වර්ෂ 2015 ක්වූ ජනවාරි 15 වැනිදා බ්‍රහස්පතින්දා




රන්බීර් – කත්‍රිනා මුදු මාරු කරගෙන...

රන්බීර් – කත්‍රිනා මුදු මාරු කරගෙන...

මේ දිනවල බොලිවුඩයේ ජනප්‍රියතම පෙම් යුවළ බවට පත් වී සිටින්නේ රන්බීර් සහ කත්‍රිනා. ඔවුන් ගැන පැතිරෙන විවිධ කටකතා අතරේ දැන් කියවෙන අලුත්ම කතාව වී ඇත්තේ මේ යුවළගේ විවාහ ගිවිස ගැනීමයි.

පසුගිය නත්තලෙන් පසු රන්බීර් – කත්‍රිනා ඔවුන්ගේ සම්බන්ධතාවයේ ඊළඟ පියවර තබා ඇති බව බොම්බායෙන් ආරංචි ගෙන එනවා. පවුල් දෙකේම ඥාතීන් ඉදිරියේ රන්බීර් – කත්‍රිනා මුදු මාරුකර ගෙන තිබෙන බව එයින් කියවෙනවා. පසුගිය වසරේදී මේ දෙදෙනා බන්ද්‍රාහි එකම නිවෙසක වාසයට පැමිණ තිබුණා.

මේ වසරේ මැද භාගයේදී ඔවුන් සිය විවාහ උත්සවය පවත්වන්නට බලාපෙරොත්තු වන බවත් ආරංචියි. නිව්යෝක් සිට පැමිණි රන්බීර් සහ කත්‍රිනා දැන් යළිත් සුපුරුදු වැඩකටයුතු සමඟ කාර්යබහුල වෙලා සිටිනවා.