වර්ෂ 2015 ක්වූ ජනවාරි 15 වැනිදා බ්‍රහස්පතින්දා




රිදී තිරයේ දිව්‍යංගනාවී දොරට වැඩිය දා

රිදී තිරයේ දිව්‍යංගනාවී දොරට වැඩිය දා

රුක්මණි දේවියගේ අනූ දෙවැනි ජන්ම දිනය නිමිතිකර ගනිමින් හෙන්රි පි‍්‍රයශාන්ත මෙන්ඩිස් විසින් රචනා කළ ‘රිදී තිරයේ දිව්‍යාංගනාවි රුක්මණී දේවි ග්‍රන්ථය පසුගිය දා සමස්ත ලංකා බෞද්ධ කාන්තා සම්මේලන ශාලාවේදී එළි දැක්විණි. එහි පළමු පිටපත චිත්‍රපට නිෂ්පාදක තිලක් ගොඩමාන්න මහතාට හෙන්රි පිරිනැමූ මොහොතයි මේ.

මෙයට සමගාමීව, වසරක් පාසා පවත්වනු ලබන රුක්මණී දේවි ගුණසැමරුම සහ ගී ප්‍රසංගය ද එදින පවත්වන ලදී. දෙහිවල ගල්කිස්ස නියෝජ්‍ය නගරාධිපති කේසරලාල් ගුණසේකර මහතා මෙහිදී විශේෂ දේශනයක් පැවැත්වූ අතර ආරාධිත අමුත්තිය වුයේ ප්‍රවීන නිළි එඩ්නා සුගතපාලය.