වර්ෂ 2014 ක්වූ මාර්තු 13 වැනිදා බ්‍රහස්පතින්දා




TOP TEN

TOP TEN

මිස්ටර් පීබොඩි මුල් තැනට

අමෙරිකානු බොක්ස් ඔෆිස් වාර්තා චිත්‍රපට අතර මේ සතියේ පෙරමුණ ගෙන සිටින්නේ රොබ් මින්කොෆ් අධ්‍යක්ෂණය කළ Mr.Peabody & Sherman චිත්‍රපටය යි. පසුගිය මාර්තු 7 වැනිදා සිට අමෙරිකාව තුළ ප්‍රදර්ශනය ආරම්භ කළ හාස්‍ය මුසු වූ මෙම පරිගණක සජීවකරණ චිත්‍රපටය පසුගිය සති අන්තයේදී ඉපැයූ ආදායම ඩොලර් මිලියන 21.1ක්. දෙවැනි ස්ථානය හිමි වන්නේ පසුගිය සතියේ අංක එක හිමි වූ 300: Rise of an Empire චිත්‍රපටයට යි. නොඇම් මුරෝ අධ්‍යක්ෂණය කළ ක්‍රියාදාම චිත්‍රපටයක් වන එය පසුගිය සති අන්තය වන විට ඩොලර් මිලියන 19.1ක ආදායමක් වාර්තා කළේය.

තෙවැනි ස්ථානයේ සිටින්නේ ස්කොට් නෝග් අධ්‍යක්ෂණය කළ ක්‍රියාදාම චිත්‍රපටයක් වන Need for Speed චිත්‍රපටය යි. පසුගිය මාර්තු 14 වැනිදා සිට අමෙරිකාවේ ප්‍රදර්ශනය ආරම්භ කළ එය පසුගිය සති අන්තය වනවිට ඩොලර් 17.8ක ආදායමක් වාර්තා කර තිබුණි. ත්‍රාසජනක ක්‍රියාදාම චිත්‍රපටයක් වන Non-Stop ඩොලර් මිලියන 10.6ක ආදායමක් ලබමින් සිව්වැනි ස්ථානයට පත්ව සිටියි. පසුගිය 14 වැනිදා සිට අමෙරිකාවේ තිරගත වීම ආරම්භ කළ හාස්‍යමය කතා පුවතක් රැගත් The Single Moms Club  සිටින්නේ පස්වැනි ස්ථානයේය. ටේලර් පෙරී අධ්‍යක්ෂණය කළ The Single Moms Club සති අන්තයේදී ඉපැයූ ආදායම ඩොලර් 8.3කි.

අමෙරිකානු බොක්ස් ඔෆිස් චිත්‍රපට පෙළෙහි හය වැනි ස්ථානය හිමිකර ගෙන සිටින්නේ හාස්‍යමය පරිගණක සජීවකරණ චිත්‍රපටයක් වන The Lego Movie චිත්‍රපටය යි. එය අමෙරිකානු ප්‍රදර්ශනයේ ගත කරන්නේ හයවැනි සතිය යි. Son of God චිත්‍රපටයට හත්වැනි ස්ථානය හිමිව තිබේ. අමෙරිකානු ප්‍රදර්ශනයේ දෙවැනි සතිය ගත කරන වෙස් ඇන්ඩර්සන් අධ්‍යක්ෂණය කළ හාස්‍යමය කතා පුවතක් ගෙන එන The Grand Budapest Hotel චිත්‍රපටය අටවැනි ස්ථානයේ සහ පරිගණක සජීවකරණ චිත්‍රපයක් වන Frozen නමවැනි ස්ථානයේත් පසුවේ. රොබ් තෝමස් අධ්‍යක්ෂණය කළ Veronica Mars චිත්‍රපටයට හිමිවන්නේ දසවැනි ස්ථානය යි.