මම කාජල් වඩාගෙන හුරතල් කළා
මම කාජල් වඩාගෙන
හුරතල් කළා 
අලුත් අවුරුද්දේ පුදුම හත වෙන් කළේ සටන් කලාව වෙනුවෙන්. තිරය ඉදිරියේ දරුණුම සටන්
කරමිින් දුෂ්ටයන් වුව ද තිරය පිටුපසදී ඔවුන් දුෂ්ටයන් නොවෙයි.
මන්ද යත් ඔවුන් දුෂ්ට
ගති මවා සටන් කරන්නේ වීරයා වීරයෙකු කර දිනවීමටයි. අද සරසවිය පුදුම හතට පැමිණියේ
ලාංකේය සිනමාවට දුෂ්ටයෙකු වූ දක්ෂ සටන් නළුවෙකි. ටෙඩී විද්‍යාලංකාර සටනට පිවිසි
අයුරු පවසන්නට පුදුම හත වෙන් කෙරිණි.
චණ්ඩියා
ටයිටස් තොටවත්ත අධ්‍යක්ෂණය කළ චණ්ඩියා චිත්‍රපටය මට මගේ ජීවිතයේ සුවිශේෂ වෙන්නේ මම
ප්‍රථමයෙන්ම නැරඹූ චිත්‍රපටය ලෙසිනි. ඒ කාලයේදී මම කොළඹ කේරි විද්‍යාලයේ පහ වසරේ
ඉගෙනුම ලබන ශිෂ්‍යයෙක්.
-npr.jpg)
එදා මම චණ්ඩියා චිත්‍රපටය නැරඹුවේ හරිම ආසාවෙන්. ඒ වගේම
දැඩි උනන්දුවකින්. අසාධාරණයට එරෙහිව සටන් වදින චණ්ඩියා එදා වීරයෙක් ලෙසින් මගේ හිතේ
කවදාවත් නොමැකෙන ලෙසින් සටහන් වුණා.
හරිම උනන්දුවකින් මේ සටන් දිහා දෑස් දල්වාගෙන බලා සිටි මටත් ඕනෑ වුණේ චණ්ඩියෙක්
වෙන්නයි. ඉතිං මමත් ඉස්කෝලෙදි ළමුන් සමඟ රණ්ඩු කර ගනිමින් චණ්ඩියෙක් වෙන්නයි උත්සාහ
කළේ. එක දවසක් ළමයි කණ්ඩායමක් සමඟින් ගහගන්න කොට මාව ඉස්කෝලේ පූල් එකටත් වැටුණා.
කොහොම කොහොම හරි සටන් කලාව මගේ ජීවිතය බවට පත් වෙන්න වැඩි කාලයක් ගත වුණේ නැහැ. ඒ
කාලයේ ගාමිණී, එච්. ඩී කුලතුංග, ඩොමී ජයවර්ධන වැනි නළුවන්ගේ සටන් රංගනයන් තමයි මගේ
ඔළුවේ තිබුණේ.
ඒ නිසාම මම සටන් කලාව දෙසටම ඇදී යාම වළක්වා ගන්න හැකියාවක් ලැබුණේ
නැහැ.
Fort Yuma Gold
Fort
Yuma Gold චිත්‍රපටයත් තාත්විකව සටන් කලාව ගෙන එන ගොපළු චිත්‍රපටයක්. ඉතාලි
ජාතික ගුලියානේ ජෙම්මාගේ සටන් ජවනිකාවලින් හැඩ වූ මෙම චිත්‍රපටයත් මම මගේ පාසල්
කාලයේදී ඉතාමත් උනන්දුවෙන් නැරඹූ චිත්‍රපටයක්. චිත්‍රපටයේ ආරම්භයේ පටන් අවසානය
දක්වාම තිබුණේ සටන්.
මේ වෙනකොට මම ඉස්කෝලේ චණ්ඩියා විදියට නමක් දිනාගෙන තිබුණේ.
සටන් ඉගෙන ගන්න පංතියකට නොගියත් චිත්‍රපට නරඹමින් එහි වූ සටන් ක්‍රම හදාරමින්
සිටියේ.
මම ඒ කලේ ගෙදරට හොරෙන් යාළුවොත් එක්ක ගිහින් චිත්‍රපට නැරඹුවේ. 2.30 ට තමයි ඉස්කෝලේ
ඇරෙන්නේ. අපි ඉක්මනට යන්නේ 3.30 දර්ශනය බලන්න. චිත්‍රපටය බලලා ගෙදරට යන්නේ හවස
ක්‍රිකට් පැක්ට්‍රිස් තිබුණා කියලා. ක්‍රිකට් කෙසේ වෙතත් මේ පුහුණුවට අනුව සටන්
කලාව නම් හොඳට ඉගෙන ගත්තා. ඒ වගේම මේ කාලය තමයි ලංකාව තුළත් සටන් කලාව ආරම්භ වෙමින්
පැවති කාලය වුණෙත්.
Enter The Dragon
අදටත් සටන් කලාවේ වීරයා ලෙසින් දශක ගණනාවක් පුරාවට නමක් තැබූ බෲස්ලි ගේ සටන් කලාව
අත් විඳි සුවිශේෂ චිත්‍රපටයක් ලෙසින් රොබට් ක්ලවුස් අධ්‍යක්ෂණය කළ
Enter The Dragon චිත්‍රපටය මා දකිනවා.
බෲස්ලි නම් වූ ඒ මහා සටන් නළුවාගෙන් ඉගෙන ගත හැකි වූ
දේ බොහෝයි.
ඒ කාලයේ අපට දැන් වගේ අන්තර්ජාලය, ඩී. වී. ඩී පට එහෙම තිබුණේ නෑනේ. චිත්‍රපට බලලාම
තමයි සටන් ක්‍රම ඉගෙන ගත්තේ. එදා චණ්ඩියා චිත්‍රපටය නරඹලා චණ්ඩියෙක් වෙන්නයි මට ඕනෑ
වණේ.
මෙදා Enter The Dragon චිත්‍රපටය බලන කාලය වෙනකොට බෲස්ලි සටන් කරන විදිය
දකින කොට නම් මටත් සටන් නළුවෙක් වෙන්න ඕනෑ කියන ආශාව හිතේ ඇති වෙලා තිබුණා. ඒ
විතරක් නෙවෙයි Enter The Dragon චිත්‍රපටයට කෙතරම් ආසා කළා ද කියනවා නම් මම විවිධ
පළාත්වල සිනමා ශාලාවල එය පෙන්වන විට විසිපස් වතාවක් විතර එය නරඹන්න ගියා.
අනූෂා
මේ කාලය වෙන විට සටන් ක්‍රම හදාරමින් මමයි දේවින්ද මාකස් සහ ශාන්ත කුලතුංග අපි
තුන්දෙනාම සටන් කණ්ඩායමක් පිහිටුවාගෙන හිටියා. අපි විවිධ ප්‍රදර්ශනවලදී සටන්
සංදර්ශන ඉදිරිපත් කළා.
එක දවසක් කළුතර ප්‍රදේශයේ පැවති ක්‍රීඩා උත්සවයක අපි පැවැත්
වූ සටන් සංදර්ශනයක් නරඹලා දයානන්ද රොද්‍රිගූ මහතා අපට අනූෂා චිත්‍රපටයේ සටන්
ජවනිකාවට ආරාධනා කළා.
ඔන්න දැන් තමයි මගේ සටන් නළු බලාපොරොත්තුව ඉෂ්ට වෙන්න හදන්නේ.
අපි තුන් දෙනාම ගිහින් දයානන්ද මහත්තයා හමු වුණා. අනූෂා චිත්‍රපටයේ අපට සටන් කරන්න
තිබුණේ තිස්ස විජේසුරේන්ද්‍ර සමඟින්.
