|
|
එන්න එන්න මිල අඩුවන එකම දේ ටෙලි නාට්‍යයි
කෝ මාර්ක් නෝ මාර්ක් හැදූ ජයප්‍රකාශ් සිවගුරුනාදන්
ලංකාවේ මිනිස්සු හඬවන්න ලේසියි
ජයප්‍රකාශ් සිවගුරුනාදන් අධ්‍යක්ෂණය කළ ටෙලි නාට්‍ය තුනක් මේ දිනවල තිරගත වෙනවා. ඒ කළු අරලිය, මායා පටල සහ අඟුරු සිත්තම්. එමෙන්ම කෝ මාර්ක් නෝ මාර්ක් සිනමාපටය ද ඔහුගේ නිර්මාණකරණයකි. විජය නන්දසිරිව හාස්‍යෝත්පාදක රංගන ශිල්පියකු කළේ මේ සිවා. ඔහුව යොදාගෙන සිවා නිර්මාණ ගණනාවක්ම අප වෙත ආවා. කෝ මාර්ක් නෝ මාර්ක් හි ප්‍රධාන භූමිකාව මවන්නේ විජයයි. සිවාව අපි කැඳෙව්වේ වැඩි වශයෙන් සිනමාපටය ගැන කතා කරන්නයි. නමුත් ටෙලි නාට්‍ය තුනක්ම අධ්‍යක්ෂණය කරන නිසා ඔහු ඒවා පිළිබඳවත් මේ තුළ අදහස් කිහිපයක් දැක්වූවා.
කියන්න සතුටුයි මේ වන විටත් චිත්‍රපටය ඉතා සාර්ථක අන්දමින් තිරගත වෙනවා. දැනටමත් සෑහෙන්න ප්‍රේක්ෂකයින් සංඛ්‍යාවක් චිත්‍රපටය නරඹලා. ඉදිරියේදී ඒ ගණන තවත් වැඩි වෙනවා කියලා මට විශ්වාසයි. ඇයි ඔබේ දෙවැනි සිනමා අධ්‍යක්ෂණයත් හාස්‍යෝත්පාදක එකක් වුණේ? කිං හන්තර් නිෂ්පාදක ධම්මික සිරිවර්ධන මට කතා කරලා කිව්වේ මට මේ වගේ සිනමාපටයක් ඕනෑ කියලා. ඉතින් මම ඔහුගේ අදහසට එකඟ වෙලා ඔහු කියපු විදිහේ හාස්‍යෝත්පාදක චිත්‍රපටයක් හැදුවා. කෝ මාර්ක් නෝ මාර්ක් අර්ථපතීත්වය දැරූ සෝමා එදිරිසිංහ මහත්මිය මගෙන් බලාපොරොත්තු වුණෙත් සරල හාසෝයීත්පදක සිනමා කෘතියක්. ඒ ඉල්ලීමටයි මම කෝ මාර්ක් නෝ මාර්ක් හැදුවේ. සිනමා කර්මාන්තය පැත්තෙන් ඔබ ඒකාකාරී රාමුවක හිරවෙලා ඉන්නවා කියලා මට හිතෙනවා? එක දිගට හාස්‍යෝත්පදක නිර්මාණ යුවළක් හදපු හින්දා එහෙම හිතෙන්න ඇති. නමුත් මම කැමැතියි විවිධ ආකෘතියේ චිත්‍රපට හදන්න. ඒත් ඔබෙන් නිෂ්පාදකවරු බලාපොරොත්තු වන්නේ හාස්‍යෝත්පාදක චිත්‍රපට. එහෙම වුණාම සිනමාත්මක පැත්තෙන් ඔබ තුළ සිටින නියම නිර්මාණකරුවා එළියට එන්නේ නැහැ නේද? මම පළමුව අධ්‍යක්ෂණය කළේ හාස්‍යෝත්පාදක ටෙලි නාට්‍යයක් වන නෝනාවරුනි මහත්වරුනි. අනතුරුව දිගටම එවැනි ටෙලි නිර්මාණ සඳහායි ආරාධනා ලැබුණේ. කොහොම හරි වෙනස් වූ ටෙලි නාට්‍ය හදලා මම එම තත්ත්වයෙන් මිදුණේ ඒ ටෙලි පැත්තෙන්. නමුත් සිනමාවේදී මට එහෙම කරන්න බැරි වුණා තවම. අපේ රටේ නිර්මාණකරුවකු එක ජාතියක නිර්මාණයක් කළාම දිගින් දිගටම ඒවගේම නිර්මාණ කරන්නට ඉල්ලීම් එනවා. ඔය තත්ත්වය නළු නිළියන්ටත් පොදුයි. නළුවකු දුෂ්ඨ චරිතයක් කළෙත් දිගින් දිගටම ලැබෙන්නේ දුෂ්ඨ චරිතමයි. එක අතකින් අපට එය අවාසියක්. මා දන්නා පරිදි හාස්‍යෝත්පාදක සිනමා පටයක් නිර්මාණය කරන්න ලෙහෙසි නැහැ? ඇත්ත. ලංකාවේ මිනිස්සු අඬවන්න ලෙහෙසියි. හිනස්සවන එක හරිම අමාරුයි. රංගන ශිල්පීන්ගෙන් වුුණත් චරිතය ඕවර් ඇක්ටිං කළොත් මුළු නිර්මාණෙම අසාර්ථකයි. ඒව ගැන දැනගෙනයි මෙවන් නිර්මාණයකට බහින්න ඕනෑ. අනික දෙපිට කැපෙන වචන දාලා නිර්මාණ කරන්න මම කැමැති නැහැ. මේ අනුව බලන කොට හාස්‍යෝත්පාදක නිර්මාණයක් කරන එක දැනගෙන කරන්න ඕනෑ වැඩක්. කෝ මාර්ක් නෝ මාර්ක්වලට වඩා කිං හන්තර් හොඳයි කියලා ඇතැම් අය කියනවා? ඔය කතාව මගේ පත්තර මිත්‍රයින් බහුතරයක් මට කිව්වා. ඒක ඒ අයගේ පෞද්ගලික මතයනේ. මට නම් කියන්න තියෙන්නේ මේවා එකිනෙකට වෙනස් මොඩලයේ චිත්‍රපට දෙකක් කියන එක. චිත්‍රපටයේ ඇති දර්ශනවල ගුණාත්මකභාවය ගැන ඔබ සතුටු වුණාද? ඔව්. මට ලොකු අවුලක් දැනන්නේ නැහැ. සජීවිකරණ පැත්තෙන් යම් යම් දුර්වලතා තිබුණා. නමුත් සමස්ථයක් වශයෙන් මට ඇති මගේ නිර්මාණය. සිවා අපි ටෙලි නාට්‍ය ක්ෂේත්‍රය ගැන ටිකක් කතා කරමු. වෙහෙස නැද්ද එකවර ටෙලි නාට්‍ය තුනක් අධ්‍යක්ෂණය කිරීම?
මේ ටෙලි නිර්මාණ තුන ගුණාත්මක අගය පහළ නොයවමින් නිර්මාණය කරනවා කියලා ඔබට දැනෙනවාද? ම්වා එකිනෙකට වෙනස් කතා තුනකින් යුක්තයි. එහෙයින් විවිධාකාරව මට නිර්මාණය කරන්නට පුළුවන්. කොච්චර කාර්යබහුල වුණත් ගුණාත්මක අගය තියාගෙනයි මේවා නිර්මාණය වෙන්නේ. මම කරන දේ හරියටම කරනවා. ඒකනේ ස්වර්ණවාහිනිය මඟින් මට නාට්‍ය තුනක්ම බාර දීලා තියෙන්නේ. සමහර අධ්‍යක්ෂවරුන් ටෙලි නාට්‍ය නිර්මාණය කරලා පෝලිමේ තියාගෙන ඉන්නවා පෙන්න ගන්න අවස්ථාවක් නැතුව. නමුත් සිවාගේ නාට්‍ය තුනක් විකාශය වෙනවා. කොහොමද මේ වෙනස ඇති වුණේ? මට නාලිකාවෙන් ආරාධනා කළේ නාට්‍ය නිර්මාණය කරන්න. මම මගේ ඩියුටිය කරනවා අධ්‍යක්ෂවරයකු වශයෙන්. නිෂ්පාදන සමාගම් වියදම් කරනවා. ඒ නාට්‍ය තුනම ස්වර්ණවාහිනියේ විකාශය වෙනවා. නාලිකාවලින් පරිබාහිරව නිර්මාණකරණයේ යෙදෙන්නන්ට අවස්ථාවක් නැතිද එතකොට? මෙහෙමයි. ලංකාවේ ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයට ආව අයගෙන් වැඩි දෙනෙකු ආදායම් උපයන්නයි ටෙලි නාට්‍ය හැදුවේ. ඔවුන් ප්‍රමිතිය ගැන බැලුවේ නැහැ. ටෙලි නාට්‍යවලට ගෙවන මුදල එන්න එන්න අඩු වෙලා තියෙනවා. මම හිතන්නේ එන්න එන්න මිල අඩුවන ලංකාවේ තියෙන එකම නිෂ්පාදන භාණ්ඩය ටෙලි නාට්‍ය වෙන්න ඇති. ඒ මිල අඩුවීම මත අඩු