වර්ෂ 2015 ක්වූ ජනවාරි 15 වැනිදා බ්‍රහස්පතින්දා




පියුමිට පෙරලුණු පිට හොඳ වෙලාලු

පියුමිට පෙරලුණු පිට හොඳ වෙලාලු

රිතු ටෙලි සිතුවම දැන් විකාශය වන්නේ නැහැ. එහෙම වුණේ ඇයි කියලා නොයෙක් දෙනා විවිධ කතා කියනවා. ඒවා නම් අපට වැඩක් නැහැ. ටෙලි නාට්‍ය රසික රසිකාවන් ඉල්ලීමක් කළොත් එය ආයේ විකාශය වේවි.

එය ප්‍රේක්ෂක ඔබට බාරයි. මෙහෙම පොඩි දේවල් ටිකක් කියලා කියන්න හැදුවේ රිතු නාට්‍යයේ රිතු ගැන කතාවක්. රිතු කිව්වට එයාගේ ඇත්ත නම පියුමි හංසමාලිනෙ.

ඇය ඉතින් හා හා පුරා කියලා නිළියක් විදිහට කළඑළියට ආවේ රිතු නාට්‍යයෙන්. පුදන කොටම කාපි යකා කියන්නා වගේ ඒකත් නැවතුණා. හැබැයි පියුමි නම සැලුනේ නැහැ පොඩ්ඩක්වත්. පෙරලුණ පිට හොඳයි කියන්නා වගේ ඇයට දැන් රඟපාන්නත් නැති එකේ යළිත් මොඩ්ලිං කරන්න පටන් අරගෙන.

හැමදේම වෙන්නේ හොඳටලු. පියුමි එහෙම කිය කියා මෝස්තර නිරූපණයේ නියැළෙනවාලු. පියුමිට කැමැති පිරිස නම් ඇය රංගනයෙන් ඈත්වීම ගැන කතාකරන්නේ කනස්සල්ලෙන්. පියුමිව මුණ ගැහුණම නිතරම අහන්නේ ආයේ රඟපෑව නාට්‍යයක් කවදද විකාශය වන්නේ කියලා. පියුමි ඉතින් ඒවට හිනාවෙලා ප්‍රතිචාර දක්වනවලු.