|
|
ලස්සනම ලස්සන චිත්‍රපටයක් ගැන සටහනක්
බොහෝ දුර ඈත පළාතක වැව් බැම්මක් දිගේ මිනිසුන් පිරිසක් තඩලා ගෙන එනුයේ පියානෝවකි.මේ පියානෝව පසුපස හතිලමින් එන්නේ කලිසම්කාර මහත්තයෙකි.ලෝක බැංකු ආධාර අනුව ගමේ පාසලට පියානෝව බාර දීමෙන් ඔහුගේ රාජකාරිය හමාර වෙයි.ගමටම සින්න වුණ විදුහල්පති තුමා පාසලට අඩුවක් ව පැවැති පියානෝව සෙසු භාණ්ඩ ගොන්නටම දමයි.
45 වැනි ඉන්දියානු අන්තර්ජාතික සිනමා උළෙලේ විවිධ අංශ යටතේ තිර ගත වන චිත්‍රපට අතර
මෙකී චිත්‍රපටය අයත් වනුයේ දකුණු ආසියාවට කවුළුවක් යන අංශයටය.එය ප්‍රදර්ශණය වනුයේ
අයිනොක්ස් සිනමා සංකීර්ණයේ සිව් වන සිනමාහලේය.මෙම සිනමා සංකීර්ණයට ශාලා හතරක්
ඇතුළත්ය.චිත්‍රපට ප්‍රදර්ශණය පැවැත්වෙන සම්පූර්ණ සිනමාහල් සංඛ්‍යාව හතකි.මෙම
චිත්‍රපටය නරඹන්නට මා යන්නේ ලෝක සිනමා අංශයේ තිර ගත වන ආන්ද්‍ර්‍යා කොන්චලොව්ස්කි
ගේ නවතම චිත්‍රපටය වන ද පොස්ට්මන් වයිට් නයිට්ස් අත හැර දමමිනි.කලකට ඉහත සෝවියට්
දේශයේ සිටි සෝවියට් දේශය බිඳ වැටීමත් සමග යළි රුසියාවට ගිය ඔහු දැන් චිත්‍රපට නිර්මාණය කරනුයේ එහි සිටය.එමෙන්ම මෙවර උළෙලට ඇතුළත් වූ අංගයක් වන ඉන්දියානු නර්තන ඉතිහාසය විදහා පාන චිත්‍රපට අංශයට ඇතුළත් වූ සම්භාවනීය ඉන්දියානු සිනමාකරු වී.ශාන්තාරාම් ගේ ජින්ජාරා චිත්‍රපටය ද අතපසු කරන්නට මට සිදුවනුයේ මේ චිත්‍රපටය නිසාය.එයට එකම හේතුව මේ නරඹන්නේ මෙවර ඉන්දියානු සිනමා උළෙලේ තිර ගත වන එකම සිංහල චිත්‍රපටය වීමය.එහි අධ්‍යක්ෂ ඉන්දික ෆර්ඩිනැන්ඩු ද සිනමා උත්සවයට සහභාගිවන්නට පෙරදා ගෝවේ බලා පැමිණි අතර චිත්‍රපටයේ සහාය අධ්‍යක්ෂ දමින්ද මඩවල උළෙල ආරම්භයේ සිට චිත්‍රපට නැරඹීමෙන් අනතුරුව පසු දින පෙරළා ආපසු යෑමට නියමිතය. පසුගිය වසරේ නම් දමින්ද මෙන්ම කලා අධ්‍යක්ෂ ලාල් හවීන්ද්‍රනාත් ද සිනමා උළෙල නිමා වන තෙක් එරට සිටියහ.උළෙල නිමා වන තෙක් මෙවර රැඳී සිටිනුයේ මා පමණී.චිත්‍රපටය නමින් හෝ ගානා පොකුණ යි.ඉංගී‍්‍රසියෙන් නම් කරන ලද්දේ ඊඩඥ ඉඪදඨඪදඨ ර්‍ථධදඤ යනුවෙනි.චිත්‍රපටය ආරම්භ කොට මුල් මිනිත්තු පහ ඇතුළත එහි චරිත ද පසුබිම ද සිනමාකරු ආලවට්ටම් වලින් තොරව ඉදිරිපත් කොට ඇත.එය නැරඹීමට කාලය වැය කිරීමට කමක් නැතැයි දැන් මට විශ්වාසයක් ඇත. සිනමාකරණයෙහි සහ තිර රචනයෙහි ඇති අපූර්වත්වය මගේ සිත ඇද ගනී.තව දුරටත් වෙනත් චිත්‍රපට සඳහා සිනමාහලින් අතරමග නැගිට යෑමට අවශ්‍ය නැත.එබැවින් මම හෝ ගානා පොකුණේ ගිලෙන්නට සිතා ගතිමි.
