|
|
අමිතාබ් - ධනුෂ් “ශමිතාබ්” සමඟ...
ධනුෂ් කොලිවුඩයේ මෙන්ම බොලිවුඩයේත් ජනප්‍රිය වූ රංගන තරුවක්. ‘වයි දිස් කොලවරි’
ගීතය සමගින් පසුගිය කාලයේ ඔහුගේ ජනප්‍රියත්වය ලොවපුරා පැතිර ගියා. බොලිවු අමිතාබ්ගේ චිත්‍රපට නැරඹීම ධනුෂ්ගේ විනෝදාංශයක්. ‘ශෝලේ’ සහ ‘දීවාල්’ අමිතාබ් රඟපෑ චිත්‍රපට අතුරින් වඩාත් ප්‍රිය කරන චිත්‍රපටයන්ය. ඒ වුණත් අමිතාබ් රඟපෑ චිත්‍රපටවල නව නිෂ්පාදනයන්හි අමිතාබ්ගේ චරිත නිරූපණයට නම් ධනුෂ්හට බලාපොරොත්තුවක් නැහැ. “ඒ වෙනුවෙන් මම තවම සුදුසුකම් ලබලා නැහැ.” ඔහු පවසනවා. අමිතාබ් බච්චන් බොලිවුඩයේ රජ වෙන විටදී කොලිවුඩයේ අභිෂේක ලබන රැජිනිකාන්ගේ බෑණන්ඩිය වූ ධනුෂ් හට අමිතාබ් සමග රංඟනයට අවස්ථාවක් ලැබෙන්නේ ඒ ආර්. බාලක්‍රිෂ්ණන් අධ්‍යක්ෂණය කරන ‘ශමිතාබ්’ චිත්‍රපටයෙන්. පසුගිය කාලයේ ධනුෂ් වැඩි කාලයක් වෙන්කළේ හින්දි භාෂාව ඉගෙනීම වෙනුවෙන්. ඔහු ඒ සඳහා උපකාරක පංතිවලටත් සහභාගි වෙලා. ධනුෂ් දැන් නිරතරම පවුලේ ඥාතීන් සහ තම මිතුරන් සමගින් හින්දි භාෂාවෙන් කතාබහ කරන්නත් පටන් අරන්. කොලිවුඩයේ රඟපෑ ඔහු බොලිවුඩයට පැමිණියේ ආනන්ද් එල්. රායිගේ ‘රන්ජානා’ චිත්‍රපටයෙන්. ‘ශමිතාබ්’ ධනුෂ්ගේ දෙවැනි බොලිවුඩ් චිත්‍රපටය යි. |



ඩයේ රජ වූ
අමිතාබ් බච්චන් සමගින් රංගනය මේ යොවුන් තරුවට ආශිර්වාදයක් වෙලා. ඒ තම සිත් ගත්
සුපිරි තරුව සමඟ රංගනය කාලයක සිට තිබූ විශාල බලාපොරොත්තුවක් වූ නිසයි.