රට බාරයි නුඹට පුතේ
රට බාරයි නුඹට පුතේ
අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිඳුන්ගේ
ජයග්‍රහණය උදෙසා මෙවර ද ලාංකේය කලාකරුවන් රැසක් අත්වැල් බැඳ සිටිති. මේ ඔවුන් ඒ
පිළිබඳ අදහස් දැක්වූ අයුරුය.
දිනූ දේශය විනාශ
නොවන්නට නම්...
ශ්‍රියන්ත මෙන්ඩිස්
පිපි සාමය පරවෙන්නට ඉඩ නොදී හෙට දවසෙත් අපේ අනාගත පරපුරේ දරුවන්ගේ මුහුණට සිනහවක්
එක් කරන්න. එය ඔවුන් වෙනුවෙන් කරන අනාගත ආයෝජනයකි.
එනිසාම දිනූ දේශය විනාශ නොවෙන්නට
ඔබේ මනාපය සෘජු කශේරුකාවක් සහිත ළෙන්ගතු මිනිසාට ලබා දෙන්න. ඔහු මහින්ද රාජපක්ෂ.
ඇත්ත සහ බොරුව අතර මහා සටන
සුගත් සමරකෝන්
මෙය ඉතිහාසයේ තීරණාත්මක අවස්ථාවක්. තවත් විදිහකට අර්ථ ගැන්නුවොත් ඇත්ත සහ බොරුව අතර
මහා සටනක්. ඛ්. ධ්. ඒ. සංවිධානයේ අධ්‍යක්ෂ ලිනෝන් පැනමා අමෙරිකානු ජනාධිපති බැරක්
ඔබාමාට යැව්ව වාර්තාවේ තියෙනවා 'මහින්ද රාජපක්ෂ ලංකාවේ ජනාධිපතිවරයාව ඉන්න තාක් මේ
රට හොල්ලන්න බෑ.
-npr.jpg)
ඔහු අකීකරු පුද්ගලයෙක්. අලුත් විදිහට මේ ගැන හිතන්න වෙනවා' කියලා.
බටහිර රටවල හා රාජ්‍ය නොවන සංවිධානවල ආධාර ලබන, රජයෙන් යම් යම් වරප්‍රසාද ලබා ගත්තු
කලාකරුවෝ තමන්ගේ හෘදය වස්තුවට තට්ටු කරලා අහන්න තමන් කරන්නේ හරි දෙයක් ද කියන එක.
මේ ලැබූ ජයග්‍රහණය ආපස්සට හරවන්න කවුරු හරි උත්සාහ කරනවා නම් එය රටට, ජාතියට කරන
මහා ද්‍රෝහිකමක්. නිගාවක්.
බෙදුම්වාදී සිංහල, දෙමළ, මුස්ලිම් අවස්්ථාවාදීන්ගෙන් මම
ඉල්ලා සිටිනවා අදූරදර්ශී දේශපාලකයන් රවටා තමන්ගේ පටු අරමුණු ඉටු කර නොගන්නා ලෙස.
වේගවත් සංවර්ධනයක්
බණ්ඩාර ඇහැලියගොඩ
ශ්‍රී ලංකාව අභාග්‍යසම්පන්න ඉරණමකට ගොදුරුව සිටි මොහොතක එය ඉන් මුදවා ගත්තේ ජනපති
මහින්ද රාජපක්ෂ මැතිඳුන්ගේ ජයග්‍රහණය.
අද මේ රට ඉතා හොඳින්, වේගවත් සංවර්ධනයක් කරා
යමින් තිබෙනවා. එය වෙනත් ජනාධිපතිවරුන් අතින් සිදු නොවුණ දෙයක්.
එහෙත් එම
ජයග්‍රහණයත් ආපස්සට හරවන්න, දුර්වල කරන්න විවිධ පාර්ශවයන් ක්‍රියා කරගෙන යන බව අපි
දන්නවා.