ඒ වුණත් අපේ සටන් කලාව ඔහු සමඟින් ගැළපුණේ
නැහැ. ඒ නිසා අපේ වෙනමම සටනක් ඇතුළත් කරන්න ඔහු තීරණය කළා. ඒ අනුව අනූෂා චිත්‍රපටයේ
මම විසින්ම සටනක් අධ්‍යක්ෂණය කරමින් රංගනයේ නිරත වුණා.
මගේ නළු සිහිනය සැබෑවක් වුණේ
ඒ විදියටයි. පළමු රංගනයම මා විසින්ම අධ්‍යක්ෂණය කරන්න ලැබීමත් රංගන දිවියේ මා ලද
වාසනාවක්.
පෙරළිකාරයෝ-npr.jpg)
දිනේෂ් ප්‍රියසාද්ගේ පෙරළිකාරයෝ චිත්‍රපටයත් මට මගේ රංගන දිවියේ සුවිශේෂ මතක සටහන්
තැබූ චිත්‍රපටයක්. මේ වන විට මම චිත්‍රපට විස්සකට පමණ රංගන දායකත්වය ලබා දී තිබුණා.
එහිදී විජය කුමාරතුංග සමඟින් රංගනය මට විශේෂ අත්දැකීමක් වුණා. විජය, බන්දු සමරසිංහ,
ටෙනිසන් කුරේ, ජීවන් කුමාරතුංග, ශ්‍රියන්ත වක්වැල්ල, විමල් කුමාර ද කොස්තා සමඟින්
මම අපි හැමෝම එකම පවුලේ සහෝදරයන් විදියට රඟපෑවා.
ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු, රෙක්ස්
කොඩිප්පිලි, ක්ලීටස් මෙන්ඩිස් අපිත් සමඟ සටන් කළා. අපි හැමෝම ඒ කාලය පුරාවට නතර
වෙලා හිටියේ පරණ ගෙදරක. ඒක තවත් සුන්දරතම අත්දැකීමක් වුණා.
සටන් ජවනිකාවලදී පහරක් මඟ හැරුණාම විජය අයියා කන්ට්‍රෝල් නැතුව වටයක් කැරකෙනවා. මම
කිව්වා විජය අයියේ ඒක එහෙම වෙන්න දෙන්න එපා කියලා. ‘මෙච්චර කාලයක් මට කවුරුවත් එහෙම
කිව්වේ නෑනේ.
ඒක ඇත්ත තමයි’ කියලා විජය අයියා බොහොම නිහතමානීව ඒ උපදෙස පිළිගත්තා.
පෙරළිකාරයෝ චිත්‍රපටයේ ප්‍රධාන නිළිය වුණේ හින්දි නිළි තනුජා. ජනප්‍රිය හින්දි නිළි
කාජල්ගේ අම්මා.
එදා තනුජා ලංකාවට ආවේ පුංචි කාජල්වත් අරගෙන. මම ඇයව වඩාගෙනත්
හිිටියා. සුරතල් කළා. ඇය මේ තරම් ජනප්‍රිය තරුවක් වේවි කියලා එදා මම හිතුවේ නැහැ.
ඉතිං පෙරළිකාරයෝ චිත්‍රපටය මට සුවිශේෂ වුණේ සුවිශේෂ වූ මතක සටහන් රැසක් ද සමඟින්.
දෙමෝදර පාලම-npr.jpg)
චණ්ඩියා චිත්‍රපටයේදී විසි වසරකට හිරේ ගිය චණ්ඩියා චුට්ටේ හිරෙන් නිදහස්ව පැමිණෙන
කතාව ගෙන එන්නේ දෙමෝදර පාලම චිත්‍රපටයයි.
