වර්ෂ 2014 ක්වූ දෙසැම්බර් 25 වැනිදා බ්‍රහස්පතින්දා




F E E D B A C K

F E E D B A C K

ස්වර්ණාගේ උත්තරීතර

හිරු නාළිකාවේ පසුගියදා විකාශය වූ උත්තරීතර වැඩසටහනේ ස්වර්ණා මල්ලවආරච්චි නම් ප්‍රවීණ නිළියගේ විශිෂ්ටත්වය මුළු ලොවට කියාපෑවා. එම වැඩසටහනෙහි අභිමානවත් බව ඉතා ප්‍රශංසනීයයි.

විශ්ව රඟපාන රිතු

ස්වාධීන රූපවාහිනි සේවයේ විකාශය වන රිතු ටෙලි නාට්‍යය තුළ විශ්වනාත් කොඩිකාර සැබැ පෙම්වතාගේ භූමිකාව නිරූපණය කරයි.

අනර්කලීට සුබපැතුම්

ඉටිපහන් තුළින් කලා ලොවට පිවිස අපේ පුංචි දඟකාරිය සැමගේ ආකර්ෂණය දිනා දිගු ගමනක් ගිය ආදරණීය අනර්කලී දහසක් පැතුමන් හද පුරවා නව දිවියකට පිය නැඟූ ඔබට සරසවිය පාඨක අපගේ සුබපැතුම්. ඔබ ඇරැඹූ යුග දිවිය දිවි ඇති තුරාම සාමය සතුට පිරි එකක්ම වේවා.

සිනමා කලාව බැබල වූ මීගමු තරු

මර්සලින් ජයකොඩි පියතුමා, බී. ඒ ඩබ්ලිව්. ජයමාන්න, එඩී ජයමාන්න, රුක්මණී දේවි, හියුගෝ ප්‍රනාන්දු, ට්‍රිලිෂියා පීරිස්, ස්ටැන්ලි පෙරේරා, විජිත මල්ලිකා, ඇන්ටන් ප්‍රනාන්දු, ක්‍රිස්ටෝපර් පෝල්, සමන් ආතවුද, හෙන්රි කල්දේරා, විජය කුමාරතුංග, රන්ජන් රාමනායක, රොඩ්නි වර්ණකුල, සුනිල් තල්ගහගොඩ, සුනිල් මිහිඳුකුල, අශෝක කෝවිලගේ, විල්බට් ඇන්තනි, නෙවිල් ප්‍රනාන්දු, ගාමිණී ප්‍රනාන්දු, ඇන්ටන් ග්‍රෙගරි, බෙනඩික් මාස්ටර්, ඇන්ඩෲ ජයමාන්න, රන්ජන් මෙන්ඩිස්, ක්ලීටස් මෙන්ඩිස්, කාංචනා මෙන්ඩිස්, බොනිපස් ප්‍රනාන්දු, නිමල් ප්‍රනාන්දු, රිචඩ් මානමුදලි, ඇන්ටන් මිහිඳුකුල, නලීන් පෙරේරා, නීල් වරණකුලසූරිය, මැක්ස්වල් මෙන්ඩිස්, ජෝ බී. පෙරේරා, දිනේෂ් සුබසිංහ, ශිරෝමාලා ප්‍රනාන්දු, රුවන් ශ්‍රීලාල් දල්පදාදු.

සිටි එෆ් එම් හි නිවේදක ප්‍රසන්න බණ්ඩාරට

නිවේදක භූමිකාව තුළ සැබෑ හඬක් ලෙසින් ඔබේ හඬ හඳුන්වා දිය හැකිය. කලක් ජාතික රූපවාහිනියේ ප්‍රවෘත්ති නිවේදකයකු ලෙස සිට ඔබ වර්තමානයේ රූපවාහිනී විචිත්‍රාංග වැඩසටහන්වලට හඬ මුසු කරමින් වැඩසටහන සජිවීකරණය කරයි. සිටි එෆ්. එම්. හි ආරාධනා ඇතුළු විවිධ වැඩසටහන් තුළින් අවදි වන ඔබේ ගැඹුරු හඬ වර්තමාන නිවේදක සමූහයට කදිම ආදර්ශයකි.


