කිතුණු කලාකරුවන්ගේ සුහද හමුවේදී මෙන්දිස් හා ලැනරෝල් තිළිණ ලබයි
කිතුණු කලාකරුවන්ගේ සුහද හමුවේදී
මෙන්දිස් හා ලැනරෝල් තිළිණ ලබයි

වාර්ෂිකව පැවැත්වෙන කිතුණු කලාකරුවන්ගේ සුහද හමුව මෙවරත් අගරදගුරු මැදුරේදි
පසුගියදා පැවැත්විණ. මෙහිදී ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් අගරදගුරු තැන්පත් අති
උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සහභාගි විය. මෙම අවස්ථාවේදී ක්ෂේත්‍රයට කළ
මෙහෙය අගයා හෙන්රි ප්‍රියශාන්ත මෙන්දිස් සහ සමන්ති ලැනරෝල්ට විශේෂ තිළිණ ප්‍රදානය
කිරීම කාදිනල්තුමන් අතින් සිදුවිණ.
අජිත් විතානගේ ප්‍රමුඛ සීදූවේ බ්‍රාවෝ සංගීත
කණ්ඩායම උත්සව සභාව රස ගැන්වීය. කථනය ප්‍රියන්ත විජේසූරිය විසින් සිදු කරන ලදී.
කලාසූරී ලතා වල්පොල, අයිවෝ ඩෙනිස්, රෙක්ස් කොඩිප්පිලි, ඇනෙස්ලි මාලේවන ඇතුළු
කලාකරුවන් රැසක් මේ අවස්ථාවට සහභාගි වී සිටියහ.
ප්රසාද්
සේයාරුව - අමිත්
|