ගමේ පාසලට දමා යන මේ දැවැන්ත පෙට්ටගම කුමක්දැයි ළමුන් කිසිවකු නොදනියි.විදුහල්පතිතුමා පවසන්නේ එහි මකරෙකු ලැගුම් ගෙන ඇති බවය.කෑලි හැලෙන බස් රිය සුපුරුදු පරිදි එදාත් මග නතර වෙයි.යනවාට වඩා තල්ලු කළ යුතු බස්රිය තල්ලු කරන්නට මගීහු එයින් බසිති.එහෙත් වෙනදා මෙන් නොව එදා එයට අලුතෙන් ගොඩ වුන අමුත්තියකි.ඇයපෙනුමෙන්ම ගැමි ගැහැනියක් නොවූවාය.ගමට නුහුරු ඇය කලිසම් ඇඳී නෝනා කෙනෙකි.එහෙත් ඇය පිරිමින් මෙන් හරි බරි ගැහී බස් රිය තල්ලු කරන්නට එක් වන්නීය.මේ අප මුල් දර්ශණයේ දකින යුවතියයි.ඇගේ නම උමාය. දඟකාර දරුවකු හෙමිහිට විදුහල්පති වරයාට හොරෙන් මකරා සිටින පෙට්ටිය විවර කරයි.එහෙත් එහි මකරෙකු නැත.මුළු පාසලටම ඉන්නේ ළමයින් දහ අට දෙනෙකි.මේ අතරින් එක් දැරියක් අන්ධය.ලෝකය විශ්ව ගම්මානයක් වුව ද මේ ගම එයට ඇතුළත් නැත.එහි විදුලිය නැත.කිසි දිනෙක සාරිය නොඇඳී උමා මුල් වරට සාරිය අඳීන්නේ පාසලේ ලොකු මහත්තයාගේ බිරින්දෑගේ උදව්වෙනි. උමා ගමට ගෙන එන්නේ අලුත් හැඟිමකි.පසුවදා උදෑසන පාන්දරින් ඇය මකරුන් රැඳී පියානෝවේ පුවරු මත සිය ඇඟිලි තැබුවාය.මුළු ගමම එයින් පිබිදිණ.තම ඒකාකාරි ජීවිතයේ වෙනසක් ඇති වන වග මිනිසුන්ට දැනිණ.වැවෙන් කුඹුරෙන් එහා ලෝකයක් දරුවන් ඉදිරියේ ඇතැයි ඇය පහදා දුන්නාය. 45 වැනි ඉන්දියානු අන්තර්ජාතික සිනමා උළෙල පිළිබඳ ලිපි මාලාව අවසන් කරන්නට මා අපේ චිත්‍රපටයක් තෝරා ගනු ලැබුවේ හේතු ඇතිවය.පසු ගිය වසර ගණනාව මුළුල්ලේම මෙම සිනමා උළෙලේ දී අපේ චිත්‍රපට විවිධ කතා බහට ලක් වනු මා දැක ඇත.සමහර චිත්‍රපට සඳහා මගේ එකඟතාවක් නැතත් කවර හෝ අපේ චිත්‍රපටයකට ලැබෙන බුහුමන දකින්නට මම කොන්දේසි විරහිතව කැමැත්තෙමි.මේ බොහෝ අවස්ථාවන්ගේදි අපේ චිත්‍රපට පිළිබඳ අවසානයේ කතිකාවක යෙදෙන්නේ සිනමා විද්වතුන්ය.විචාරකයන් ය.