|
|
තිරයට එන අලුත් චිත්‍රපට
සිනමාවට ළබැඳි ‘සරසවිය’ පාඨක ඔබ මේ වසරේ තිරගත වීමට නියමිත චිත්‍රපට මොනවාදැයි දැනගැනීමට උනන්දුවෙන් පසුවනවා කියා අප දන්නවා. මෙතැන් පටන් සනිටුහන් වන්නේ මෙම වසරේ තිරගත වීමට සූදානමින් ඇති චිත්‍රපට සහ ඒවා ගැන කෙටි විස්තරයකි.
ශමීර රංගන නාඔටුන්න නම් වූ සහාය අධ්‍යක්‍ෂවරයෙක් සිනමා අධ්‍යක්‍ෂවරයකු වුණ ‘මෝටර් බයිසිකල්’ යනුවෙන් චිත්‍රපටයක් කරලා. ඒක වෙනස්ම වූ කතාවක්. තරුණයකු මෝටර් බයිසිකලයක චාරිකාවක යෙදෙද්දී වන සිදුවීම් කිහිපයක් එකතුකොටයි මෙහි තිර රචනය සකස්කොට තිබෙන්නේ. දසුන් පතිරණ, සමනලී ෆොන්සේකා, මෝටර් බයිසිකල් හි ප්‍රධාන නළු නිළි යුවළයි. ශමීරගේ චිත්‍රපටය තිරගතවන සිහිනය සැබෑවන්නේ මේ වසරේදීයි. සුනිල් ටී. ප්‍රනාන්දු එකදිගටම ළමා චිත්‍රපට නිෂ්පාදනය කළා. ඒ ආකෘතියට තැනූ ඔහුගේ නවතම සිනමාපටය වූ ‘සිංහයා’ තිරගත වන්නේ මේ වසරේ. වී. සිවදාසන් අධ්‍යක්‍ෂණය කළ එහි රන්ජන් රාමනායක, දුලීකා මාරපන, මහේෂි මධුසංකා යන අයගේ රංගනයෙන් හැඩගැන්වෙනවා. වසර ගණනාවක් තිස්සේ තහනමට ලක්ව තිබූ සත්‍යජිත් මාඉටිපේ ගේ ‘බොරදිය පොකුණ’ තිරගතවන ලකුණු මේ වසරේ පෙනෙන්නට තිබෙනවා. ඩිලානි අබේවර්ධන, අභියෝගාත්මක චරිතයක් මැවූ මෙය සුනිල් ධර්මසිරි ගේ නිෂ්පාදනයක් ලෙසිනුයි කලඑළියට එන්නේ. සරල තේමාවක් ඔස්සේ සිනමාකරණයේ යෙදෙන්න කැමැති අධ්‍යක්‍ෂවරයෙක් තමයි එරංග සේනාරත්න. ‘මෝනෙ මගේ සුදු නෝනේ’ සිනමාපටය සමඟින් ඔහු මේ වසරේ දී වෙනමම ප්‍රේක්‍ෂක කණ්ඩායමක් එකතුකර ගැනීමට සූදානමින් සිටිනවා. එරංග එහි රංගන දායකත්වයට අරගෙන තියෙන්නේ විල්සන් ගුණරත්න, අනුෂා දමයන්ති, මිහිර සිරිතිලක, මහින්ද පතිරගේ, සංජු රොඩ්‍රිගෝ, මානෙල් චන්ද්‍රලතා, සංජුල දිවාරත්න වගේ අය. ‘නෝනෙ මගෙ සුදු නෝනේ’ නම ඇහුනම ඔබට හිතුණේ එය හාස්‍යෝත්පාදක චිත්‍රපටයක් කියා නේද? ඔබේ අදහස නිවැරැදියි. සනත් අබේසේකර, ඓතිහාසික චිත්‍රපට හදන්න හරි දක්‍ෂයි. ඔහුගේ නවතම ඓතිහාසික චිත්‍රපටය තිරගත වන්නේ මේ වසරේ. ‘මහරජ අජාසත්’ පුවතයි මෙවර ඔහු තිරයට ගෙන