වර්ෂ 2014 ක්වූ දෙසැම්බර් 25 වැනිදා බ්‍රහස්පතින්දා




බලනවා නම් චිත්‍රපට

රජිණි කාන්ත් සමඟ නැවතත්

ලින්ගා (LINGAA)

දකුණු ඉන්දීය රිදී තිරයේ සුපිරි නළු රජිණි කාන්ත් රඟන ලින්ගා මේ දිනවල ඉමහත් ජනාදරයට පත් චිත්‍රපටයකි.

1940 කාල වකවානුව සහ නූතන කාල වකවානුව පදනම් කරගෙන තැනු ලින්ගා හි මුල් කාල වකවානුවේදී රජිණි කාන්ත් සමඟ සෝනක්ෂි සිං ද නූතන කාල වකවානුව අනුෂ්කා ද ෂෙට්ටි රඟන අතර පසුපති, විජය කුමාර්, රාධා රවි, නිලංගල් රවි, කේ. විශ්වනාත් සෙසු චරිත රංගනයෙන් දායක වෙති.

64 හැවිරිදි වියේ පසුවන රජිණි කාන්ත් ලින්ගා හි නව යොවන් තරුණයකු මෙන් කරන රංගනය නළුවකුට චරිත රංගනයේදී වයස් පරතරයක් බලනොපාන බවට කරන කදිම රංගනයකි.

රොක්ලීන් වේන්කටේස් නිෂ්පාදනයෙන් ද, ඒ. ආර්. රහමන් සංගීතයෙන් ද දායක වන ලින්ගා අතිශය ජනප්‍රිය චිත්‍රපට රැසක් තැනූ ආර්. එස්. රවි කුමාර්ගේ අධ්‍යක්ෂණයකි.

විචාරක අවධානයට අවුරන්ග්සෙබ්

රිෂි කපූර්, ජැකී ශෙරෝෆ්, අර්ජුන් කපූර්, ප්‍රීති විරාජ්, සුකුමාරන්, අම්රිටා සිං, දීප්ති නවාල් සමඟ අනුපම් කේර් රඟන අවරන්ග්සෙබ් චිත්‍රපටය මෑත භාගයේ විචාරක මෙන්ම ප්‍රේක්ෂක අවධානය දිනූ චිත්‍රපටයකි.

මෙය අතුල් ශබාර්වාල්ගේ අධ්‍යක්ෂණයකි. කවදත් නව තේමාවේ චිත්‍රපට තනන යාෂ් රාජ් ෆිල්ම්ස් අවුරන්ග්සෙබ් නිෂ්පාදනය කර ඇත.

අතුරුදහන් වීමේ අභිරහස

රික්ලේම් (Riclaim)

ස්ටීවන් සහ පැසේන් කුඩා ගැහැණු දරුවකු දරුකමට හදා ගැනීමට ගන්නේ ඇගේ භාරකරුවන්ට විශාල මුදලක් ලබාදීමෙනි.

ඔවුන් දෙදෙනා ඇයට මහත් දේ ආදරය කරයි. එහෙත් ඇය අනපේක්ෂිත ලෙස අතුරුදහන් වේ. ඇයගේ අතුරුදහන්වීම පිටුපස විශාල අභිරහසක් ඇති බව ඔවුන් තේරුම් ගනියි. එහෙත් ඔවුන් උත්සාහය අත් නොහරියි.

ඉතාමත් සංවේදී කතා පුවතක් ඇසුරෙන් තැනූ හොඳ ඉංග්‍රීසි චිත්‍රපටයක් ලෙස ප්‍රේක්ෂක සැමට නැරැඹිය හැකි රික්ලේම් චිත්‍රපටය ඇලන් වයිට්ගේ අධ්‍යක්ෂණයකි.

ජෝන් කොසෑක්, රයන් පිලිප්ස්, රුචෙල්, ලී ෆීවර්, ජැකී ටේවර් රංගනයෙන් එක් වෙති.

නායිගල් ජාකිරතායි

(NAAIGAL JAAKIRATHAI)

ජනප්‍රිය දකුණු ඉන්දීය නළු සත්‍යරාජ්ගේ පුත්‍රයකු වන සිවිරාජ් රඟන නායිගල් ජාකිරතායි මේ දිනවල ජනප්‍රිය දෙමළ චිත්‍රපටයකි.

සිවිරාජ් සමඟ අරුන්දතී මානෝචාලා, බලාජි චෙත්තු මොහාන්, ප්‍රින්ස් නිතින් රඟන මෙය ශක්ති සුන්දර් රාජන්ගේ අධ්‍යක්ෂණයකි.

සත්‍යරාජ් සහ මහේෂ්වර් සත්‍යරාජ් මෙය නිෂ්පාදනය කර ඇත.

සම්ප්‍රදායෙන් පිට පැන

ද ලන්ච් බොක්ස් (THE LUNCH BOX)

අප දකිනා සම්ප්‍රදායික හින්දි සිනමාපටවලින් බැහැර වූ හොඳ හින්දි චිත්‍රපටයකි ද ලන්ච් බොක්ස්. දැනට දෙවසරකට පෙර මුලින් තිරයට ආ ද ලන්ච් බොක්ස් විචාරකයන්ගේ දැඩි පැසසුමට ලක් වු චිත්‍රපටයකි.

යුටීටී මෝෂන් පික්චර්ස් සහ කරන් ජොහාර් එක්ව අරඹා ඇති දාර් මෝසන් පික්චර්ස් ආයතනයේ ඉදිරිපත් කිරීමක් වන ද ලන්ච් බොක්ස් රිටේෂ් බට්රාගේ අධ්‍යක්ෂණයකි. ගුනේට් මොන්ගා, අනුරාග් කාශ්‍යප්, අරුන් රත්ගචරි එක්ව නිෂ්පාදනය කරති. ද ලන්ච් බොක්ස් චිත්‍රපටයේ ඉර්ෆාන් ඛාන් සමඟ නිම්රාට් කොවුර් රගනයෙන් දායක වී ඇත.

ද ලන්ච් බොක්ස් 2013 කාන්ස් චිත්‍රපට උළෙලේ සහ සුරීච් සිනමා සම්මාන උළෙලයන් නියෝජනය කරන ලද හින්දි චිත්‍රපටයයි.
 

ස්ට්‍රේච් (STRETCH)

ජනප්‍රිය ඉංග්‍රීසි චිත්‍රපටයක් වූ ස්මෝකින් ඒසස් අධ්‍යක්ෂණය කළ ජෝ කර්තාහාන්ගේ නවතම අධ්‍යක්ෂණයයි ස්ට්‍රේච්.

පැට්ටි‍්‍රක් විල්සන්, එඩ් හෙල්ම්ස්, ජේම්ස් ඩේල්, බෲක්ලින් ඩෙකර්, ජෙසිකා ඇල්බා ස්ට්‍රේච් හි රංගනයෙන් දායක වී ඇත. මෙය ක්‍රියාදාම හාසේ‍යීත්පාදක චිත්‍රපටයකි.