|
|
ලංකාවේදී තැනූ බොම්බේ වෙල්වට් 2015 දී ඔබ හමුවටමේ වසරේ දකින අලුත් හින්දි චිත්‍රපට මොනවාද?
2015 නව වසරේ ආරම්භය සමඟින් බොලිවුඩ් රසික ඔබ බලා සිටින්නේ මේ වසරේ ඔබ හමුවට එන තරු කවුරුන් ද යන්නයි. ලොවම ආකර්ශනය දිනාගත් බොලිවුඩයේ වසරේ ආරම්භක චිත්‍රපටය ලෙසින් රිදී තිරයට පැමිණෙන්නේ අමිත් ෂර්මා අධ්‍යක්ෂණය කළ Tevar චිත්‍රපටයයි. ආදරය මෙන්ම හාස්‍යය ද රැගෙන එන මෙහි ක්‍රියාදාම ජවනිකා ද ඇතුළත් වේ. 2003 වසරේ තිරගත වූ Okkadu තෙළිඟු චිත්‍රපටයේ හින්දි චිත්‍රපටය ලෙසින් එළි දකින මෙය අර්ජුන් කපූර් සහ සෝනක්ෂි සිංගේ රංගනයෙන් ඔපවත් වේ.
මේ වසරේදී අක්ෂේ කුමාර්ගේ රංගනයෙන් ඔපවත් වන සිනමා නිර්මාණ කිහිපයක්ම ඔබ හමුවට එනු ඇත. ඒ අතරේ කරීනා කපූර්, ශ්‍රැති හසන් සහ අසීන් සමඟින් රගංනයේ යෙදෙන Gabbar හාස්‍ය මෙන්ම ක්‍රියාදාම ජවනිකාවන් ද ඇතුළත් චිත්‍රපටයකි. කබීර් ඛාන් අධ්‍යක්ෂණය කළ Brothers චිත්‍රපටයේ අක්ෂේ සමඟින් සිද්ධාර්ත් මල්හෝත්‍රා සහ ලාංකේය සුරූපිනිය ජැකලින් ෆර්ඩිනැන්ඩිස් රංගනයෙන් දායක වෙති. Brothers චිත්‍රපටය 2011 වසරේ තිරගත වූ Warrior හොලිවුඩ් චිත්‍රපටය ඇසුරින් නිර්මාණය වූවකි. හින්දි සිනමාවේ මෙන්ම දෙමළ සිනමාවේද අතිශය ජනප්‍රිය තරුවක වූ ප්‍රභූ දේවා යළිත් ආක්ෂේ මෙහෙයවමින් කළ චිත්‍රපටයක් තිරගත වනු ඇත. ඒ Singh is Bling චිත්‍රපටයයි. එය නැරඹීමට ඔබට මේ වසරේ ඔක්තෝබර් මාසය තෙක් බලා සිටීමට සිදු වනු ඇත. නීරජ් පාණ්ඩේ අධ්‍යක්ෂණය කළ Baby චිත්‍රපටය ද වසරේ විශේෂ ත්‍රාසජනක, ක්‍රියාදාම හින්දි චිත්‍රපටයක් වනු ඇත. එහිද අක්ෂේ කුමාර් සමඟින් තාප්සේ පානු සහ අනුපම් කේරි රංගනයෙන් දායක වෙති. ජැකලින් ෆර්ඩිනැන්ඩ්ස්ගේ රංගන දායකත්වය ලද මේ වසරේ තිරගත වෙන්නට නියමිත සිනමා නිර්මාණ අතරේ වික්‍රම්ජිත් සිංග් අධ්‍යක්ෂණය කළ Roy චිත්‍රපටය සුවිශේෂ වේ. එහිදී රන්බීර් කපූර් රෝයි නම් වූ සොරෙකුගේ චරිතයට පණ පොවද්දී ජැකලින් අයේෂා සහ ටියා ලෙසින් ද්විත්ව චරිත නිරූපණය කරන්නීය. Roy තිරගත වීමට නියමිතව ඇත්තේ පෙබරවාරි 13 වැනිදාය. 2010 වසරේ තිරගත වූ ජනප්‍රිය කොරියන් ක්‍රියාදාම චිත්‍රපටයක් වු The Man from Nowhere චිත්‍රපටයේ අනුවාදයක් ලෙස නිර්මාණය වූ Rokey Handsome චිත්‍රපටය පෙබරවාරි මාසයේදී තිරගතවීමට නියමිතව ඇත. ජෝන් ඒබ්‍රහම් සමඟින් ශ්‍රැති හසන් එහි රංගනයෙන් දායක වෙති. බොලිවුඩයේ පමණක් නොව ලාංකේය හින්දි රසික රසිකාවන්ගේ බලාපොරොත්තුවක් වූ Bombay Velvet චිත්‍රපටය ද මේ වසර තුළ තිරගත වන්නට නියමිතව තිබේ. හම්බන්තොට රන්මිහිතැන්න මහින්ද රාජපක්ෂ ටෙලි සිනමා ගම්මානය ඇතුළුව ගාල්ල, කොළඹ වැනි ප්‍රදේශ රැසක රූගත කළ මෙහි රංගනයන් මවන්නේ රන්බීර් කපූර්, අනුෂ්කා ශර්මා, කරන් ජොහාර්, කේ. කේ. මෙනොන් විසිනි. අනූව දශකයේ සුපිරි තාරකාවක වු රවීනා තන්ඩන් ද මෙහි රංගනයට එක් වේ. Bombay Velvet ලබන මැයි මාසයේදී ඔබට නැරඹීමට අවස්ථාව ලැබෙනු ඇත.
