තවත් තරගකාරී චිත්‍රපටයක් ඇවිත් තියෙනවා
'මහරජ ගැමුණු'. එක ළඟ දවස් දෙකක තමයි ප්‍රදර්ශනය අරඹන්නේ. එය ලොකු පිරිවැයක් දරා
හදපු චිත්‍රපටයක් සහ ඒක ලොකු මාකටින් කැම්පේන් එකක් එක්ක යන චිත්‍රපටයක්. මම ඒකත්
එක්ක තරග කරනවා නෙවෙයි. මගේ චිත්‍රපටය වෙන එකක්. එය ළමයින් වෙනුවෙන් හදපු
චිත්‍රපටයක්.
* 'මහරජ ගැමුණු' වගේ දැවැන්ත චිත්‍රපටයක් සමඟ තරග වදින්නට සිදුවීම ඔබට අභියෝගයක්
නෙවෙයිද?
මගේ චිත්‍රපටය හොඳ චිත්‍රපටයක්. ඇත්තෙන්ම මගේ ප්‍රොඩක්ට් එක ගැන මගේ ඩවුට් එකක් නෑ
කියන්නේ මම අරකත් එක්ක හැප්පෙන්න යනවා නෙවෙයි. නමුත් චිත්‍රපටය ප්‍රදර්ශනයට මට
ලැබුන අවස්ථාව මේක. මම හිතන්නේ ප්‍රේක්ෂකයා තෝරා ගනියි. රජ කතා බලන පිරිස ඒක බලයි.
දරුවන් එක්ක ඇවිත් මුළු පවුලටම රස විඳින්න පුළුවන්, ආදර්ශවත් චිත්‍රපටයක් බලන්න
කැමැති අය මගේ චිත්‍රපටය බලයි. සමහර වට ප්‍රේක්ෂකයෝ මේ චිත්‍රපට දෙකම බලන්න
පුළුවන්.
* 'අපේ යාළු මාළු' සැබෑ ළමා චිත්‍රපටයක්ය කියන සහතිකය ඔබට දෙන්න පුළුවන්ද?
ඇත්තෙන්ම. එය අනිවාර්යයෙන්ම කළ හැකි දෙයක්. මේ චිත්‍රපටය නරඹලා ඔබම එය තීරණය කරන්න.
ඒ සඳහා ඔබ ඇතුළු මාධ්‍යවේදීන්ටත් මම ගෞරවයෙන් ආරාධන කරනවා.
සංවාදය -
අසංක දේවමිත්ර පෙරේරා
|