2026 දක්වා......සුබ අලුත් අවුරුද්දක් වේවා

2026 දක්වා......සුබ අලුත්
අවුරුද්දක් වේවා
සුබ අලුත් අවුරුද්දක් වේවා. ජනවාරි පළමුවැනිදා උදෑසනම 'සරසවිය' පාඨක ඔබට මේ
ආකාරයෙන් සුබ පතන්නට වන්නේ වසර ගණනාවකට පසුවය. ඒ කලකට පසු ජනවාරි පළමුවැනිදාවක්
බ්‍රහස්පතින්දාවක් වූයේ අද නිසාය. අවසන්වරට ජනවාරි පළමුවැනිදා බ්‍රහස්පතින්දාවක්
වූයේ 2009 වසෙර්ය. යළිත් මෙවැනි බ්‍රහස්පතින්දාවක් එළැඹෙනුයේ තවත් වසර එකොළහක් ගත
වූ තැන 2026 වසෙර්ය. 2026 වසර වනවිට ලෝකය කෙතරම් තිරිහන්ව ඇන්දැයි මා දන්නේ නැත.
මෙයට වසර තිහ, හතළිහකට පෙර ජීවත් වූ වෙකුට එකල ඊළඟ දස වසර ඇතුළත ලෝකය කොයි ආකාරයෙන්
වෙනස් වනු ඇද්දැයි උපකල්පනය කළ හැකි වුවද වර්තමානයේදී ඉදිරි දස වසර ඇතුළත එය කෙතරම්
වනු ඇද්දැයි උපකල්පනය කිරීම තරමක් අපහසුය.
පසුගිය වසරේ දී ලාංකික සිනමාවේ විශේෂ සිදුවීම් ත්‍රිත්වයක් සිදුවිණ. එයින් පළමු
වැන්න නම් ලාංකික සිනමාව ඩිජිටල්කරණය නිල වශයෙන් බාර ගැනීමය. දෙවැන්න සිනමා
සංරක්ෂණාගාරයට මුල පිරීමය. තෙවැන්න කොළඹ ජාත්‍යන්තර සිනමා උළෙල පැවැත්වීමය. මේ
කාරණා තුනම වසර ගණනාවක් මුළුල්ලේ මෙරට සිනමාව බලාපොරොත්තු වූ කරුණු තුනකි. සිනමාව
ඩිජිටල්කරණය වීමේ තදියම පසුගිය වසර දෙක තුන ඇතුළත සිදුවූවක් ලෙස මෙරට බොහෝ දෙනා
සිතුවද සැබැවින්ම එය පසුගිය වසර දහයකට වැඩි කාලයක් ලෝකය පුරා සිදුවෙමින් පැවතුනකි.
එහෙත් මේ පිළිබඳ නහය ළඟට වතුර එන තුරුම කිසිවකු ඒ ගැන තැකීමක් කළේ නැත. සිනමා
සංරක්ෂණාගාරය පිළිබඳ සංකල්පය මෙරට ඇතිවනුයේ පනස් ගණන්වල අගභාගයේය.

කොළඹ සිනමා
උළෙලක් පිළිබඳ කතිකාවක් ඇතිවනුයේ හැටේ දශකයේ පමණය. මේ සියල්ලම විය යුතු තිබුණ ද,
සිදු වූයේ නැත. රජය මඟින් ඩිජිටල්කරණය හා සංරක්ෂණාගාරයද අරඹද්දී ඉන් පරිබාහිරව
චිත්‍රපට අධ්‍යක්ෂවරුන්ගේ සංසදය මඟින් කොළඹ අන්තර්ජාතික සිනමා උළෙල ද පවත්වනු
ලැබිණ. මේ සියල්ල කවුරුත් විසින් ඉටු කරනු ලැබුව ද එය මෙරට සිනමාවේ යහපතට හේතු
වෙයි. ඇතැම් ක්‍රියා පටිපාටියන්ගේ බරපතළ අඩු පාඩු නැතුව නොවේ. එහෙත් අඳුරට සාප
කරනවාට වඩා ඉටිපන්දමක් දැල්වීමට උත්සාහ කිරීම යෙහෙකිය. දැන් කළ යුත්තේ ආරම්භ වූ
තැනින් ඔබ්බට වැඩ කටයුතු සම්පාදනය කිරීමය. චිත්‍රපට සංරක්ෂණාගාරය ආරම්භ කළ දා පටන්
තිරගත වූ චිත්‍රපට හෝ එහි යාවත්කාලීනව ආරක්ෂා වන්නේ නම් එය ඉතා වැදගත්ය. ඉන්දියාවේ
පූනා නගරය පිහිටා ඇති සිනමා සංරක්ෂණාගාරයේ එරට මුල්ම චිත්‍රපටය වූ 'රාජා
හරිශ්චන්ද්‍ර' සංරක්ෂණය වී ඇතත් මුල්ම කථානාද චිත්‍රපටය වූ 'අලව් අරා' චිත්‍රපටයේ
පිටපතක් නොමැත. අපේ රටේ බොහෝ චිත්‍රපට විනාශව ගියේ 1983 දී යැයි යන්න සියල්ල ඒ මත
වරද පටවා ඇඟ බේරා ගන්නට කරන ප්‍රකාශයකි. කෙසේ වෙතත් 83 න් පසුවද ගින්නට හසු වූයේ
යැයි කියන චිත්‍රපට මේ රටේ තැනින් තැන ප්‍රදර්ශනය වූ වග ඔප්පු කර පෙන්විය හැකි
කාරණයකි.
