|
|
ගායකයෝ පන්දු යවති නළුවෝ පහර දෙති
වසර ගණනාවකට පසු නළු - නිළි, ගායක - ගායිකා ක්‍රිකට් ගැටුමක්
අපි හැමෝම ක්‍රිකට්වලට ආසයි. කි‍්‍රකට් තරගයක් නරඹන්නේ නැති වණත් අඩුම තරමේ මොකද වුණේ කියලාවත් දැනගන්නට ඇතැම් අය උනන්දුයි. ඒ නිසාමයි ක්‍රිකට් වසන්තයක් එළඹෙද්දී මුළු රටම එයට සූදානම් වන්නේ. තව නොබෝ දිනකින් ලෝක කුසලාන තරගාවලිය ඇරැඹීමට සියලු කටයුතු ලැහැස්ති කරලා හමාරයි. ලෝක කුලානය දිනාගත් රටක් ලෙස අපේ රට ද ක්‍රිකට් උණුසුමින් වැසී යන්නට ආරම්භ වෙලයි තියෙන්නේ. කෙටියෙන්ම කිව්වොත් දැනටමත් ක්‍රිකට උණ බෝ වෙලා. අප ක්‍රිකට් කණ්ඩායමත් 'දෙන්නම්කො බැටේ' කියාගෙන ලහි ලහියේ පුහුණුවීම්වල නියැලෙනවා. මේ වන විටත් ඔවුන්ව දිරි ගන්වන්නට ගීත එහෙමත් නිර්මාණය වෙනවා. ඒ වගේම නාම පුවරු, ටී ෂර්ට් පවා ඉදිරියේදී දක්නට ලැබේවි. මේ අතර ක්‍රිකට්වලට ඇති උනන්දුව පෙන්වන්න අපූරු ක්‍රිකට් තරගාවලියක් සංවිධානය කරලා. මෙහි තරග වදින්නේ ක්‍රිකට්වලට සම්බන්ධ අය නම් නෙවෙයි. නව පරපුර නියෝජනය කරන නළු නිළියන් සහ ගායක ගායිකාවන් තමයි මේ ක්‍රිකට් තරගගාවලියේ ක්‍රීඩකයන් වන්නේ. මෙම මස 25 වැනිදා බොරැල්ල පී. සරවනමුත්තු ක්‍රීඩාංගනයේ උදෑසන 10 ට මෙය ආරම්භවීමට නියමිතයි. නළු නිළියෝ, ගායක ගායිකාවෝ ක්‍රිකට් ගහන කොට කොහොම හිටීවිද. එය නම් බලන්නම හිතෙන වැඩක් වේවි කියලයි බොහෝ අයගේ මතය. එම තරගාවලිය අතරතුරදී අනන්තවත් අමතක නොවන සිදුවීම් නිසැකවම සිදු වේවි. සාමාන්‍යයෙන් ක්‍රිකට් ගහන්නේ පිරිමි පාර්ශවයේ අයනේ. එහෙම හැඩිදැඩි කඩවසම් නළුවෝ ගායකයෝ ක්‍රිකට් ගහද්දි කම්මැලිකම නැතිව යන්න සහ තරගාවලියට විචිත්‍රවත් බවක් එක් කරන්නට රංගන ශිල්පිණියන්ගේ ද ප්‍රදර්ශන තරග දෙකක් පැවැත්වීමට නියමිතය. මේ කටයුතු හමාර වෙලා සන්ධ්‍යා කාලයේදී සංගීත ප්‍රසගයක් ද පැවැත්වෙනු ඇති. ඒ සඳහා සංගීතය සපයන්නේ සුනෙත් මාලිංග ලොකුහේවා අධ්‍යක්ෂණය කළ ස්පන්දන ප්‍රචාරණ කටයුතු වෙනුවෙන් ඇරැඹි ස්පන්දන සංගීත කණ්ඩායමයි. අපි දැන් බලමු මෙම තරගාවලියේ කණ්ඩායම්වල ඉන්න කලාකරුවන් කවුද කියලා. ඩයලොග් රූපවාහිනී කණ්ඩායමචාමික සිරිමාන්න (නායක) හර්ෂ බුලත්සිංහල උදය ශ්‍රී වික්‍රමසිංහ සංඛ දිනෙත් තීක්ෂණ අනුරාධ බුද්ධික උෂාන් ඩයලොග් 4 ජී කණ්ඩායම ධනංජය සිරිවර්ධන (නායක) ගයාන් වික්‍රමතිලක සංකේත් වික්‍රමගේ ඉෂාන් ගම්මුදලි කසුන් කුමානායක චරිත් අබේසිංහ ඩයලොග් ස්මාර්ට් දුරකතන කණ්ඩායම ජනිත් වික්‍රමගේ (නායක) කාවිංග පෙරේරා හේමාල් රණසිංහ මාධව විජේසිංහ ධනුක දිල්ෂාන් හර්ෂණ බෙත්මගේ ඩයලොග් මියුසික් කණ්ඩායම උදිත් අබේරත්න (නායක) මේනක රාජපක්ෂ දර්ශන් රාජපක්ෂ ජයන්ත අතපත්තු සම්පත් ශ්‍රී රෝෂන් ගිවන්ත අර්ථසාද් නිළියන්ගේ කණ්ඩායම ධ් ගයාත්‍රි ඩයස් (නායිකා) ඕෂධී හේවාමද්දුම උමයංගනා වික්‍රමසිංහ ලෝචනා ඉමාෂි නිපුනිකා හේවාගමගේ ශාලිකා එදිරිසිංහ නිළියන්ගේ කණ්ඩායම ධ්ධ් ගයේෂා පෙරේරා (නායිකා) නිරෝෂා තලගල සංජු රසංගා රිතු ආකර්ෂා
මල්ෂි නිමාෂා
|



