අනුර දීර්ඝායුෂ්ගෙන් සඳ දිය සිසිල
අනුර දීර්ඝායුෂ්ගෙන්
සඳ දිය සිසිල

ගායන ශිල්පී අනුර දීර්ඝායුෂ්ගේ නවතම සී. ඩී. පටය 'සඳ දිය සිසිල' පසුගියදා දොරට
වැඩිණ. 'සඳ දිය සිසිල' සී. ඩී. පටයේ ගීත 12 කින් සමන්විත අතර එහි රඹුකන සිද්ධාර්ථ
හිමි, ශාන්ත ජයලත් තිසේරා, යමුනා මාලිනී පෙරේරා, පද්මිණි සෙනරත්න, යාපා එම්.
සූරතිස්ස, විජේකෝන් ජයසූරිය, සුගත් සෝමවීර, උදය ශාන්ත කුමාරසිංහ යන ගී පද රචකයන්
ගීත ලියා ඇත.
ප්‍රේමදාස අතුකෝරළ, මහින්ද බණ්ඩාර, රෝහණ වීරසිංහ, එච්. එම්. ජයවර්ධන,
සුසිල් අමරසිංහ, එම්. ආර්. චූලසිංහ යන ප්‍රවීණ ශිල්පීන් මෙහි සංගීතයෙන් සහය වී ඇත.
- තිලානි
රුහුණු කලා සංසදයේ වීදි නාට්‍ය

ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ජයග්‍රහණය තහවුරු කිරීම උදෙසා රුහුණු කලා සංසදය
මඟින් සංවිධානය කළ වීදි නාට්‍ය මාලාවක් මේ දිනවල හම්බන්තොට ප්‍රදේශයේ ස්ථාන
කිහිපයකදී පැවැත්වේ. මේ එහි එක් අවස්ථාවකි. රුහුණු කලා සංගමයේ සභාපති වශයෙන් රංගන
ශිල්පි රංජිත් ජයසේකර කටයුතු කරයි. පුෂ්පා පරණගම එහි ලේකම්වරිය වේ.
- ප්‍රසාද්
හෙන්රි ප්‍රියශාන්තගෙන්
රිදී තිරයේ දිව්‍යාංගනාවි රුක්මණී දේවි
රුක්මණී දේවියගේ අනූ දෙවැනි ජන්ම දිනය නිමිති කර ගනිමින් හෙන්රි ප්‍රියශාන්ත
මෙන්දිස් විසින් රචිත ‘රිදී තිරයේ දිව්‍යංගනාවී රුක්මණී දේවි’ ග්‍රන්ථය
එළිදැක්වීමට නියමිතය.
මෙහි ඇයගේ ජීවන ගමනේ මෙතෙක් අනාවරණය නොවූ තොරතුරු රැසක් අඩංගු
වීම විශේෂත්වයකි.
- තිලානි
විපුල් ධර්මප්‍රියගේ
ගී පදමාලා රැගත් කෘතියක්

අප අතරින් වියෝ වූ ගුවන් විදුලි නිවේදකයකු මෙන්ම ගී පද රචකයකු ද වන විපුල්
ධර්මප්‍රිය ජයසේකර ලියූ ගී පදමාලා එක්රැස් කර ලියන ලද ‘සුළඟේ ළෙලනා’ කෘතිය පසුගියදා
දොරට වැඩිණි.
ඩැනී ඩබ්ලිව්. ගෙන්
ටෙලි සිතුවමක්
චන්දිරා, බයිසිකලේ, අහිමි දඩමං, කවුළුව ආදී චිත්‍රපට රැසක් අධ්‍යක්ෂණය කළ ඩැනී
ඩබ්ලිව්. පතිරණ කලකට පසුව පුංචි තිරය හා එක් වෙයි.
මෙවර ඔහුගේ අධ්‍යක්ෂණයෙන් හැඩවන 'කිණිහිරේ පිපුණු මල්' ටෙලි සිත්තමේ මුහුරත් උළෙල
මේ මස 05 වැනිදා පෙරවරු 9.30 ට කිරුළපන රොබට් ගුණවර්ධන මාවතේ ග්‍රීන් ගාර්ඩන්ස්
උත්සව ශාලාවේදී පැවැත්වේ.
දමිතා අබේරත්න, පාලිත සිල්වා, නුවංගි ලියනගේ, අකිල සඳකැලුම්, ග්‍රේස් ආරියවිමල්,
ඩග්ලස් රණසිංහ, රිචාඩ් වීරක්කොඩි, නිල්මිණි බුවනෙක, සඳුන් විජේසිරි ඇතුළු රංගන
ශිල්පීන් හා ශිල්පිනියන් රැසක් රංගනයෙන් සහභාගි වන මේ ටෙලි සිත්තමේ අධ්‍යක්ෂණය,
කැමරාව හා තිර පිටපත ද ඩැනී ඩබ්ලිව්. පතිරණගෙනි. සහය අධ්‍යක්ෂණයෙන් ප්‍රනීත්
ගුණරත්නත්, කලා අධ්‍යක්ෂණයෙන් හීනටිගල ප්‍රේමදාසත්, අංග රචනයෙන් මධුශංක නුවන් ද සහය
වෙති. නිෂ්පාදනය අභය බණ්ඩාර අබේසේකරගෙනි. පාට සරුංගල්, තැරැව්ව, දෙදරුම, සුවඳ පද්ම
ඩැනී ඩබ්ලිව්. පතිරණ කලකට පෙර අධ්‍යක්ෂණය කළ ටෙලි නාට්‍ය කිහිපයකි.
-තිලානි
සුහානි රාත් ඩී. වී. ඩී එළිදකී

ඡායාරූපයෙන් දැක්වෙන්නේ ජාතික රූපවාහිනියේ ජ්‍යෙෂ්ඨ වැඩසටහන් නිෂ්පාදිකාවක් වන
විනීතා කරුණාරත්න නිෂ්පාදනය කළ ‘සුහානි රාත්’ හින්දි වැඩසටහන් මාලාවේදී කරනු ලැබූ
ඉන්දියාවේ විශිෂ්ට රංගධරයකු වන දිලිප් කුමාර් හා භාරතයේ ගීත කෝකිලාවිය වන ලතා
මංගේෂ්කාර් පිළිබඳ වැඩසටහන් ද්විත්වය අඩංගු ඩී. වී. ඩී. පට ඇය පසුගියදා ඉන්දියානු
තානාපති වයි. කේ. සිංහා මහතාට පිළිගැන් වූ අයුරුයි. පසෙකින් සිටින්නේ ජාතික
රූපවාහිනියේ සභාපති විමල් රූබසිංහ සහ අධ්‍යක්ෂ ජාත්‍යන්තර කටයුතු මහේන්ද්‍ර
ස්ටෙන්බෝ යන මහත්වරුන්ය.
-තිලානි
සුජාත දියණිය
නැවතත්

මීට කලකට පෙර රූපවාහිනිය නරඹන්නන් ගේ ආදරය දිනා ගත් ‘සුජාත දියණිය’ නම් කොරියානු
ටෙලි නාට්‍ය මාලාව යළිත් ජාතික රූපවාහිනියේ සවස 6.00 ට විකාශය කෙරෙයි. මෙය ටෙලි
නාට්‍ය අතරින් වඩාත්ම ලොව ජනපි‍්‍රය වූ ටෙලි නාට්‍යය වන අතර වැඩිම ආදායමක් ඉපැයූ
ටෙලි නාට්‍යය ද වෙයි.
-තිලානි
|