ඔවුහු චිත්‍රපටය පිළිබඳ සිනමාකරුවන් සමග විවිත්‍රවත් කතා බහක යෙදෙනු මම දැක ඇත්තෙමි. එහෙත් හෝ ගානා පොකුණ සදහා ලැබුණ ප්‍රතිචාරය එයට වඩා වෙනස්ය.එය තිර ගත කරන ලද්දේ තරගකාරි අංශයේ නොවේ.එනමුදු එයට ලැබුණ ප්‍රතිචාරය අන් සියල්ලට වඩා ඉහළය.චිත්‍රපටය නිම වීමෙන් අනතුරුව අවම වශයෙන් මිනිත්තු හතරක් වත් එක දිගට ප්‍රේක්ෂකයන් සිය අසුනින් නැගිට දුන් අත් පොළසන් නාදයෙන් ශාලාව පිරී ගියේය. සිනමා කෘතිය නැරඹු එක් කාන්තාවක් සිනමාකරු හමුවට ගොස් පවසා සිටියේ මෙවර උළෙලේ ඇය දුටු සුන්දරම චිත්‍රපටය හෝ ගානා පොකුණ යනුවෙනි.එහෙත් හෝ ගානා පොකුණ නිකම්ම සුන්දර චිත්‍රපටයක් ලෙස අර්ථ දක්වන්නට මම අකමැත්තෙමි.එය ඉතා ගැඹුරු සමාජ දහමක් ගෙන එන චිත්‍රපටයකි.එක් අතකින් සදශ උපහාසය ගෙන දෙන දේශපාලන ප්‍රහසනයකි.තවත් අතකින් අග්‍රගණ්‍ය ළමා චිත්‍රපටයකි.එය ළමයින් පෙන්වා වැඩිහිටි කතාවක් ගෙන චිත්‍රපටයක් නොවේ.
ළමයින් රඟපාන පළියට ළමා චිත්‍රපට බිහි වනුයේ ද නැත.එහෙත් හෝ ගානා පොකුණ වචනයේ
පරිසමාප්ත අර්ථයෙන්ම ළමා චිත්‍රපටයක් විය.මේ සුන්දර ගම්මානයේ වෙසෙන මිනිසුන ලෝකය
සමග ගණුදෙනු කරනුයේ අඩුවෙනි.එහෙත් ලෝකය පිළිබද ඔවුන්ගේ බලාපොරොත්තු එමටය.එයින් මිදී
සුවිසල් ලෝකය දකින්නට නැතහොත් තමන්ගේ දරුවන්ගේ ඇස් පාදන්නට ඇති කැමැත්ත එමටය.එහි
දුෂ්ටයෝ නැත.දුෂ්ට කම් කරන්නට තැත් කරන්නා අමන මරි මෝඩ තකතිරුවෙකු ලෙස අපි
දකින්නෙමු.ඔහු උදහසට ලක් වන්නේ නැත.ඔහු දුෂ්ටකමක් කරනවාට කමක් නැත්තේ හැමවිටම එය
කෙළවර වනුයේ හැමවිටම උගුල අටවන්නා අමාරුවේ වැටීමෙන් නිසා මතුවනුයේ
හාස්යැයකි.පෙම්වතා මාවතේ විප්ලවයකින් ලෝකය වෙනස් කර ලන්නට තැත් කරද්දි පෙම්වතිය