මේ තීරණාත්මක මොහොතේ රටට, දැයට හිතැති සියලු දෙනා එක්සිත්ව, එක්සත්ව
ක්‍රියා කළ යුතුයි කියා මා අවධාරණය කර සිටිනවා.
යහ පාලකයන් වෙනස් වුණොත් රට අස්ථාවරයි
පාලිත සිල්වා-npr.jpg)
කලාකරුවන් දෙතුන් දාහක පිරිසක් ජනාධිපතිතුමා නැවත බලයට පැමිණිය යුතුයි කියන තැන
ඉන්නවා. එතුමා සිදු කළ ලොකුම කාර්යය තමයි යුද්ධය නිමා කරපු එක.
නමුත් එතුමා ඉන්
පස්සෙත් ඉන්න ඕනෑ. රාජ්‍යය හෝ පාලකයා වෙනස්වීමෙන් වෙන්නේ රටේ ස්ථාවරය වෙනස් වීම.
පාලකයන් අතරමඟ වෙනස් වුණොත් කවුරු කිව්වත් අපට විශ්වාස කරන්න බෑ යළිත් පෙර තිබූ
ස්ථාවරය රටේ ඇති වෙයි කියලා. 'යහ පාලනය' කියලා අලුත් වචනයක් අද දේශපාලන ප්‍රවාහයට
එකතු වී තිබෙනවා.
නමුත් යහ පාලනයක් කරන්නත් රටක ස්ථාවරත්වයක් තිබෙන්න එපායැ. 2005
දී මේ රට බාර ගත්ත ජනාධිපතිතුමන් 2009 දී අපට ඒ ස්ථාවරය හොයලා දෙනවා. 2010 දී රටේ
ජනතාව යළිත් මහින්ද රාජපක්ෂ මැතිඳුන්ට මේ රට බාර දුන්නේ එය සංවර්ධනය කිරීමට.
එතුමන්
එයත් ඉටු කළා. අපි මේ දිනවල රට පුරා සංචාරය කරනවා. අපට නිරන්තරයෙන්ම දකින්න ලැබෙන
දේ තමයි ජනපතිතුමා වටා කළ ගුණ දත් ජනතාවක් එක් රොක් වී සිටිනා වග.
සත්‍යයේ සාක්ෂිකරුවකු වන්න
එඩ්වඩ් - චරිතා-npr.jpg)
වසර තිහක කුරිරු යුද්දෙන් අපි බැට කෑවා. දුක් වින්දා. එතුමා යුද්ධය නිමා කළා.
යුද්ධය පැවති කාලයට සාපේක්ෂව බලද්දී මේ වසර හතර තුළ රටේ සංවර්ධනයක් වුණා. එය ඔබ
අත්විඳි සත්‍යයක්.
තව කළ යුතු දෑ බොහොමයි. තව හදා ගත යුතු තැන් බොහොමයි. දෙස්,
විදෙස් කුමන්ත්‍රණවලට හසු නොවී මේ රට ස්ථාවර කරමු.
අපට රටක් තිබිය යුතුයි. ඒ සඳහා
අතිගරු ජනාධිපතිතුමන්ට මේ වෙලාවේ සියලු බේද හැර ශක්තියක් වෙමු.
වර්තමාන සහ අනාගත
සංවර්ධනයේ සත්‍යයේ සාක්ෂිකරුවකු වන්නට ඔබටත් පුළුවන්. මේ ඒ සඳහා හොඳම වේලාවයි.
නම්‍යශීලී නායකයෙක්
සුනිල් ටී. ප්‍රනාන්දු
එතුමා නම්‍යශීලී නායකයෙක්. ඕනෑම ප්‍රශ්නයක් කතා කර විසඳා ගන්නට පුළුවන් නායකයෙක්.
ප්‍රධානම දේ යුද්ධය ඉවරයි. අද එතුමන්ට තිබෙන එක් චෝදනාවක් තමයි විදෙස් රටවලින් ණය
ගත්තාය කියන එක.