එන්නේ. ජීවන් කුමාරතුංග, සබීතා පෙරේරා, ගයාන් වික්‍රමතිලක, රොබින් ප්‍රනාන්දු, රෙක්ස් කොඩිප්පිලි, වසන්ත කුමාරවිල ඇතුළු නළු නිළියන් අති විශාල පිරිසක් එහි රඟපානවා. සරසවිය සම්මාන දිනූ ජනපි‍්‍රය තිරකතා රචකයෙක් අපෙන් සදහටම සමුගත්තා. ඔහු කේ. ඩී. නිකලස්. ඔහු විසින් රචිත අවසන් සිනමාපටය වූයේ ‘ලැන්ටින් සිංඤෝ 007’ අරුණ මහේන්ද්‍ර ජයවර්ධන එය අධ්‍යක්‍ෂණය කළා. විමල් කුමාර ද කොස්තා, ආනන්ද වික්‍රමගේ, කුමාර තිරිමාදුර
එකමත් එක රටක සිනමාපටයෙන් පසු සනත් ගුණතිලක අධ්‍යක්ෂණය කළ ඊට හාත්පසින්ම වෙනස් සිනමාපටයක් වූ සිනහව අතරින් සිනමා ශාලාවලට එන්නේ මේ වසරේ. එහි ප්‍රධාන භූමිකාව සනත් විසින්ම පණ පොවනවා. අමුතුම අන්දමේ ආදර කතාවක් වූ සිනහව අතරින් හි සේමිණි ඉද්දමල්ගොඩ, ජයනි සේනානායක සෙසු චරිත නිරූපණය කරනු ලබනවා. ජනප්‍රිය සිනමාපට රැසක් අධ්‍යක්කෂණය කළ ලුවී වැන්ඩස්ට්‍රාටන් අධ්‍යක්ෂණය කළ සිනමා පටයක් ළඟකදී අප දුටුවේ නැහැ. ඒ හින්දම වෙන්න ඇති ඔහු මේ වසරේදී ඔහුගේ සිනමාපටයක් තිරගත කරන්නට හිතුවේ. ලුවී මෙම වසරේ අපට ගෙනෙන සිනමාපටය බෝනික්කා. ලුවීගේ පෙර නිර්මාණ සේම මෙය ද අප සිනමා ලෝලීන්ට වෙනස්ම අත්දැකීමක් වේවි. මලින්ද පෙරේරා, අනූෂා දමයන්ති, බෝනික්කා රංගනයෙන් ඔපවත් කරනවා. ආර්. සදේශ් කුමාර් සහ ශ්‍රීමතී සදේශ් කුමාර් නිෂ්පාදනය කළ ප්‍රවේගය තිරයට එන්නේ ද මේ වසරේ. එහි හේමාල් රණසිංහ ප්‍රධාන භූමිකාව නිරූපණය කරනවා. ප්‍රවේගයහි විශේෂත්වයක් තියෙනවා. ඒ ජැක්ලයින් ෆර්ඩිනැන්ඩස් මෙරට සිනමා කෘතියකට දායක වන පළමු අවස්ථාව ප්‍රවේගය හරහා සිදුවීමයි. මෙහි අධ්‍යක්ෂවරයා ලෙස නම සටහන් වනුයේ ඩොනල්ඩ් ජයන්ත යනුවෙනුයි. ප්‍රවේගය ආදායම් වාර්තා තැබිය හැකි චිත්‍රපටයක් බව විචාරකයෝ පෙන්වා දෙනවා. ඉහත මා සඳහන් කළ බොර දිය පොකුණ නම් වූ චිත්‍රපටයක් ගැන. එයට අමතරව මෙම වසරේදී තවත් පොකුණක් තිරය සරසනවා. ඒ හෝගානා පොකුණයි. සම්මානනීය වේදිකා නාට්‍ය නිර්මාණකරුවකු වන ඉන්දික ෆර්ඩිනැන්ඩස් මෙහි අධ්‍යක්ෂවරයා වෙනවා. ගමක වෙසෙන මුහුද දැක නොමැති