වර්ෂ 2014 ක්වූ මාර්තු 13 වැනිදා බ්‍රහස්පතින්දා




පුතාගේ හොඳම මිතුරිය

පුතාගේ හොඳම මිතුරිය

රංගන ශිල්පිනී දේවිකා මිහිරාණි

මට නම් ගතවන හැම දවසක්ම ඉතාම සුවිශේෂයි. දරුවන්ගේ හා සැමියාගේ කටයුතු සමඟින් තමයි මම හැම දවසක්ම ගත කරන්නේ. මේ සතිය කියලා එහි වෙනසක් නැහැ. විජය මේ දවස්වල ගිරිරාජ්ගේ සුහද කොකා චිත්‍රපටයට දායක වෙලා ඉන්නවා. මමත් පුතාගේ වැඩත් සමඟ කාලය ගත කරනවා. දුව දැන් විවාහ වෙලානේ.

පුතාත් තරුණ වයසේ ඉන්නේ. ඒ නිසා ඔහු හුදකලා වෙන්න දෙන්න බැහැ. ඔහුට හොඳ මිතුරියක් වෙලා ඉන්නවා. කලා ක්ෂේත්‍රයේ ටෙලි නිර්මාණ නම් දැනට භාර ගත්තේ නැහැ. වේදිකා නාට්‍ය සමඟ තමයි කාලය ගත වෙන්නේ.