වර්ෂ 2014 ක්වූ මාර්තු 13 වැනිදා බ්‍රහස්පතින්දා




ප්‍රතිචාර

මේ දිනවල දකින නිර්මාණ ගැන ලියන්න, කලා ලොවේ ගුණ දොස් විමසන්න. ඔබේ ඒ අදහස් ක්ෂණිකව 0752805047 අංකයට කෙටි පණිවුඩ අයුරින් එවන්න. ප්‍රතිචාර, සරසවිය, ලේක්හවුස්, කොළඹ 10 යන ලිපිනය ඔබේ තැපැල් හෝ සටහන් පත් වෙනුවෙනි.

අපේ සිනමා සක්විති  ගාමිණී ෆොන්සේකාට,

දහමට අනුව දැහැමින් ජීවත් වීම
එතරම් පහසු නැත කාටත් සැමදාම
බෝසත් ගුණැති එතුමාණන්ගේ හැසිරීම
සාධාරණයි එතුමට සක්විති කීම

හිත මිතුරා චණ්ඩි පුතා හොඳට හොඳයි
යටගිය දවස ඔබ දුටුදා සැනකෙළියයි
සැනසිලි සුවය ආදරයයි කරුණාවයි
ඔබ වැනි උතුම් මිනිසෙකු යළි හමුවෙන්නයි

උපේක්ෂා පබා ගැන ඇගයීමක්

පබා ටෙලි සිතුවමේ කථා නායිකාව වූ උපේක්ෂා ස්වර්ණමාලි ඇගේ පුද්ගලික ජීවිතයේ ඇතුළු පැත්තක් ගැන නිරහංකාරව, අවංකව සරසවිය පුවත්පත හරහා පසුගිය දින අප හට පවසා තිබුණා. ඇගේ විවෘතභාවය මා අගය කොට සලකනවා.

තිලකරත්න විල්වල

කෑගල්ල
තටාකය පාර

රඟපෑම් ආකර්ෂණීයයි

ස්වර්ණවාහිනියේ විකාශය වන තරුමලී සහ පාරාවළලු ටෙලි නාට්‍යය තුළින් අප හමුවන දේව් සුරේන්ද්‍ර අයියේ, ඔබේ රඟපෑම් ආකර්ෂණීයයි. මියුසික්ස් වැඩසටහන ද ඔබ චතුරව මෙහෙයවනවා. කවදා හෝ දිනක දේව් අයියා සුපිරි රංගන තරුවක් වේවි.

අමිල කැළුම් මුතුනායක

ගොකරැල්ල

ඩ්‍රීම් ස්ටාර් හොඳයි - නරකයි

දෙරණ ඩ්‍රීම් ස්ටාර් වැඩ සටහනෙහි තරඟකරුවන්ට එහි විනිශ්චය මණ්ඩලයෙන් ලබා දෙන තිරණ සහ අදහස් ඔවුන්ගේ සිත් නොරිදෙන අන්දමින් ලබා දෙනු මම දුටිමි. එය අගය කරන අතර මහජනතාවගෙන් ලැබෙන කෙටි පණිවුඩ නිසා තරඟකරුවන්ට අසාධාරණයක් සිදු වන බව ද ඉතාමත් කණගාටුවෙන් කිව යුතුය.

ඉන්ද්‍රාණි ආරියවංශ

කොළඹ 05

සිරි දළදාගමනය හෝල් එකට ආපු දවසෙම මා නැරැඹුවා. මට ඒක ගොඩක් ලස්සනයි. එහි ගීතා, දිල්හානිිගේ රංගනය නියමයි.

නිලුකා

අවිස්සාවේල්ල

පිනට පහළ වූ ඇය

සිනමා දිවියට වසර පණහක් සපිරීම නිමිත්තෙන් ඩොවිලි ඒෂියා සිනමා උළෙලේ ගෞරව සම්මානයෙන් පිදුම් ලත් හෙළ සිනමාවේ නිළි රැජන මාලිනී ෆොන්සේකා අප පිනට පහළ වූ උදාර කාන්තාවකි.

දයාරත්න ගනේගොඩ

කැලණිය

ගිරිකුළ නිල්මිණි අභිමානය

මෑතකාලීන ටෙලි නාට්‍යය අතරින් මා වඩාත් සිත් ගත්තේ සුදත් රෝහණයන්ගේ ගිරිකුළයි. මන්ද යත් එදා දවස (නිදහසින් පසු කාලය) ගැමි ජීවන රටා මැනවින් පිළිබිඹු කිරීමත් මෙහි රඟන සියලු නළු නිළියනුත් තම වගකීම උපරිමයෙන් ඉටු කිරීමය. ඒ අතර නිල්මිණි තෙන්නකෝන් විශේෂ තැනක් ගනියි.

