|
|
හලෝ උඹ ද ස්ටන්ට්කාරයා මම ද?
දර්ශන ගතවීමට තිබුණේ අසීරු දසුනකි. නළුවා වලාකුළු බැම්ම දිගේ දුවගෙන විත් වැව අයිනේ වූ දිය සෙවෙල් බැඳුණු ගොඩනැඟිල්ලට පැන එහි වූ ජනේලයක එල්ලී සිටීමය. ගොඩනැඟිල්ලේ දිය සෙවල බේරේ. නිමේෂයක් වැරැදුනහොත් නළුවා වතුරට වැටේ. වැව අයිනේ ගල් බැම්මකි.
ජනේලයේ එල්ලුනු පසු නළුවාට කීමට තිබුණේ ‘කවුද රජා’ යන්නයි. දෙබස් පොත වූයේ මගේ අතේය. නියමිත නළුවා මා ළඟට පැමිණ කෙඳිරිගාමින් මෙසේ කීය. ‘වේහැල්ලේ මේක බෙල්ල කැඩෙන වැඩක්.’ නළුවා මට රහසක් කියනු ටයි මහත්තයා දුටුවේය. ‘ඇක්ෂන්’ ටයි මහත්තයාට කියවිණ. නළුවා දිව ගියේය. ටයි මහත්තයා මගේ ළඟට ආවේය. ‘මොකද ස්ටන්ට්කාරයා කියන්නේ’ ස්ටන්ට්කාරයා කීවේ හපනා යන්නටයි. ‘ස්ටන්ට්කාරයා බයයි’ ඇඳ සිටි දිගු කලිසමේ කකුල දනිස්ස දක්වා නමා ගත්තේය. ජටාවක් බැඳ ගත්තේය. ‘කැමරා’ ටයි මහතාට කියවිණ. ඒ සමඟ ඔහුගේ කටින් ‘ඇක්ෂන්’ යයි කියවිණ. ටයි මහත්තයා වලාකුළු බැම්ම දිගේ දුවන්නට විය. කැමරාව ක්‍රියාත්මක වී වලාකුළු බැම්ම අවසානයට දිව ගිය ටයි මහත්තයා දිය සෙවෙල බේරෙන ගොඩනැඟිල්ලට පැන එහි වූ ජනේලයේ වවුලෙක් මෙන් එල්ලී සිටියේය. ‘හලෝ උඹ ද ස්ටන්ට්කාරයා, මම ද ස්ටන්ට්කාරයා. ගුරා පැන්නා, දැන් ගෝලයාත් පැනපන්’ යයි ටයි මහත්තයා කීය.
ධර්මසේනගේ කිචි පටලැවිල්ලඑකල සිනමා විනෝදය, සහෝදරත්වය කැපී පෙනුණ විශේෂ ලක්ෂණයකි. දහවල් රූගත කිරීම්වලින් අනතුරුව ඇඟේ පතේ තෙහෙට්ටුවට රෑ කෑමට පෙර යමක් කමක් පානය කර විනෝදවීම ලොකේෂන්වල අනිවාර්ය අංගයක් විය. මේ අපූරු සිද්ධිය වූයේ සාගරිකා චිත්‍රපටයේ ලොකේෂන් එකකදීය. කිචි ධර්මසේන එකල සිනමවේ සිටි ප්‍රවීණ කැමරා ශිල්පියෙකි. එදින හැන්දෑවේ ඔහු ද අපගේ ප්‍රිය සාදයට එක්ව සිටියේය.
ඉවක් නැති ධර්මේගේ මේ කිචි කතාව සිනමාවේ සිටි සෑම කෙනෙක්ම දැන සිටියේය. සාදයෙන් උද්දාමයට පත් වී සිටි ධර්මේ අසල බල්ලෙක් ගැවසෙමින් සිටියේය. මෙය දුටු අයෙක් ධර්මේගේ කිහිල්ලට ඇන්නේය. මුන්ගේ . . . . යි ධර්මේගේ කටින් පිට විය. ධර්මේගේ අතට අසු වුණේ ඔහු අසල සිටි බල්ලාගේ වලිගයයි. ධර්මේ බල්ලාගේ වලිගයෙන් අල්ලා කිහිප විටක ඔහුගේ හිස වටේ කරකැවීය. බල්ලා විසි කළේය. උඩින් ගිය බල්ලා වැටුණේ රහමෙර තබා තිබුණු ටීපෝව මතටය. මර හඬලාගෙන බල්ලා විසි වී වැටිණ. ඌ මර හඬ තලාගෙන පැන ගියේය. එදා එතනින් සාදය නිමා විය.
|



එදා සිහසුන චිත්‍රපටයේ රූගත කිරීම් සිදු වූයේ නුවර වැවේ වලාකුළු බැම්ම ආශ්‍රිතවය.
ටයි මහතා කැමරාකරුට උපදෙස් දෙමින් සිටියේය.
නළුවාට හෝ නිළියට කරන්නට බැරි චරිතය කර පෙන්වීම, ගයන්නට බැරි ගැයුම් කර, නටන්නට
බැරි නැටුමක් කර නළු නිළියන් හැසිරවීම ඔහුගේ සිරිත විය.
කේ.ඒ. ධර්මසේනට කිචි නම පටබැඳුණේ ඔහුගේ කිචිය නිසාය. ධර්මේ පාරේ එක් පැත්තක ගමන්
කරන විට ද පාරේ අනෙක් පැත්තේ යන අයෙක් ඔහු දෙසට ඇඟිල්ලක් දිගු කළහොත් ධර්මේගේ කටින්
සුද්ධ සිංහල කියවේ.