ලෝකය වෙනස් කරලන්නට තැත් කරලනුයේ වඩා ප්‍රායෝගිකවය. ජීවිතයේ මුල් වරට මුහුද ගැන අසන දරුවන් මුහුද කොයි හැටිදැයි දකින්නට ආසා කරති.එය ගමට මුහුදක් වන වැවට වඩා ලොකු එකක් බව විශ්වාසය.ඉඳීන් ඔවුන් ට නින්ද යන්නේ නැත.සැතැපුම් සිය ගණනාවකට එපිට ඇති වැවට වඩා ලොකු ජලාශය සොයා යා යුතුය.තව දුරටත් හෝ ගානා පොකුණ ගැන කියන්නට මම මැළි වෙමි. එය ඔබ විඳීය යුතුය. දැකිය යුතුය.චිත්‍රපටය පුරා සිටින සෙසු දරුවන්ගේම කෙනෙකු වන අන්ධ දැරියට දැනෙන දෙය ඔබටත් දැනිය යුතුය.එය භාවාතීශය දන වන පුවතක් නොවේ.සැබෑ ජීවිතයේ අන්ධ දැරියක නොවන ඇය ඉතා අපුරුවට සිය චරිතය ගොඩ නංවා ගනියි.මේ ජිවිතයේ කොහෝ හේ කොතැනක හෝ ජීවිතයේ එක් තැනක හෝ ගානා පොකුනේ චරිතයක්ව ඔබත් සිටින්නට ඇතැයි මම විශ්වාස කරමි.එහි සිටින්නො අප දන්නා හඳුනන මිනිසුන්ය.චිත්‍රපටය සඳහා කිසි විටෙකත් ඇහින්දාස් නළුවන් භාවිතා නොකරන සිනමාකරු එහි තිර රචනයේ සිට සියළු අංග දක්වා තම අභිමතය රඳවා සිටින වගක් පෙන්වා දෙයි.බොහෝ සිනමාකරුවන්ගේ ඇස නොගැසෙන කතාන්දරයක් ඔහු සිනමාවට නංවයි.එය නිරවුල් අත්දැකීමකි. සිනමා කෘතියක් නරඹන විට එය හැමවිටම යථාර්තයෙන් පලායන්නකි.සිනමාකරු සමතෙකු වනුයේ එය විශ්වාස කරන තැනට ප්‍රෙක්ෂකයා පත් කරවිමයි.ස්ටිවන් ස්පිල්බර්ග්ලා පමනක් නොව අපේ පැරනි පරම්පරාවේ ලෙනින් මොරායස් ලා පවා සාර්ථක සිනමාකරුවන් වනයේ එතැනිනි.එහෙත් ජිවිතයෙන් මිදී යන්නට සැබෑ සිනමාකරුවන් සිය ප්‍රේක්ෂකයාට ඉඩ නොදෙයි.බොහෝ ලාංකික සිනමා කරුවන් ගේ නොතිබුණ මේ ගුණය ඉන්දික සිය සිනමා කෘතියෙහි මුල් විනාඩි කිහිපයෙහිම ගොඩ නගන්නට සමත් වෙයි.එපමනක් නොව ඔහු එය මුළු මහත් චිත්‍රපටය පුරා රඳවා ගන්නට ද සමත් වෙයි. මේ වූකලි බොහෝ අපේ චිත්‍රපට වල නැති ගුණයයි.ඒ සමග මිනිසුන් පිලිබඳ ආදරය කරන්නට ද ඔහු අපව පොළඹවා ගනියි. ජීවිතය පිළිබඳ ඉලක්ක සහගත ගමනකට අප හුරු කරවයි.හෝ ගාන පොකුණ පිළිබඳ බොහෝ දේ ලියන්නට මට අවශ්‍ය වුවත් පුවත්පතෙහි ඉඩ කඩ එයට සීමා පනවයි.එබැවින් ඉදිරියේදී දිනක හෝ ගානා පොකුණ පිළිබඳ තවත් බොහෝ දේ ලියැවෙනු ඇත.