ඒ චරිතය තුළ තමා මුහුණපාන ප්‍රශ්න ඇගේ මුහුණෙහි ඉරියව් මඟින් ඉතා අපූරුවට නිරූපණය කරයි. එය මට දැනෙන්නේ රංගනය අභිබව යන සැටියකි.

අජිත් ලක්මාල්

මීගමුව

බලයට පත්ව සේවය කරන්න

මෙවර පළාත් සභාවට ඉදිරිපත් වන ගීතා කුමාරසිංහ, රොජර් සෙනෙවිරත්න, මධුමාධව අරවින්ද, අනර්කලීී ආකර්ෂා ඇතුළු කලාකරුවන්ට ධෛර්්‍යය ශක්තිය ප්‍රාර්ථනා කරමි. බලයට පත්ව අප වෙනුවෙන් සේවය කරන්න.

එල්. එම්. ප්‍රේමසේන පෙරේරා

ඥාණා කුමාරි පෙරේරා

කළුබෝවිල

දුලීකා මාරපන වෙතටයි,

අත්තම්මා ටෙලි නාට්‍යයයේ ඔබ කරන චරිතය හා අප බලා සිටින්නේ ඔබව වර්ණනා කරමිනි. ඔබේ රංගනය හරිම අනර්ඝයි.

නදී රාජපක්ෂ

චන්දන

ටෙනුකි

රිවෝන්

කාක්කපල්ලිය

 

S.M.S

සරදියෙල්ගේ පුතා, ශ්‍රී මදාරා, පසමිතුරෝ වැනි සිනමාපටයන්හි රැ¼ගූ ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු සිංහල සිනමාවට ගෙනාවේ ජවසම්පන්න බවකි. ඔහු පසුකාලීනව වැඩිපුර පේන්න නොසිටිය ද කෙදිනකවත් ඔහු පෑ රැ    ගුම් මා හට නම් අමතක වන්නේ නැත.

ආනන්ද වික්‍රමආරච්චි

ඉහළ තල්දූව

ටෙනිසන්, බන්දු, ජනේෂ්, චතුර පෙරේරා, රොඩ්නි, පි‍්‍රයන්ත, ඇන්ටන් ජූඩ් වැනි අයගෙන් පසුව ඊළඟ පරපුරට විකට නළුවන් නැති බව මට පෙණෙනා කරුණකි. පෙම්වතුන්, දුෂ්ඨයන් ඕන තරම් නමුදු විකට නළුවන්?

ලක්මාලි

වරකපොළ

අප සංගීත ක්ෂේත්‍රයට මහගු මෙහෙවරක් කළ රෝහණ බැද්දගේ, රෝහණ වීරසිංහ යන දෙපොළ වෙනුවෙන් උපහාර උත්සවයක් තබන්නට මම යෝජනා කරමි. දැනට අප සතුව සිටින දක්ෂතම රෝහණලා දොපොළ ඔවුන්ය.

මිහිරි

නුගේගොඩ

ජයන්ත චන්ද්‍රසිරි මහත්මයා වෙත,

ඔබ මෑතකාලිනව වඩාත් යොමු වුණේ චිත්‍රපට අධ්‍යක්ෂණයට. නමුත් ජයන්ත දක්ෂ වේදිකා නාට්‍ය අධ්‍යක්ෂවරයකුª බව දන්නේ ටික දෙනයි. මට දැනෙන පරිදි ජයන්තගේ වේදිකා නාට්‍යයක අවශ්‍යතාවය වර්තමානයෙහි පවතියි. ඒ ගැන සිතා බලන්න.

නලින්ද

මීගමුව

අජිත් මුතුකුමාරණගේ ගීත කනට මිහිරියි. අහන්න ආසයි. මගේ ප්‍රියතම ගායකයා. ඔහුගේ සංගීත කණ්ඩායම ප්‍රසංග වේදිකාවේ ගයන විට මා බලා සිටින්නේ ඇසිපිය නොසලමිනි.

තරිඳු

මාතර

ඉෂාරා සඳමිණිට ඇත්තේ සොභාවික ලස්සන මුහුණක් කියලා මට දැනෙනවා. අක්කේ මේකප් නැතිව ඔයා මීටත් වඩා ලස්සන ඇති. ලංකාවේ දක්ෂ අධ්‍යක්ෂවරුන්ට ඔබව නෙත ගැටේවා.