එය පැත්තකින් තිබේවා. මුල් යුගයේ චිත්‍රපටවල පිටපත් සොයාගත නොහැකි වුවත්
අවම වශයෙන් ඒ වෙනුවෙන් නිකුත් කරන ලද ගී තැටි සහ පොත් පත් ඉතිරිව ඇත්තේය. එහෙත් 80
හෝ 90 දශකයේ අතිශය ජනපි‍්‍රය චිත්‍රපට ගී අවම වශයෙන් දහයකවත් අතරින් චිත්‍රපටයෙන්
උපුටා ගත් ගීතයක් ඇත්තේ කොතැනදැයි කිසිවකුට හෝ පැවසිය හැකිද? 80 දශකය යනු අවුරුදු
30 කට වඩා දුර අතීතයක් බැව් අමතක කළ යුතු නැත.
එමෙන්ම ඉදිරි දෙවසරේ සියලු සිනමාශාලා යාවත්කාලීන නොවුණ හොත් චිත්‍රපටකරුවන්ට තමන්ගේ
චිත්‍රපට ප්‍රදර්ශනය කිරීම හෝ අංග සම්පූර්ණ චිත්‍රපටයක් දැක ගැනීමේ ප්‍රේක්ෂක
අවශ්‍යතාව ඉටුවන්නේ නැත. ඉදිරි දෙවසර ඇතුළත මෙරට ටෙලි විෂන් කර්මාන්තය ඩ්ච්ඩිජිටල්
තික්ෂණයට පරිවර්තනය වූ පසු එයින් ලැබෙන රූපයේ බලසමපන්න භාවය දැනට අප දකින
ටෙලිවිෂනයේ රූප සිය ගණනකටත් වඩා පැහැදිලි වෙයි. වර්තමානයේ මෙරට තිබෙන මුදල් ගෙවා
නරඹන ටෙලි විෂන් චැනල්වල රූප රාමු අපේ ටෙලිවිෂන චැනල රූප රාමු හා සැසඳීමේදී එය මනාව
පැහැදිලි වෙයි. එය සිනමාකරණයේ දී සිනමාකරුවන් හමුවේ ඇති අභියෝගය ඉතා ඉහළ එකකි.
ටෙලිවිෂනයට වඩා ප්‍රබල රූපයක් සිනමාහලට ගෙනා යුතුය.
වර්තමානයේ ඩිජිටල් සිනමා ප්‍රක්ෂේපණය සඳහා මෙරට වැඩි වශයෙන් භාවිත කරන්නේ 2 ම්
සම්ප්‍රක්ෂේපණ ක්‍රමයයි. එසේම වඩා යාවත්කාලීන වූ 4ම් ක්‍රමයේ ටෙලිවිෂන මෙරට වෙළෙඳ
පොළේ අලෙවියට තබා ඇත. මෙයට මාස කිහිපයකට පෙර ඇපල් සමාගම සිය නවතම ටෙලි විෂනය වෙළෙඳ
පොළට හඳුන්වා දුන්නේ තවත් පිම්මක් ඉදිරියට යමින් ඒ රූප පද්ධතිය 5ම් දක්වා ඉහළ
දමමිනි. අපේ රටේ සිනමාකරුවන්ට මේ අභියෝගවලින් මිදී අනාගතය ගැන කල්පනා කළ නොහැක.
