වර්ෂ 2014 ක්වූ මාර්තු 13 වැනිදා බ්‍රහස්පතින්දා




පුවත් මවන වීනා

පුවත් මවන වීනා

වීනා මලික්ගේ වෘත්තීය ජීවිතය වඩාත් බැබළෙන්නේ ඇයගේ පෞද්ගලික ජීවිතයේ තොරතුරු නිසයි. මේ වන විට වීනාගේ නමින් සෑම වෙබ් අඩවියකම පුවත් මැවෙයි. ඇයගේ ට්විටර් ගිනුම හිටපු පෙම්වතා වන ප්‍රෂාන්ත් සිං විසින් භාවිත කරමින් වැරැදි පණිවුඩ යවන බවට වීනා මෑතක දී චෝදනා එල්ල කළාය. දැන් ඇය නව ට්විටර් ගිනුමක් අරඹා ඇත.

මේ සියල්ල බරපතළ තත්ත්වයකට පත් වී ඇත්තේ වීනා ඩුබායි හි ව්‍යාපාරිකයකු වූ අසාද් බහීර් සමඟ විවාහවීමෙන් පසුවයි. ඉන් පසුව ද ඇයගේ හිටපු පෙම්වතා ප්‍රෂාන්ත් ඇයගේ ගිනුම භාවිතා කර ඇති අතර, වීනාගේ අතිශය පෞද්ගලික ඡායාරූප පවා එම ගිනුමට මුදාහැර ඇත. මේ ව්‍යාජ ගිනුම පිළි නොගන්නා ලෙස සැමියා ද ඇයගේ රසිකයන්ගෙන් ඉල්ලා සිටියි.

පාකිස්තානු නිළි වීනාගේ නම කැළැල් කරන තවත් හේතුවක් වී ඇත්තේ ඇය ඉන්දියානු විරෝධී අදහස් වෙබ් අඩවියට මුදා හැරීමයි. මේ නිසාම ඇයගේ ජනප්‍රියභාවය ද දිනෙන් දිනම අඩු වෙමින් පවතී.