අපිත් ණයයි බැංකුවලට. රටක් සංවර්ධනය කරන්න, දියුණු කරන්න එහෙම ණය
අරගන්න එක වැරදි ක්‍රියාවක්
නෙවෙයි. අපේ රට අද ලස්සනයි.
පිටරටවල ඉන්න අපේ යහළුවන්ට
අද ආඩම්බරයෙන් කියන්න පුළුවන් ඇවිත් ලංකාවේ සිරිය බලලා යන්න කියලා. ඉතින් අලුත්
කෙනෙක් එනවාට වඩා මම හිතනවා මේ ඉන්න කෙනාම ඉදිරියේදීත් රට පාලනය කළොත් හොඳයි කියලා.
මහින්ද රාජපක්ෂ මැතිඳුන්ට මම පෞද්ගලිකව කැමැතියි. ඒක මගේ මනාපය. කලාකරුවකුගේ උපන්
දිනය දවසට අනිවාර්යයෙන්ම එතුමාගෙන් දුරකථන ඇමතුමක් ලැබෙනවා.
තමන්ගේ උපන් දිනයට රටේ
ප්‍රධාන පුරවැසියාගෙන් එහෙම ඇමතුමක් ලැබෙන එක කලාකරුවෙකුට මොන තරම් ආඩම්බරයක්ද?
ඒ අයට බොරු කරන්න බෑ
මාලිනී ෆොන්සේකා-npr.jpg)
මිනිස් සිත් හරි දෙබිඩියි. ඒත් මනෝ විද්‍යාඥයන්ට අනුව ළමයි බොරු කියන්නේ නෑ. ඒ අයට
බොරු කරන්නත් බෑ. ඒ ඉව තියන නිසා දරුවන්ගේ ආදරය, සෙනෙහස අව්‍යාජයි. පුංචි දරුවෝ
ජනාධිපතිතුමා ළඟට යන්නේ, එතුමාට සෙනෙහස පාන්නේ අන්න ඒ සත්‍යයට අනුව. පුංචි ළමයින්ට
ඡන්දයක් තිබ්බොත් ඒගොල්ල වෙනම පැහැදිලි තීන්දුවක් දෙයි.
මෙයා කපටියෙක්ද, මෙයා හොඳ
කෙනෙක් ද කියලා පොඩි ළමයින්ට තේරෙනවා, ඒ හැසිරීම් රටා තුළින්. අපි අර බොඩි
ලැන්ග්වේජ් කියලා කියන්නේ. අපි හොඳ මවකට, පියකුට ජාතක වුණ දරුවෝ නම් අද මේ රට
තියෙන්නේ කොහොමද, කලින් තිබ්බේ කොහොමද කියන එක තේරුම් ගන්න ඕනෑ. කලාකරුවෝ හැටියට
අපට මොන මොන හිරිහැර වුණා ද එක එක යුගවල.
සරච්චන්ද්‍රයන්ට කාණුවක දාගෙන ගැහැව්වෙත්
මේ රටේමනේ. සමහර යුගවල කලාකරුවෝ මරලා පිළිස්සුවා. ඒත් අතිගරු ජනාධිපති මහින්ද
රාජපක්ෂ මැතිඳුන් මේ රට අපි සියලු දෙනා වෙනුවෙන්ම සුරක්ෂිත කොට තිබෙනවා.
මේක තිස්
වසරක් පුරා නිදහසේ හුස්ම ගන්නවත් බැරිව තිබුණ රටක්. ඒ යුගය නිමා කළ ජනාධිපතිතුමන්ට
මේ මොහොතේ අපේ කෘතවේදිත්වය දැක්වීම කලාකරුවෝ හැටියට අපේ යුතුකමක්. එය අපේ මව්පියන්ට
දක්වන කෘතගුණය හා සමානයි.
සැකසුම - අසංක දේවමිත්ර පෙරේරා
|