එහෙත් ඉන්දියානු අන්තර්ජාතික සිනමා උළෙලේ දී චිත්‍රපටය ලද ප්‍රේක්ෂකයන්ගේ දැවැන්ත උණුසුම් ප්‍රතිචාරය මට කිසි කලක අමතක වනුයේ නැත.මේ චිත්‍රපටය ඉතා ඉක්මනින් මෙරට ප්‍රේක්ෂකයන්ට දැක ගැනීමට ඉඩ සැළසීම වඩා වැදගත් බැව් මම විශ්වාස කරමි. 45 වැනි ඉන්දියානු අන්තර් ජාතික චිත්‍රපට උළෙලේ දී මම දිගු කලකට පසු කොන්දේසි විරහිතව සිංහල චිත්‍රපටයකට ඇළුම් කළ වග මේ ලිපි මාලාව සමාප්ත කරමින් ලියමි.මේ සංචාරයේ දී ලේක් හවුස් ආයතනය වෙනුවෙන් අනුග්‍රහය දැක්වීමට ඉදිරිපත් ව යහපත් සිනමාවක් අපේක්ෂා කළ සුනිල් ටී ප්‍රනාන්දු හිතවතානන්ට අපි ස්තූතිය පළ කරමි.එමෙන්ම සුනිල් ධර්මසිරි මහතා ද අපි සිහිපත් කරමු.
|



මුහුදු වෙරළ අද්දර ඇය බලා සිටිනුයේ සිය පෙම්වතා එතැයි බලාපොරොත්තුවෙනි.ඔහු සරසවි
සිසුවෙකි.ලෝකය වෙනස් කරලීම ඔහුගේ අභිප්‍රාය බැව් ඇය නොදන්නවා නොවේ.සුපුරුදු පරිදි
අද ද පොලීසිය සමග ගැටුණු ඔහු වෙනදා පුරුදු ඉස්පිරිතාලයට ගොස් බෙහෙත් දමා ගෙන යළි
විශ්ව විද්‍යාලයට යන්නේ අරගලයේ සෙසු හවුල්කරුවන්ට එක් විය යුතු බැවිනි.බොහෝ සරසවි
සිසුන් මෙන් ඔහු ද ශිෂ්‍ය අරගලයන්හි නිරත වෘත්තිය ගුටි කන්නෙකු බව අපි සැනෙකින්
අවබෝධ කර ගතිමු.යුවතියට දුර පළාතකට ගුරු පත්විමක් ලැබී ඇත.මේ කෙල්ල
හිතුවක්කාරියකි.ඇය එම පත්වීම බාර ගනුයේ ලෝකය වෙනස් කරලන්නටය.ඇය මොන ජාතියේ
කෙල්ලක්දැයි දැන ගන්නට අපට වැඩි වෙලාවක් ගත වන්නේ නැත.
කොන්චලොව්ස්කි පසු කලක එයින් පළා ගොස් අමෙරිකාවට පැමිණ රනවේ
ට්‍රේඉන්,මරියාස් ලවර්ස්,වයිට් නයිට්ස් වැනි චිත්‍රපට කිහිපයක්ම නිර්මාණය
කළේය.
හෝ ගානා පොකුණ නිර්මාණය කළ ඉන්දික ෆර්ඩිනැන්ඩු මෙරට නමගිය තරුණ නාට්‍ය කරුවකු
විය.ඔහු නිර්මාණය කරන ලද ජනාධිපති තාත්තා සහ කලම්බෝ කලම්බෝ නාට්‍ය යුගළම මෙරට
වේදිකාවේදී බෙහෙවින් විචාරක සම්භාවනාවට ද ප්‍රේක්ෂක ආකර්ෂණයට ද ළඟා විය.හෝ ගානා
පොකුණ ඔහුගේ මුල්ම සිනමා නිර්මාණයයි.