කොළඹ අන්තර්ජාතික සිනමා උළෙල වූ කලී වසර ගණනාවක් මුළුල්ලේ අපේ රටට අත්‍යවශ්‍යව තිබූ
ලෝකය හා අප යා කරනා දැවැන්ත පාලමකි. මේ පාලමේ වැඩ ආරම්භ කළා පමණි. එය ශක්තිමත්ව හා
දීර්ඝ කාලයක් පැවැතීම එය සංවිධානය කරන ලද චිත්‍රපට අධ්‍යක්ෂවරුන්ගේ සංසදයේ වගකීම හා
යුතුකම වන්නේය. පසුගිය වසරේ අලුත් අධ්‍යක්ෂවරුන් හත් දෙනෙක් අපේ සිනමාවට එක්විය. එය
යහපත් ප්‍රවණතාවක් බව ඇත්තය. එහෙත් එයින් කී දෙනෙක් කීදෙනකේ තවත් චිත්‍රපට නිර්මාණය
කරන්නේද යන්න වැදගත්ය. ඔවුන්ගෙන් කී දෙනෙක් දෙවැනි චිත්‍රපටය සඳහා සූදානම්ව ඇතිද?
කෙසේ වෙතත් පසුගිය වසරේ චිත්‍රපට නිෂ්පාදනයට අලුතෙන් එක් වූ ආයෝජකයන් ගෙන් කී
දෙනෙක් නැවතත් මේ ක්ෂේත්‍රයේ ආයෝජනය කරන්නට කැමැති ද යන්න විමසා බැලිය යුතුය.
පසුගිය වසර කිහිපය මුළුල්ලේ යූ ටියුබ් ඇතුළු මෙරට සමාජ වෙබ් අඩවි නිරීක්ෂණය
කරන්නෙක්ට අලුත් නිර්මාණශීලී තරුණ පරම්පරාවක් දැක ගත හැක. වර්තමානයේ එම නිර්මාණ
පරිශීලනය කරන පරම්පරාවද එන්න එන්නම වැඩි වී යයි. තවදුරටත් ගීතයක් යනු සංයුත්ත
තැටියකින් ශ්‍රවණය කරන්නක් පමණක් නොවෙයි. බොහෝ දෙනා ගීත, චිත්‍රපට අන්තර්ජාලය හරහා
විඳින යුගය අපේ රටට ද ආගන්තුක නැත. අද ලෝකයේ නිර්මාණය කරන ඕනෑම චිත්‍රපටයක් මුදල්
ගෙවීමෙන් අන්තර්ජාලය ඔස්සේ නැරඹිය හැකිය. කලකට ඉහත රීල් දහඅටක, විස්සක චිත්‍රපටයක්
අද අධිවේගී අන්තර්ජාල ඔස්සේ කුඩා මෘදුකාංගයකට ගොනුකර ගත හැක්කේය. එකල ගී තැටි,
චිත්‍රපට එකතු කරන්නට පමණක් කෙතරම් ඉඩකඩක් අවශ්‍යව තිබුණාද? අද අති දැවැන්ත
පුස්තකාලයක් වුව අද අතේ දවටා ගෙන යා හැක. අලුත් පරම්පරාවේ බොහෝ දෙනා පුවත්පත්
කියවන්නෙත්, පොත් කියවන්නෙත් ටැබ් එකක් හෝ අයි පෑඩ් එකක් මඟිනි. එයට පෙර මුද්‍රිත
කඩදාසියට හුරු වූ පරම්පරාව අනුක්‍රමයෙන් ක්ෂය වන බව අප අමතක කළ යුතු නැත. ඉතා මෑතක
මට අපූරු දැන්වීමක් දකිනනට ලැබිණි.