දරුවන් පිරිසක් හා ගෙතුණ අපූරු කතා පුවතක් වන හෝගානා පොකුණ ඉන්දිකගේ කුලුඳුල් සිනමා අධ්‍යක්ෂණයයි. ජයලත් මනෝරත්න, අනුසුයා සුබසිංහ, ලූෂන් බුලත්සිංහල ඇතුළු පිරිසගෙන් හෝගානා පොකුණ රංගනයෙන් හැඩ ගැන්වෙනවා. එක දිගට ඓතිහාසික කතා දෙකක් සිනමාවට නැඟූ සුගත් සමරකෝන් අපේ කාලයේ පටාචාරා නමින් සිනමාපටයක් නිර්මාණය කළා. එමඟින් ඔහු තරමක් දුරට ඉතිහාස කතා රැල්ලෙන් මිදුනා යැයි කියන්න පුළුවන්. අපේ කාලයේ පටාචාරා නමින් ඉතිහාස කතාවක් වගේ වුණාට එහි වර්මාන කාලයේ සිදුවීම් කිහිපයක් ද අන්තර්ගතය. මෙය සුනාමි ව්‍යසනයෙන් තම පවුලම අහිමි වීම නිසා මානසිකව රෝගී වූ තරුණියක් පටාචාරා කතා වස්තුව ශ්‍රවණය කිරීමෙන් ගිහිගෙය අතහැර යාමක් පිළිබඳ කියවෙන්නකි. එහි පටාචාරා ලෙස දුලානි අනුරාධා රංගනයේ යෙදෙනවා. මගෝඩිගෝඩයි, කිව්වද නහී නොකව්වද නහී සිනමාපට නිෂ්පාදනය කළ ජනිත මාරසිංහ අපේ යාළුමාළු නමින් ළමා චිත්‍රපටයක් නිර්මාණය කළා. එහි පරිඝණක සජීවීකරණය තුළන් නවමු අත්දැකීමක් ගෙන ඒමට හැකි වේවි කියලා විශ්වාස කරන්න පුළුවන්. මා එසේ කීවේ ග්‍රැෆික් මත්ස්‍යකු ද අපේ යාළුමාළු හැඩ කරන්නට එක් වී සිටින නිසාය. මෙය ලාල් ප්‍රියදේව සහ සුදේශ් වසන්ත පීරිස්ගේ අධ්‍යක්ෂණයකි. ජනිතගේ පුතු ලිතුම් මාරසිංහ ප්‍රධාන භූමිකාව මවන මෙහි චාන්දනී සෙනෙවිරත්න, පංකජ චන්දෙව්, චිලී ඇතුළු පිරිස රංගනයේ යෙදෙනවා.
|



ශ්‍රේෂ්ඨ දුටුගැමුණු රජතුමාගේ ජීවිත කතාව සිනමාවට නැඟුණා. එය නම් කෙරුණේ ‘මහරජ
ගැමුණු’ නමින්. ජයන්ත චන්ද්‍රසිරි ගේ අධ්‍යක්‍ෂණයක් වූ එය මේ මාසයේ තිරගත වීමට
නියමිතයි. ගරිල්ලා මාකටිං, සමනල සංධ්වනිය වගේ එකිනෙකට වෙනස් සිනමා කෘති නිර්මාණය කළ
ඔහුගේ පළමු ඓතිහාසික සිනමා අධ්‍යක්‍ෂණය වන්නේ මෙයයි. උද්දික ප්‍රේමරත්න ගැමුණු
රජුගේ චරිතයට පණ පොවන අතර ජැක්සන් ඇන්තනි, යශෝධා විමලධර්ම, ශි‍්‍රයන්ත මෙන්ඩිස්
ආදීහු මෙහි සෙසු චරිත මවනවා.
දීපාල් සිල්වා, නන්දන හෙට්ටිආරච්චි, ධර්මපි‍්‍රය ඩයස් මෙහි රඟපෑවා. නිකලස් ලියූ
‘ලැන්ටින් සිංඤෝ' මෙම වසරේ දී තිරගත වේවි.