මුදලට ටෙලි නාට්‍ය නර්මාණය වුණා. එහෙම නිර්මාණය කරන ටෙලි නාට්‍ය ප්‍රමාණය වැඩියි. ඒවා ඉතින් විකාශය නොකරන තරමට හොඳයි. අද නාලිකාවක ටෙලි නාට්‍යයකට ලක්ෂයක් ගෙව්වොත් තව මාස හයකින් ගෙන්නේ අනූපන්දහයි. ඒ ගාණට නිෂ්පාදකවරු එකඟ වෙලා නිර්මාණ කරනවා. මම කියන්නේ ආයතන ගෙවන ගාණත් සමඟ නිෂ්පාදකවරු හරඹ කළ යුතුයි. නැතිනම් ටෙලි කලාව පිරිහෙනවා. නව පරපුරේ ටෙලි නළු නිළියන් ගැන මොකද කියන්න තියෙන්නේ? බහුතරයක් අයගේ වගකීමක් නැහැ. මගෙන් කෙනෙකු ඇහැව්වොත් කියන්නේ මගේ පරපුර හොඳයි. ඉදිරි පරපුර හොඳ නැහැ කියලනේ. ඔබෙන් ඇහැව්වොත් කියන්නේ ඔබේ පරපුර හොඳයි ඉදිරි පරපුර හරි නැහැ කියලනෙ. ඒ අනුව බලන කොට එන්න එන්න ගුණධර්මවල ක්ෂයවීමක් තියෙනවා. විජය නන්දසිරිව යොදාගෙන ළඟදී ටෙලි නාට්‍යයක් කළේ නැහැ නේද? ආරාධනාවක් තියෙනවා හාස්‍ය ටෙලි නාට්‍යයකට. බලමු නේද. චරිතාංග නළුවකු වූ විජය නන්දසිරිව හාස්‍යෝත්පාදක නළුවකු කළේ ඔබ. අද වන වට ඒ ගැන මොනවද කියන්න තියෙන්නේ? එක අතකින් සතුටුයි. නමුත් ගත වූ අවුරුදු පහළොව තුළ මම ඇතුළු අනෙක් අධ්‍යක්ෂවරුන් ඔහුව හාස්‍යෝත්පාදක නළුවකු හැටියට රාමුවක කොටු කිරීම ගැන සෑහෙන්න දුකයි. විජය හොඳ චරිතාංග නළුවෙක්. මනමේ නාට්‍ය මෙන්ම නෑදෑයෝ වැනි චිත්‍රපට හරහා අප ඔහු තුළ සිටි සියුම්භාව ප්‍රකාශකයාව දුටුවා. නමුත් මේ වන විට විජය නන්දසිරි කියපු ගමන්ම මතක් වෙන්නේ හාස්‍යෝත්පාදක නළුවෙක්. ඒ ප්‍රතිරූපය ගොඩ නැගිලා ඉවරයි. මේ ගෙවෙන්නේ මැතිවරණ සමය. ඒ බව දැන දැනත් කෝ මාර්ක් නෝ මාර්ක් තිරගත කළා. මේ උණුසුම්කාරී වාතාවරණයෙන් පසුව චිත්‍රපටය පෙන්නුවා නම් මීට වඩා ප්‍රේක්ෂකයන් සංඛ්‍යාවක් එකතු වන්නට තිබුණා? මමත් ඔය ගැන කල්පනා කළා. චිත්‍රපටය නිෂ්පාදනය කළේ සෝමා එදිරිසිංහ මහත්මිය සතු ඊ. ඒ. පී. මණ්ඩලයේ චිත්‍රපටය රිලීස් වුණේ. ඔවුන් තමයි දින තීරණය කළේ. මැතිවරණය විතරක් නෙවෙයි අයහපත් කාලගුණික තත්ත්වයත් යටතේ මේ කාලය ගෙවෙන්නේ. එවන් වූ සමයක කෝ මාර්ක් නෝ මාර්ක් හොඳින් තිරගත වෙනවා. එහෙම බලද්දී අද හිතෙනවා ප්‍රදර්ශක මණ්ඩලය ගත් තීරණය නිවැරැදියි කියලා.
|



ඉතින් සිවා, චිත්‍රපටයේ තත්ත්වය කොහොමද? හිතපු තරම් ප්‍රේක්ෂකයින් කෝ මාර්ක් නෝ
මාර්ක් බලන්න ආවද?
මේක මගේ වෘත්තිය. මම වෙනින් ජොබ් එකක් කරන්නේ නැහැනේ. ඒ වෘත්තිය ඇතුළේ මට ලැබෙන
නිර්මාණ මම කරන්න ඕනෑ. ඉස්සර වගේ ආත්ම තෘප්තියට වසරකට වරක් නිර්මාණ කරලා ඉන්න බැහැ.