වර්ෂ 2014 ක්වූ මාර්තු 13 වැනිදා බ්‍රහස්පතින්දා




පනහට ළඟ අමීර්

පනහට ළඟ අමීර්

බොලිවුඩයේ ඛාන් ත්‍රිත්වයෙන් වැඩිමලා වන අමීර් ඛාන් පසුගිය සිකුරාදා (මාර්තු 14) හතළිස් නව හැවිරිදි වියට පා තැබුවේය. ෂාරුක්ට සහ සල්මන්ට වඩා ඔහු වැඩිමහල් වෙන්නේ මාස ගණනකට පමණි. පනස් වැනි වියේ අබිමුවේ සිටිය ද තවමත් ඔහුගෙන් පිරිපුන් තාරුණ්‍යයක් දැකිය හැකිය. අමීර් උපන් දිනය දා වයස් කල්‍යාණයේ රහස හෙළි කළේය. ජාන සහ ඔහු ගන්නා ආහාරපාන එහි රහසයි. චරිතයට අනුව සිරුරේ බර අඩු වැඩි කර ගැනීම ද ඔහුගේ තාරුණ්‍යයට වෙස්වලාගත් ආශීර්වාදයක් වී ඇති බව ද නිසැකය.

ඔහු 2008 වසරේ ‘ගජිනි’ සිනමාපටය සඳහා කිලෝ ග්‍රෑම් අටකින් බර අඩුකර ගත්තේය. පසුගිය වසරේ වාර්තා පිහිටුවමින් සාර්ථක ලෙස තිරගත වූ ‘ඩූම් 3’ සඳහා ද ඔහු එවැනිම කැපවීමක් කළේය. විසි පස් වසරක වෘත්තීය ජීවිතයේ සාර්ථකත්වයට ද රුව, හැකියාව වාගේම කැපවීම ද බලපායි. මීට වැඩි උපන්දින තිළිණයක් තරුවකට තිබෙනවාද?