එහි බිරිය පොතපත කියවන්නෙත්, පත්තර බලන්නෙත්
සුපුරුදු මුද්‍රණ ක්‍රමයටය. එහෙත් නූතන පරම්පරාවේ සැමියා සැමවිටම භාවිත කරන්නේ ටැබ්
එකකි. එපමණක් නොව ඔහු සැමවිටම බිරියගේ පැරැණි සිරිත් උපහාසයට ලක් කරයි. පසුවදා
උදෑසන ශරීර කෘත්‍යයට යන ඔහු ටොයිලට් පේපර් නැති වග දැන බිරියට කෑ ගසයි. ඊළඟ රූප
රාමුවේ අප දකින්නේ බිරින්දෑ ටොයිලට් පේපර් වෙනුවට දොර යටින් සැමියා ගේ ටැබ් එක එවන
ආකාරයයි. කොයිහැටි වෙතත් ඉදිරි දශකයේ නිර්මාණ රසවිඳින ක්‍රම සහ විදි ඇඟට නොදැනී
වෙනස් වෙයි. 2026 වැන්නේ ජනවාරි පළමුවැනිදා වන විට ආතර් සී. ක්ලාක් වැන්නන්ගේ
විද්‍යා ප්‍රබන්ධ සියල්ල සැබෑ කරමින් අප නොසිතන තාක්ෂණ පරිවර්තනයක් තවදුරටත් සිදුවන
බව සහතිකය. නැනෝ තාක්ෂණය එළැඹීමත් සමඟ අනාගතයේදි අද පාපන්දු පිටියක් පුරා ගොඩ ගැසූ
ඩීවීඩී රැසක එකතු කළ දත්ත සියල්ල කෙස් ගසකින් භාගයක පරිමාණයක තැන්පත් කළ හැකි වෙතයි
කියනු ලැබේ. මේ ජනවාරි පළමුවැනිදා අද අපි සිහියේ තබාගත යුතු කරුණ නම් ලෝකයෙ වෙනස්
වෙමින් පවතින බවය.
මා ලිපියේ ආරම්භයේ සඳහන් කළ පරිදි අවසන් වරට ජනවාරි පළමුවැනිදාවක්
බ්‍රහස්පතින්දාවක් වූයේ මීට සයවසරකට පෙරය. එදා මෙදාතුර අපේ චිත්‍රපට, ගීත නැරැඹීමේ
රස විඳීමේ ආකාරය කොතරම් වේගයෙන් වෙස් වූවාදැයි ඔබ නිකමට සිතා බැලුවාද? පසුගිය ජීවිත
කාලය දෙස හැරි බලද්දී පසුගිය දශකයේ සිදුවූ තාක්ෂණික විපර්යාසයට අප ගොදුරු වූ ආකාරය
කිසි කලෙක අපට දැනුනේ නැත. අද ජීවත් වන අප ජංගම දුරකථනයකින් තොරව එදා කටයුතු
සම්බන්ධිකරණය කරගත් අයුරු ඊළඟ පරම්පරාවට දැනුවත් කරන්නේ කෙළෙසද? එබඳු යුගයක් තිබුණා
දැයි අපටම මතකද? එදා දහදෙනෙකගෙන් විමසන මඟ තොරතුරු අද බාර දී ඇත්තේ ජංගම දුරකථනයටය.
කලකට ඉහත රාත්‍රියේ මඟ විමසා බැලුවේ තරු එළියෙන් බව අතීත කතා එමට සාක්කි කියයි.
2026 වසරේදී අප මඟ විමසා සිටින්නේ කොයි ආකරයෙන් දැයි සිතා ගන්නට පුළුවන්ද?
තැපැල්පතද, මනිඕඩරයද අපෙන් බැහැර වූ අන්දම විග්‍රහ කරන්නට සිතා ගන්නටත් අසීරුය. මේ
කිසිවක් කවර බලවේගයකට හෝ වළක්වන්නට නොහැකි වූ විපර්යාස බව බැලූ බැල්මට පෙනී යයි.
2026 ජනවාරි පළමු වැනිදා බ්‍රහස්පතින්දාවක් එළැඹෙන විට එදින ඔබ සිනමාව රස විඳින
ආකාරය, ගීත අහන විදිය සිතන්නට මම ඔබටම භාර කරමි. ඒත් එක දෙයක් ඉඳුරාම කිව හැකිය.
එදිනට මේ ලිපිය ලියන්නට නම් මට නොහැකි බවය. හේතුව 2026 වනවිට රාජකාරියෙන් මා
විශ්‍රාම ගතයුතුව ඇති බැවිනි. එය ලෝක තාක්ෂණයට වළක්වා ගත නොහැකි ඔබටත් මටත් පොදු
ජීවන ධර්මතාවයි.
සියලුදෙනාටම ආයුබෝ වේවා!
සුබ නව වසරක් වේවා!
|