|
|
පත්තරකාරියක් වුණු අරුණි
ව්‍යාපාර තියෙන නිළියෝ නම් ඕන තරම් ඉන්නවා. ඒත් පත්තර ඒජන්සියක් හිමි නිළියක් සිටී
නම් ඒ අරුණි මෙන්ඩිස් පමණයි. ඇය මේ දවස්වල කොළඹ එනවා මීගමු යනවා. කවදා හරි ඉතින් මේවා බලා කියාගන්න ඕනෑ අරුණි කියලා හිතලා වෙන්න ඇති ඇයගේ මවුපියන් අරුණිට ඒජන්සිය බාර දෙන්න තීරණය කරලා ඇත්තේ. ඉතින් අරුණිටත් මොකද එයත් එපා නොකියාම ඒක බාර අරගෙන. චණ්ඩියා වගේ ඒජන්සිය ගත්තට එහි වැඩ කරගෙන යන්නේ කොහොමද කියලා අරුණි මේ දවස්වල අල්ල නික යට තියාගෙන කල්පනා කරනවාලු. පේන විදිහට අයිතිකරු මාරු වුණාට එය පවත්වාගෙන යන්න වෙලා තියෙන්නේ සුපුරුදු පරිදිම අරුණිගේ මව්පියන්ටමයි. අපි මෙහෙම සඳහන් කළාට අරුණිට පත්තර ඒජන්සියක් තියෙනවා කියලා කාටවත් කියන්නේ නැතිලු. නිකම්ම ඒජන්සියක් නෙවෙයි, මේක මීගමුවට තියෙන ලොකුම පත්තර ඒජන්සියනේ. ඒක හින්දා කොහෙත්ම අරුණි මේ ගැන නෝ කතා. අනේ මන්දා මේවා දැකලා අද ඉඳලා අරුණිගේ නමට ධ්දජධථඥ බචය ජ්ඪතඥ එකක් ර්‍ණනඥද වේවිද දන්නේ නැහැ.
|



මීගමු යනවා කොළඹ
එනවා. නිමක් නැහැ මේ කොළඹ මීගමු ගමන. ඇය එහෙම යන්නේ එන්නේ මේ පත්තර ඒජන්සියේ
හිමිකාරිත්වය නීත්‍යානුකූලුව තමන්ට අයිති කර ගැනීම සඳහා අවශ්‍ය ලියකියවිලි සකස් කර
ගන්නටයි. මේ වන විට එම ඒජන්සිය ඇත්තේ අරුණිගේ මව්පියන් නමටයි.