2013 වසරේදී Ramleela සමඟින් රන්වින් සිං සහ දීපිකා පදුකෝන් පෙම්වතුන් බවට පත් කළ සන්ජේ ලීලා බන්සාලි මේ වසරේදී ඔවුන් යළිත් තිරයට කැඳවාගෙන ඒමට සූදානම්. එදා පෙම්වතුන් ලෙසින් වෙන් වූ රන්වීර් – දීපිකා Bajirao Mastan චිත්‍රපටයේ සැමියා සහ බිරිඳ ලෙසින් ඔබ හමුවට පැමිණේ. මරාත අධිරාජ්‍යයේ අග්‍රාමාත්‍යවරයකු වූ පළමු බාජ්රාඕ ලෙසින් රන්වීර් චරිත මවන විටදී දීපිකා ඔහුගේ දෙවැනි බිරිඳ වු මස්තානි ලෙසින් රඟන්නීය. ප්‍රියංකා චොප්රා බාජ්රාඕගේ පළමු බිරිය කෂිබායි නම් චරිතයට පණ පොවන්නීය. 2014 වසරේදී Bhoothnath Returns සහ Happy New Year චිත්‍රපට තුළින් රිදී තිරය හැඩ කළ කිං ඛාන් මේ වසරේදී රිදී තිරයෙන් දැක ගැනීමට නම් ඔබට සෑහෙන කාලයක් බලා සිටීමට සිදුවනු ඇත. මේ වසර තුළ ෂාරුක් රංගනයෙන් දායකවන චිත්‍රපට අතුරින් තිරගතවීමට නියමිතව ඇත්තේ එක් චිත්‍රපටයක් පමණි. ඒ මහේෂ් ෂර්මා අධ්‍යක්ෂණය කළ Fan චිත්‍රපටයයි. ලබන අගෝස්තු මාසයේදී තිරගතවීමට නියමිතව ඇති එය යාෂ් රාජ් චිත්‍රපට ඉදිරිපත් කිරීමකි. එහිදී ඉලෙයානා ඩි කෲස් සහ වානි කපූර් ශාරුක් සමඟින් සමඟ රඟති. සල්මන් ඛාන්ගේ රංගනයෙන් හැඩවන Bajrangi Bhaijaan ක්‍රියාදාම චිත්‍රපටය රිදී තිරයට පැමිණෙන්නේ ජූලි මාසයේදීය. ඉස්ලාම් තරුණයෙක් සහ හින්දු තරුණියක අතර ඇතිවන ආදරයට ඇතිවන සමාජමය බලපෑම් තර්ජන හා ඒවාට ඔවුන් මුහුණ දෙන අයුරු ගෙන එන මෙහි සල්මන් සමඟ කරිනා කපූර් සහ නව්සුදීන් සිද්දික් රංගනයෙන් දායක වෙති. පවුලේ චිත්‍රපටයක් වන Prem Ratan Dhan Payo හි සල්මන් ඛාන්, සෝනම් කපූර් සහ නීල් නිතින් මුකේෂ් රඟති. අනුපම් කේර් අධ්‍යක්ෂණය කළ මෙම චිත්‍රපටය තිරගතවීමට නියමිතව ඇත්තේ නොවැම්බර් පළමුවැනිදාය.