ශෂී

මොරටුව

ප්‍රවීණ රංගන ශිල්පී විජය නන්දසිරි සුපුරුදු විකට රංගනයෙන් මිදී ආදරණීය පියකු ලෙස කොළඹ අහස ටෙලි නාට්‍යයේ රඟන අයුරු අප පිනවයි.

වික්‍රම

මිද්දෙණිය

සිරස නාලිකාවෙන් මාර්තු දහ වැනිදා සිට විකාශය වීමට නියමිත රනා ටෙලි නාට්‍යය නැවත විකාශනයක් ලෙසින් පහුවෙනිදා ආයෙත් පෙන්වන්න යැයි මා ඉල්ලා සිටිනවා. එවිට එම නාට්‍යහි ජනප්‍රියත්වයත් වැඩි වේවි.

ෆාතිමා

වැලිගම

තූර්යා ටෙලි නාට්‍යයයේ සඳනි පතිරණ තමාට ලැබුණු චරිතයට මනා ලෙස පණ පොවනවා මා දැක්කා. ඔබ අනාගතතයේ බලාපොරොත්තු තැබිය හැකි නිළියක් කියලත් මට හිතෙනවා.

සමීර ලක්මාල්

නාත්තණ්ඩිය

පුන්සිරි සොයිසා ගායනවේදියාණන්ට මගේ දැනුමට අනුව ඔබ ගයනා දුකක් නොදැනෙන් ගීතය හරිම අර්ථවත්ය. එවන් ගීත කිහිපයක්ම ගායනා කරන්න කියන ආදරණීය ඉල්ලීමකි මේ. ඔබට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි.

සමීර

සෙවනගල

හේමසිරි හල්පිට නම් ප්‍රතිභාපූර්ණ නිවේදකයා, ගී පද රචකයා අපෙන් වෙන් වී බොහෝ කලකි. මා ආසම ගීතය වූ ටී. එම්. ජයරත්නගේ සොවින් බර නුවන් විදාලා ගීතයෙන් ඔහුගේ ගී පද රචනා ශෛලය පිළිබඳ මා හට හොඳින් වටහා ගත හැකිය. ඔහුගේ හිස්තැන පිරවීමට තව කොපමණ කල් ගතවේදැයි දන්නේ නැත. කල්ගත වුව ද හල්පිටගේ හිස් තැන පිරවේවිදැයි සැක සහිතය.

දයාරත්න

ගංගොඩවිල

ප්‍රින්ස් උදය ප්‍රියන්ත මේ දවස්වල ටිකක් නිහඬ වෙලා. ඉස්සර තරම් ප්‍රසංග වේදිකාවෙත් දකින්න නැහැ. මොකද දන්නේ නැහැ හේතුව. මට හිතෙන්නේ අපිට වගේම ඔබටත් ප්‍රසංග වේදිකාව තිත්ත වෙලා වගෙයි.

සමන් ගාල්ලගේ

කැටපළ

මෙවර රයිගම් ටෙලි සම්මාන උළෙලේදී වසරේ ජනප්‍රියම ටෙලි නාටය රන්තරු වේවා. ඒ වගේම ජනප්‍රියම නළුවා විශ්ව වේවා. ඒ මාගේ පැතුමයි.

නිලූකා

අවිස්සාවේල්ල

ශ්‍රීමත් ඉන්ද්‍රජිත් ලියනගේට,

රංගනය, නිවේදනය, ලේඛනය, හඬ කැවීම යනාදී සෑම ක්ෂේත්‍රයකම අති විශේෂ හැකියාවක් ඇති ඔබ කලා ලොවට පහළ වූ සොඳුරුතම මිනිසෙකු යැයි අපට හැඟේ. ඔබ විසින් රචිත ‘ආකශ්මික ආදරය’ ග්‍රන්ථය සීග්‍රයෙන් අළෙවි වේවා යන්න ද පතමි.

අශෝකා, වත්සලා, චන්දන

අම්බලන්ගොඩ

යුග දිවියට සැපත් වූ සාරංග දිසාසේකර සහ උමාලි තිලකරත්න යන දෙපොලට නිදුක් නීරෝගි සුවය සහ කිසිදු ආන්තරාවකින් තොරව ජීවිතය ගෙවන්නට සියලු දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා.

මධුශිකා සඳරුවනි

කඩුවෙල

රුවංගි රත්නායක අක්කේ ඔයා රඟපාන ‘සිරීගේ ඉරණම’ නාට්‍යහි සාවිත්‍රිගේ චරිතයට මං ගොඩක් කැමැතියි. ඔයා හිනා වෙනට වඩා රවද්දී ලස්සනයි. කොහෙන්ද අප්පේ රවන්න ඉගෙන ගත්තේ.

ඉනෝෂා

රාගම