වර්ෂ 2014 ක්වූ දෙසැම්බර් 25 වැනිදා බ්‍රහස්පතින්දා




හොඳම රගපෑමට එවෙලේම සම්මාන

හොඳම රගපෑමට එවෙලේම සම්මාන

දසුන් පතිරණ රඟපාන්න ගත්තාම කියන්න බැහැ ඔහු මේ රඟපානවාද කියලා. එතරම්ම ඔහු නව පරපුරේ නළුවන් අතර දක්ෂකම් අතින් පෙරමුණේ ඉන්න කෙනෙක්. දසුන්ගේ රංගන තාත්ත්වික බව කොතරම්ද කියනවා නම් හොඳම උදාහරණය තමයි මේක.

දසුන්ට රගපාන්න චරිතයක් ලැබුණම ඔහු ඇඳුමින් පවා පෙර සූදානම් වෙනවා. දර්ශන තලයේදිත් තමන්ගේ දර්ශන රූ ගැන්වෙන තෙක් චරිතයට අදාල ඇඳුමින් සැරසිලයි දසුන් ඉන්නේ. ඒ ඔහුගේ හැටි.

දසුන්ට රස්තියාදුකාර චරිතයක් ලැබිලා. නාට්‍ය දර්ශන තලයේදී අදාළ ඇඳුම් ඇඳගෙන ඔහු පොඩ්ඩක් අවට ඇවිදලා. ගමේ අය හිතාගෙන ඉඳලා තියෙන්නේ දසුන් පිටින් ගමට ආව ඇත්තම රස්තියාදුකාරයෙක් කියලා. කිහිප දෙනෙක් ඔහුට ඔරවලත් තියෙනවා. දසුන්ට එදා තිබිලා තියෙන්නේ පොකට් ඒකක් ගහලා දුවන දර්ශනයක්.

කැමරාව හංගලා තමයි ෂූට් කරලා තියෙන්නේ. දසුනුත් සූදානම් කරලා තිබුණු නළුවගේ පොකට් එකට ගහලා දිව්වලු. ගමේ අය හිතාගෙන තියෙන්නේ ඇත්තම පොකට්කාරයෙක් කියලා. අර දසුන් රවපු දෙතුන් දෙනා දුවලා දුවලා ඇවිත් දසුන්ව පෙරලාගෙන පහර දෙන්න ගත්තලු.

දසුන්ට එදා නම් හොඳවැයින් පහරවල් කිහිපයක්ම වැදිලා. අධ්‍යක්ෂ ඇතුළු නිෂ්පාදන කණ්ඩායමේ අය එතනට එනකොට දසුන්ට වෙන්න ඕනෑ හරිය වෙලා ඉවරයිලු.