2007 වසෙර්දී තිරගත වූ Welcome චිත්‍රපටයේ දෙවැන්න Welcome Back නමින් මේ වසරේදී තිරගත කෙරේ. අනිල් කපූර්, නානා පටේකාර් සහ පරේශ් රාවල්ගේ රංගනයන් ද සමඟින් නව චිත්‍රපටය සඳහා ජෝන් ඒබ්‍රහම් සහ ශ්‍රැති හසන් අලුත් චරිත දෙකකින් එකතු වේ. මේ වසරේ ඔබට ලැබෙන්නට නියමිත නත්තල් ත්‍යාගය වන්නේ Tamasha චිත්‍රපටයයි. 2015 දෙසැම්බර් 25 වැනිදා තිරගතවීමේ සූදානමින් සිටින එහි රංගනයෙන් දායක වෙන්නේ රන්බීර් කපූර් සහ දීපිකා පදුකෝන්ය. ඉමිතියාස් අලි අධ්‍යක්ෂණය කළ Tamasha ප්‍රංශයේ සහ ඉන්දියාවේ ශිම්ලාහි පිහිටි සුන්දර ස්ථාන රැසක රූපගත කර තිබේ. උදා වූ මේ වසරේදී සුරූපී ඓශ්වර්යා රායි බච්චන්ගේ රංගනයන් ඔබට දැකගන්නට නොලැබුණ ද ඓශ් හා කිං ඛාන් රඟන අලුත්ම චිත්‍රපටයක් ගැන මේ දිනවල බොලිවුඩයේ කතාබහට ලක් වේ. 1958 තිරගත වූ හාස්‍යමය චිත්‍රපටයක් වන Chalti ka Naam Gaadi නව නිෂ්පාදනයේ ඓශ් - ෂාරුක් ඔබට දැක ගත හැකි වනු ඇත. එය අධ්‍යක්ෂණය කරනු ලබන්නේ රෝහිත් ෂෙට්ටි විසිනි. කරන් ජොහාර්ගේ මීළඟ චිත්‍රපටය සඳහා ද ඓශ් දැනටමත් ගිවිසුම් අත්සන් කර තිබේ. Ae Dil Hai Mushkil නම් වූ එහි රන්බීර් කපූර් සමඟින් අනුෂ්කා ශර්මා ද රංගනයෙන් දායක වෙති. මෙය කරන් හා ඓශ් හමුවන පළමු අවස්ථාවයි. කරන් සිය ට්ව්ටර් වෙබ් අඩවියේ එය සඳහන් කිරීමෙන් පසු රසික රසිකාවන් විශාල පිරිසකගෙන් උණුසුම් ප්‍රතිචාර ලැබී ඇත.
|



1920.
Evil Returns සහ Ragini MMS 2 වැනි වාර්තා තැබූ චිත්‍රපට ගෙන ආ භූෂන්
පටේල්ගේ නවතම සිනමා නිර්මාණය වන Alone චිත්‍රපටය ද ජනවාරි 16 වැනිදා සිට තිරගත වීමට
නියමිතව ඇත. ත්‍රාසජනක චිත්‍රපටයක් වන Alone හි කරන් සිංග් සමඟින් බිපාෂා බාසු
රංගනයෙන් දායක වෙති. වසර පහක් පුරාවට තිරගත වීමට පෙරුම් පුරමින් සිටි
Sharafat Gayi Tel Lene චිත්‍රපටය ද මේ වසරේ තිරගත කිරීමට සූදානමින් සිටියි. සයිඩ් ඛාන්,
ටීනා දේසායි, පරේෂ් රාවල් සහ අනුපම් කේර් රඟන මෙහි අධ්‍යක්ෂණය ගුරම්මිත් සිංග්
විසිනි.
බොලිවුඩයේ සුපිරි තරුව අමිතාබ් බච්චන් ඔබට රිදී තිරයේදී දැක ගත හැකි වන්නේ අප්‍රේල්
මස තිරගත විමට නියමිතව ඇති හාස්‍යමය කතා තේමාවක් ගෙන එන Piku චිත්‍රපටය තුළිනි.
පියෙකු හා දියණියක අතර කතා පුවතක් ගෙන එන මෙහි අමිතාබ් සමඟින් දීපිකා පදුකෝන් සහ
ඉර්ෆාන් ඛාන් රංගනයෙන් දායක වෙති.
අනුරාග් බාසු අධ්‍යක්ෂණය කළ රන්බීර් කපූර්, කත්‍රිනා කායිෆ්, ගෝවින්ද රඟන හාස්‍යමය
චිත්‍රපටයක් වන Jagga Jasoos අගෝස්තු 28 වැනිදා තිරගත කිරීමට දින නියමව ඇත.
අභිෂේක් බච්චන්, අසීන්, රිෂි කපූර් සමඟින් තුල්සි ලෙසින් ඔබේ ආදරය දිනාගත්
ස්මිත්‍රි ඉරානි රඟන All Is Well ජූලි 3 වැනිදා සහ 2011 වසරේ මූම්බායි ත්‍රස්ත
ප්‍රහාරය ඇසුරෙන් නිර්මාණය වූ Phantom අප්‍රේල් 3 වැනිදා තිරගත කිරීම සඳහා දින
නියම වී ඇත. සායිෆ් අලි ඛාන් සමඟින් කත්‍රිනා මෙහි ප්‍රධාන චරිත වෙනුවෙන් පණ පොවති.
