|
|
පත්තෑයෙක් කළ හොල්මනක්
මුතුකැට සිහිනය ටෙලි සිතුවමේ ප්‍රධාන චරිතය මැවූ නිශානි ගමගේ රඟපෑමෙන් උපයා ගත්
සල්ලිවලින් අලුත් නිවසක පදිංචියට ගිහිල්ලා. තව යාලුවන්ට කෝල් කර කර අනිත් හැමෝම උදේටයි දවල්ටයි කාලා බීලා නිශානිව තවත් හින්දලම යනවයි කියලා හිතාගෙන හිමි හෙමිහිට ලැහැස්ති වෙද්දී එක් අයකු විතරක් කුලප්පු වෙලා මෙහෙ ඉන්න බැහැ කියලා යන්නට තදියමලු. අනිත් අයත් පුදුම වෙලා මෙයාගේ හදිස්සියට. යන්න හදන හේතුව ඇහැව්වත් යාළුවා නෙවෙයිලු කතා කරන්නේ. බැරිම තැන රහස් පොලිස් සෙල්ලම් ටිකක් දාලා. මං දැක්කා සාලේ ජනේලෙ වීදුරුවෙන් සුදුම සුදු හොල්මන් ගැහැනු කෙනෙක්. කොණ්ඩෙත් කඩාදාලයි හිටියේ. මට එළිවෙනකම් නින්ද ගියෙත් නැහැ. යාළුවා අන්තිමේ එහෙම කියලා. අනිත් අයත් ඒ කතාව අහලා බය වෙලා යෑම ඉක්මන් කරනවාලු. ඒත් මේ ගෙදර අයිතිකාර නිශානි නම් මේ ගැන කියලා නැහැ බය වේවි කියලා. තවත් වෙලා යවන්නේ නැතුව කට්ටිය ඉක්මනින් පිටත් වෙලා. තවම මේ ගැන නිශානි දන්නේ නැහැ. ඒත් අපි හොයා ගත්තා ඇයගේ ගෙදර හිටපු හොල්මන කවුද කියලා. මෙන්න මේකයි එදින සිද්ධ වෙලා තියෙන්නේ. මේ කාලේ සීතල වුණාට පහුගිය කාලේ ටිකක් රෑට රස්නෙ ගතියක් තිබුණනේ. ඒක හින්දා කට්ටිය නිදාගන්න ගියාට පස්සේ නිශානිට හිතිලා නාගන්න ඕනෑ කියලා. ලයිට් දැම්මොත් අනිත් අය ඇහෙරෙයි හින්දා හිමින්ම බාත්රූම් එකට ගිහිින් නාලා කොණ්ඩෙ පිහදාපු තුවාය වැලට දාන්න කලුවරේම එළියට ඇවිල්ලා. පාරේ ලයිට් එක මිදුලට වදින්න තියෙන නිසා මිදුලේ ලයිට් එකවත් ඇය දාලා නැහැ. අර යාළුවත් එළියට ඇවිල්ලා තියෙන්නේ ඔය වෙලාවේ දාඩිය දාන හින්දා සාලෙන් ඇවිත් වාඩි වෙලා. එයත් කට්ටිය ඇහැරෙවි කියලා හිතාගෙන ලයිට් දාලා නැහැ. එළියේ ඉන්න නිශානිට ජනේලෙ ළඟින් සද්දයක් ඇවිල්ලා. ඇය ඒක බලන්න එතනට ගියාම තඩි පත්තෑයෙක් එතන ඉන්නවලු. අත් දෙකත් උඩ විසික් කරලා නිශානිට කෑගැහිලා. ඔය අතරේ ඇතුළේ ඉන්න යාළුවා බය වෙලා නිශානිට. ඔන්න ඕකයි සිද්ධ වෙලා තියෙන්නේ. බැලින්නම් නිශානිමයි හොල්මන. කොණ්ඩෙ කඩාගෙන නිශානි පත්තෑයට බයේ දත් විරිත්තද්දී යාළුවා බය නොවී තියෙයිද?
|



කියනවා ඉවරයක්
නැතිලු නව වාසස්ථානයේ විස්තර. ඒ මදිවට එහෙ ඇවිල්ලා දවස් දෙකක් ඉන්න කියලත් ආරාධනා
කරනවලු. ඉතින් මේ කරදරේ අහගෙන ඉන්න බැරි තැන නිශානිගේ යාළුවෝ සෙට් එකක්ම ඇවිත්
දවසක් එහෙ නවතින්න. නිශානිත් පුළුපුළුවන් හැටියට ඔවුන්ට කන්න බොන්න දීලා රෑ
බෝවීගෙනත් එන හින්දා වැඩි හොඳට නිශානි ඔවුන්ට කිව්වලු මෙහෙ නතර වෙලා පහුවෙනිදා යන්න
කියලා. යාළුවොත් ඊට එක පයින් කැමැති වෙලා. ඔන්න පසුදා එළිවුණාලු.