|
|
ග්‍රාම නිලධාරි රැකියාව නිවේදනයට ආශිර්වාදයක්
ශානිකා මගේ මුහුණේ මොනවද ගෑවා ස්ටේජ් එකෙන් හොඳ හූවක් ආවා
ඒ අදහස් පැවසුම ජගත් නාත්තණ්ඩියගෙන්. අද වන විට ප්‍රසංග වේදිකාවේ කාර්යබහුලම නිවේදකයකු වන ඔහු තම ගමන අරඹන්නේ එලෙසින්. මම ඉපදුණේ වෙන්නප්පුවේ. වෙන්නප්පුව කියලා කියන්නේ සංගීතයට ළැදි ප්‍රදේශයක්නේ. සංගීත කණ්ඩායම් බහුලයි. ප්‍රසංගත් අනන්තවත් පැවැත්වෙනවා. මම මුලදී සයිඩ් නිවේදකයෙක්. ඔන්න දවසක් අහම්බෙන් තිලක් කුමාර රත්නායක අයියට එන්න බැරි ප්‍රසංගයක් මට කරන්න ලැබුණා. මාත් පුළුවන් උපරිමයෙන් නිවේදන කටයුතු කළා. එදා ඉඳලා ගමෙන් මට සෑහෙන්න ප්‍රසංග ලැබුණා. ටිකක් කල් ගිහිල්ලා ෆ්ලෑෂ්බෑක් කණ්ඩායමේ නිත්‍ය නිවේදකයා බවට පත් වුණ. නිවේදකයකු විදිහට යුරෝපය, ප්‍රංශය, ඉතාලිය, ජර්මනිය, ග්‍රීසිය වැනි රටවල් ගණනාවක සංචාරය කරන්න ලැබීම මා ලද වාසනාවක්. ඔන්න එක පාරක් ඕස්ට්‍රේලියාවට ගියා ප්‍රසංගයකට. එහෙට යද්දී හදිසි අනතුරකින් සංවිධායක මිය ගිහින්. එදා අපි පාඩු විඳලා ආවා. ඒක මගේ නිවේදන ජීවිතයේ අමතක නොවන අත්දැකීමක්. ඔය වගේ සිද්ධි වෙලා තියෙනවා. ලංකාවයි ඉන්දියාවයි අතර මැච් එකක් තිබුණා. ලංකාව දිනාගෙන ආවා. මාත් ඉතින් ප්‍රසංගයේදී කිව්වා ලංකාව ජයග්‍රහණය කළා කියලා. එතැන සිටි අය ජය ඝෝෂා පැවැත්වූවා. අන්තිමේ මැච් එක පැරදිලා. මටත් බැනුම් අහන්න සිද්ධ වුණා. ප්‍රසංගයක් පටන් ගන්න කලින් අපේ බේබි ශානිකා ස්ටේජ් එක පිටුපසට වෙලා මේකප් දදා ඉන්නවා. මගේ ළඟටත් ඇවිත් මුහුණේ මොනවද ගෑවා. මම ඒවා පිටින්ම ස්ටේජ් නැග්ගා. හොඳ හූවක් ආවා. මට හිතාගන්න බැහැ. දුවලා දුවලා ගිහින් ළඟ තිබුණු වාහනයක කණ්නාඩියකින් මුහුණ බැලුවා. මාව පෙනුණේ අභිරූපණ රංගන ශිල්පියකු විදිහට. මම ශානිකාට බැන බැන මේකප් ටික හෝද ගත්තා. මේ වන විට මම නිවේදනයට ඇවිත් අවුරුදු විස්සයි. දස්සයි විස්සයි ගමම පසසයි යනුවෙන් ගමෙන් මට උපහාර ප්‍රසංගයක් ද පැවැත්වූවා. එයට සියලුම සංගීත කණ්ඩායම් සහභාගි වුණා. නිවේදකයෙක් විදිහට කටයුතු කළාට මම වෘත්තියෙන් ග්‍රාම නිලධාරියෙක්. ඒක සුන්දර රැකියාවක්. මට ඒ රැකියාව නිවේදනයට ආශිර්වාදයක්. ඒ වගේම මම පුංචියට ව්‍යාපාරයක් ද පවත්වා ගෙන යනවා. මේ කටයුතු මැද හැමදාමත් නිවේදකයකු ලෙස ඉදිරිය දකින්නයි මගේ එකම අපේක්ෂාව.
|



මම පොඩි කාලේ හරිම ආසයි සංගීතයට. සිංදු කියන්න ඇත්නම් වෙන දෙයක් ඕනෑ නැහැ. දිනක්
ඉස්කෝලේ මං සිංදුවක් කියනවා අහගෙන හිටපු ගුරුවරයකු මට කිව්වනෙ මම ගයනවා හරිම කැතයි
කියලා. මට ඇඬුණා. එදා ඉඳලා මම තීරණය කළා නිවේදනය පැත්තට යොමුවෙන්න.