SMS

කොතරම් ගායකයන් හිටියත් ඔහුගේ හඬින් ගැයූ ගීත ලොව පවතින තුරු සදාකාලිකයි. එච්. ආර්. ජෝතිපාල මහතාණෙනි, ඔබයි අපේ ගායක රජු.

ප්‍රදීප් රංගන අයියගේ පෙම් සිහිනේ ගීතය මරේ මරු. හරිම ලස්සන ගීතයක්.

ඔබේ රංගන දිවිය ඇරැඹුවේ දයාවතීගෙනි. අද වන විට ඔබ කොතරම් දියුණු වෙලාද. දැන් විකට චරිත රංගනයට ඔබ නැතුවම බැරි වෙලා.

අමරදේවයන්ගේ සන්නාලියනේ ගීතය තුළ ජීවිතයේ යථාර්ථය හරි අපූරුවට කියලා දෙනවා.

ජාතික පුෂ්පය, ජාතික සත්වයා, ජාතික වෘක්ෂය වගේම ජාතික ගායකයා වශයෙන් අමරදේවයන්ව නම් කරන්න.

වෛද්‍යවරුන්ට, ඉංජිනේරුවන්ට දේශපාලනය කරන්න හොඳ නම් කලාකරුවන් දේශපාලනයට ආවාම මොනවා වෙනවාද? මගේ මතයට අනුව කලාකරුවන් දේශපාලනයට ආවට කමක් නැහැ.

ලංකාවේ හොඳ චිත්‍රපට හැදුනට වැඩක් නැහැ. හොඳ සිනමා ශාලා අපට නැහැනෙ. චිත්‍රපට පෙන්වන්න රට වටා ශාලා හදන්න.

සෝමතිලක ජයමහ සතුව ඇති ගීත ප්‍රමාණය අතළොස්සකි. නමුත් ඒවා රන් හා සමානය.

අනර්කලී ආකර්ෂා යනු පුංචි තිරයට නැතිව බැරි නිළියකි. ඇයව නිතරම දක්නට ලැබෙනවා නම් මට සතුටුයි.

හඬ කැවූ කොරියානු කතා දැන් ඇති. කොරියාවේ අපේ නාට්‍ය හඬ කවලා පෙන්වන්නේ නැහැනෙ. ඉතින් ඇයි අපි එහෙම කරන්නේ.

ගුණදාස කපුගේ නැති අඩුව වෙන අය ඔහුගේ ගීත ගැයූ පමණින් පිරිමසාගත නොහැක.

රිචාඩ් වීරක්කොඩි භික්ෂු චරිතයකින් දකින්න ආසයි. ඔහු චණ්ඩි චරිතවලින් අපට දැකලා ඇති වෙලා.

දුලීකා, ඔයා පුදුම හැකියාවක් තියෙන නිළියක්.

ජනප්‍රිය හින්දි සහ සිංහල චිත්‍රපට පෙන්වන හිරු නාළිකාවට මාගේ ප්‍රණාමය.

ස්වාධීන රූපවාහිනියේ සෑම සතියේ දිනකම සවස විකාශය වූ ළමා නාට්‍ය යළිත් විකාශය කරන්න. එවකට පුංචි ළමයිව සිටි අප එය නරඹලා එමඟින් දෙන අවවාද ආදර්ශ හිතට ගත්තා. අපේ ජීවිත හැඩගස්වා ගන්න එම පුංචි නාට්‍යයන්ගෙන් අපට හැකියාව ලැබුණා.

පෙර තරම් රණවිරුවන් වෙනුවෙන් ගීත නිර්මාණය වන්නේ නැහැ. මං හිතන්නේ අප කලාකරුවන්ට ඔවුන්ව අමතක වෙලා වගෙයි.

පුංචි තිරයේ අහිංසකම පෙම්වතුන් ඉෂාරා සහ කවිංග විතරමයි.

