|
|
දිල්හානි හත්වරක්
එහිදී ඉන්ද්‍රාණි ප්‍රසංග කිහිපයකටම සහභාගි වුණේ ඉමහත් ජනප්‍රසාදය මැද්දේ. අවසන් දිනයේ ඇයට ගීත ගයන්න තිබුණේ මෙල්බර්න් නගරයේ. ඉන්ද්‍රාණි එහිදී ගැයුවා තමන්ගේ ජනප්‍රියම ගීතයක් වන 'දිල්හානි දුවනි'. එය නිමාවනවාත් සමඟම සංගීත ලෝලීන් කෑ මොර දෙනවා ඒඨචඪද දිල්හානි ඒඨචඪද දිල්හානි කියලා. ඔවුන්ගේ ඉල්ලීම අහක දාන්න බැරි නිසා ඉන්ද්‍රාණි ආයෙත් දිල්හානි ගැයුවලු. එය අවසන් වන විට ඒඨචඪද දිල්හානි කියන වචනය දෙගුණ තෙගුණ වෙලා ඇහෙනවලු. සංගීත කණ්ඩායමටත් කරකියා ගන්න දෙයක් නැතිවෙලා. ඒ අයත් ඉතින් තෙවැනි වතාවටත් දිල්හානි වාදනය කරන්න පටන් අරගෙන. ඉන්ද්‍රාණිත් ඒකම ආයේ ගයලා. ඔය විදිහට දිල්හානි ගීතය හත්පාරක්ම එදා ඇයට කියන්න සිද්ධ වුණාලු. කොහොම හරි එදා ඇය ප්‍රසංග වේදිකාවෙන් බැහැලා තියෙන්නේ ජීවිතයේ මෙතෙක් නොවූවිරූ අත්දැකිමක් දෝත දරාගෙන. එම හත්වරම ඉන්ද්‍රාණි දිල්හානි ගයද්දී ඒ වගේ සුන්දරතම ගීතයක් නිර්මාණය කරදුන් නැසීගිය ක්ලැරන්ස් විජේවර්ධනව මතක් කරන්නත් අමතක කළේ නැහැ. හැබැයි තව දෙතුන් වතාවක් ඉන්ද්‍රාණිගෙන් දිල්හානිව ඉල්ලුවා නම් දිල්හානිව ඉන්ද්‍රාණිට ද එපා වෙනවා කියලා ළඟ හිටපු අයකු ඉන්ද්‍රාණිට කිව්වම ඇය එයට සිනහ වුණේ හත් වාරයක් නොව හැත්තෑ වාරයක් රසිකයන් වෙනුවෙන් ඉන්ද්‍රාණිට දිල්හානි ගයන්න පුළුවන් යැයි කියාපාන්නාක් මෙනි. |



සාමාන්‍යයෙන් ගායකයෙකු හෝ ගායිකාවක් ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර මත එකම සිංදුවක්
ප්‍රසංග වේදකාවල එක පාරක් හෝ දෙපාරක් ගායනා කරන අවස්ථාවන් තියෙනවා. එහෙත් එක
සිංදුවක් එක පාරට හත් වතාවක් ගායනා කරපු ගායිකාවක් ගැන අහලා තියෙනවාද? ඒ අපූරු
සිදුවීමට මුහුණපාන්න වෙලා තියෙන්නේ විශිෂ්ට ගායිකාවක වන ඉන්ද්‍රාණි පෙරේරාටයි. ඇය
පසුගිය දිනෙක ඕස්ට්‍රේලියාවේ සංචාරයක නියැලුණා.