වර්ෂ 2014 ක්වූ මාර්තු 13 වැනිදා බ්‍රහස්පතින්දා




බතික් නිසා කීර්තිමත් බුද්ධි

බතික් නිසා කීර්තිමත් බුද්ධි

ජාතික ශිල්ප සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කරන බුද්ධි කීර්තිසේන අපේ සිනමා ක්ෂේත්‍රයේ දැවැන්ත චිත්‍රපට නිෂ්පාදකවරයෙක්. ප්‍රදර්ශකයෙක්. ඒ විතරක් නෙවෙයි, බුද්ධි අපේ රටේ ප්‍රවීණ බතික් නිර්මාණ ශිල්පියෙක්. ඒ වෙනුවෙන් ඔහු පසුගියදා ඇගැයුමට ලක් වුණා. බතික් කලාව හරහා මෙරට විලාසිතා නිර්මාණ ක්ෂේත්‍රයට පසුගිය වසර 45 ක් මුළුල්ලේ කරන ලද සේවය අගයා ජීවිතයේ එක් වරක් පමණක් පිදෙන HSBC CFW විශේෂ ගෞරව සම්මානයෙන් ඔහු පිදුම් ලැබුවා.

බතික් කලාවෙන් විලාසිතා ලොව පෙරළියක් ඇති කළ බුද්ධිට මෙරට සිනමා තරු සඳහා පමණක් නොව රාජ්‍ය නායකයන් වෙනුවෙන් ද බතික් නිර්මාණ ඉදිරිපත් කිරීමට අවස්ථාව උදා වුණා. සිය බතික් විලාසිතාවන් සමඟ විදෙස් රටවල් රැසක සංචාරය කරමින් ඔහු බතික් කලාවෙන් මෙරටට ගෞරවයක් ලබා දුන් විශේෂ කලාකරුවෙකි.