සිරස නාලිකාවේ දිග හැරෙන සුජාතා ටෙලි ඩ්‍රාමා එක ඉතාමත් ලස්සනයි. එය දවසින් දවස කුතුහලය දනවන අයුරින් ඉදිරිපත් කරනවා. ඒ නිසා කොටසක් නෑරම අපි සුජාතා නරඹන්න පුරුදු වෙලා.

ජයන්ත චන්ද්‍රසිරි සහ අශෝක හඳගම යන මහත්වරුන්ටයි, ඔබලාගේ ඉදිරි සිනමා නිර්මාණ සඳහා මාලිනී ෆොන්සේකාව එකතු කරගන්න. ඇයට ප්‍රබල ප්‍රධාන චරිතයක් ලබා දී පැරැණි ප්‍රේක්ෂකයන් නැවතත් සිනමා ශාලාවලට ගෙන්වන්න.

රුවංගිට

වසරේ ජනප්‍රියම නිළියට හිමි සම්මානයට උරුමකම් කියූ ඔබ ඇත්තටම දක්ෂතා සපිරි යොවුන් කලා ශිල්පිණීයකි.

පොඩි මාමා නත්තලට කදිමයි

පොඩි මාමා ටෙලි වෘතාන්තය නත්තල් සමයේදී පව් කරන අයට ඉතා යෝග්‍ය නාට්‍යයක් බව කියන්න පුළුවනි.

සිනමා කලාව බැබල වූ මීගමු තරු

මර්සලින් ජයකොඩි පියතුමා, බී. ඒ ඩබ්ලිව්. ජයමාන්න, එඩී ජයමාන්න, රුක්මණී දේවි, හියුගෝ ප්‍රනාන්දු, ට්‍රිලිෂියා පීරිස්, ස්ටැන්ලි පෙරේරා, විජිත මල්ලිකා, ඇන්ටන් ප්‍රනාන්දු, ක්‍රිස්ටෝපර් පෝල්, සමන් ආතවුද, හෙන්රි කල්දේරා, විජය කුමාරතුංග, රන්ජන් රාමනායක, රොඩ්නි වර්ණකුල, සුනිල් තල්ගහගොඩ, සුනිල් මිහිඳුකුල, අශෝක කෝවිලගේ, විල්බට් ඇන්තනි, නෙවිල් ප්‍රනාන්දු, ගාමිණී ප්‍රනාන්දු, ඇන්ටන් ග්‍රෙගරි, බෙනඩික් මාස්ටර්, ඇන්ඩෲ ජයමාන්න, රන්ජන් මෙන්ඩිස්, ක්ලීටස් මෙන්ඩිස්, කාංචනා මෙන්ඩිස්, බොනිපස් ප්‍රනාන්දු, නිමල් ප්‍රනාන්දු, රිචඩ් මානමුදලි, ඇන්ටන් මිහිඳුකුල, නලීන් පෙරේරා, නීල් වරණකුලසූරිය, මැක්ස්වල් මෙන්ඩිස්, ජෝ බී. පෙරේරා, දිනේෂ් සුබසිංහ, ශිරෝමාලා ප්‍රනාන්දු, රුවන් ශ්‍රීලාල් දල්පදාදු.

ලිට්ල් ස්ටාර්

ගායන හැකියාවන් ඇති පොඩිත්තන්ගේ දක්ෂතාවයන් තව තවත් ඔප් නංවන අගේ කළ යුතු වැඩ සටහනකි දෙරණ ලිට්ල් ස්ටාර්.

ගී මනරම් ජනප්‍රියයි

සතියේ සෑම සඳුදා දිනකම රාත්‍රියේ වෙළෙඳ සේවයෙන් ප්‍රචාරය වන පැරැණි චිත්‍රපට ගීත අඩංගු ගී මනරම් වැඩ සටහන දැන් ඉතාම ජනප්‍රියයි. එහි පිටපත ලියා අධීක්ෂණය සිදු කරන ආචාර්ය අජන්තා රණසිංහට සහ එය ඉදිරිපත් කරන ශාන්ත කුමාර ලියනගේට අපේ ස්තුතිය.