වර්ෂ 2014 ක්වූ දෙසැම්බර් 25 වැනිදා බ්‍රහස්පතින්දා




ඇද්දෙ බැලුම

ඇද්දෙ බැලුම

කාවිංග පෙරේරා කියන්නේ රංගනයට, නිවේදනයට මෙන්ම ගායනයට ද හපනෙක්. ඒ වගේම ඔහුට ඩිස්කෝ ඩාන්ස් පුළුවන් කියලා කාවිංගට පාර්ටි සඳහා ආරාධනා කරන උදවිය දන්නවා. සාමාන්‍යයෙන් ඔහු උත්සවයකට ආවම මධුවිත පානය නොකොට මධුවිතින් සප්පායම් වූ අයකු විදිහට රංගනයේ යෙදිලා අවට ඉන්න අය කුල්මත් කරන්නත් පුරුද්දක් කරගෙන ඉන්නවා.

ඒ හින්දා කාවිංග පාර්ටියකට එනවා කියලා දැනගත්තම සෑහෙන්න දෙනෙක් සන්තෝස වෙන්නේ ඔහු ආ වෙලාවේ ඉඳලා කිසිම කම්මැලිකමක් නැතිව ඉන්න පුළුවන් කියලා දන්න හින්දයි.

ඉතින් ඔන්න කාවිංගට අපේ තරුණ අංග රචනා ශිල්පියකුගේ උපන් දින පාර්ටියකට ඇරැයුම් ලැබුණා. එය තිබුණේ තලවතුගොඩ පැත්තේ තියෙන ලොජ් එකක. කාවිංග සුපුරුදු පරිදි ආවේ ටිකක් පරක්කු වෙලා. ආව වෙලාවේ ඉඳලා මයික් එක අතට අරගෙන සිංදු කියලා කට්ටියව තමන්ගේ පැත්තට නංවා ගත්තා.

සිංදු කියලා අහවර වෙලා කාවිංග නටන්න පටන් ගත්තා. මේ උපන් දින පාර්ටිය ගත්තේ බොහොම පුංචියට. නමුත් හරි ලස්සනට අවට සරසලා තියන්න අංග රචනා ශිල්පියා වග බලා ගත්තා.

කාවිංග මොකද කළේ නටන ගමන් අර සැරසිලි මත එල්ලි එල්ලී තිබුණු බැලුමක් ඇදපු එක. බැලුම නම් ගැලවිලා අතට ආවා. ඒත් එක්කම ඇදිල්ලේ සැර වැඩිකමට අවට තිබූ සැරසිලි සේරම ගැලවිලා ආවා. ඒවා සේරම වටේ හිටපු අයගේ ඇඟවල් උඩ තමයි නතර වුණේ.

ඇද්දෙ බැලුම ආවනෙ ඔක්කොම.

මුකුත් නොදන්නවා වගේ කාවිංග හැමෝටම ඇහෙන්න කිව්වා ඔහු ඒක හිතලා කළේ නැහැ කියලා දැනගත්තු හින්දා වෙන්න ඇති කවුරුවත් කාවංගට දොස් පැවරුවේ නැහැ.