එදා චණ්ඩියා චිත්‍රපටය නරඹලා චණ්ඩියෙක්
වෙන්න හිතපු මට චණ්ඩියා 2 දෙමෝදර පාලම චිත්‍රපටයේ රඟපාන්න අවස්ථාව ලැබෙනවා. ඒ
විතරක් නෙවෙයි මෙහි සටන් අධ්‍යක්ෂණය කළෙත් මම. එයත් මගේ රංගන ජීවිතයේ සුවිශේෂ
සිදුවීමක්.
මෙහි ගාමිණි ෆොන්සේකාගේ සුවිශේෂ රංගනය ගැනත් සඳහන් කළ යුතුමයි. එහි දුම්රියේ වූ
ජවනිකාවක් අතරතුර ගාමිණීගේ ජීවිතය පවා අහිමිවීමට ඉඩ තිබුණා. නමුත් ඔහුගේ දක්ෂතාවය
නිසා බේරුණේ අනූනවයෙන්.
මෙරට සටන් ඇතුළත් චිත්‍රපට අතරෙන් හොඳම චිත්‍රපටය මෙන්ම
ඉහළින්ම සිටින චිත්‍රපටය වෙන්නේත් දෙමෝදර පාලම චිත්‍රපටයයි.
Ong Back
Ong Back චිත්‍රපටයත් Enter The
Dragon චිත්‍රපටයෙන් පසු සටන් ක්‍රම ගෙන එන
අපූරු සටන් චිත්‍රපටයක්. බුදු පිළිමයක් සොරකම් කිරීමෙන් පසුව ගමක් මුහුණ දෙන
නියඟයක් හමුවේ එම ගම්වැසියන් එයට මුහුණ දෙන්නට ගන්නා වෑයම මෙයින් රූපයට නැඟී
තියෙනවා. ඔවුන් සිය මුදල් එකතු කර ගමෙහි සටන් කලාව ප්‍රගුණ කළ ළමයෙකු මේ පිළිමය
සොයා ගැනීමට වෙනුවෙන් පිටත් කර යවනවා.-npr.jpg)
Ong Bak චිත්‍රපටය පුරවටම තියෙන්නෙත් සටන් කලාවයි. එහිදී තායි බොක්සිං සටන්
ක්‍රමය කැපී පෙනුණත් සැඟවුණු සටන් ශිල්ප ක්‍රම මෙහිදී නිරූපණය කර තියෙනවා.
ලොව සටන්
චිත්‍රපට අතරේ සුවිශේෂ වූ මෙම චිත්‍රපටය ඇසුරෙන් පසු කලෙක තවත් හොලිවුඩ් චිත්‍රපට
කිහිපයක්ම නිර්මාණය කෙරුණා.
මීට අමතරව මම බෙහෙවින් ප්‍රිය කරන සටන් ඇතුළත් චිත්‍රපට රාශියක් තියනෙවා. ඒ අතරේ
The Shame තාත්ත්වික සටන් ගෙන එන චිත්‍රපටයක්. එහිදී ඇලන් ලැඩ්, ජැක් පාලන්ගේ
රංගනයන් සුවිශේෂ වෙනවා.
Undisputed 3 චිත්‍රපටය මෙන්ම නව පරපුරේ ග්‍රේබියන්
බ්‍රාසියෝගේ සටන් චිත්‍රපටයක් වූ Die Fighter මා ඉතා ආසාවෙන් නැරඹූ සටන් ජවනිකා
ඇතුළත් චිත්‍රපටයක්.
ඒ වගේම වෑන් ඩෑම්ගේ සටනුත් අමතක කරන්න බැහැ. ඒ වුණාත්
වර්තමානයේ අතාත්වික සටන් ගැන නම් සතුටු වෙන්න බැහැ. දැන් ලංකාවේ තාත්ත්වික
ත්‍රාසජනක සටන් ජවනිකාවලට වඩා තාක්ෂණික ක්‍රම මඟිනුයි සටන් කරන්නේ. ඒවා බොරුවක් බව
කුඩා ළමුන්ට පවා වටහා ගන්න පුළුවන්.
යතේජා ඥානරත්න
ඡායාරූපය -
මාලන් කරුණාරත්න
|