වර්ෂ 2014 ක්වූ මාර්තු 13 වැනිදා බ්‍රහස්පතින්දා




නන්දිමිත්‍ර මමයි

නන්දිමිත්‍ර මමයි

රංගන ශිල්පී අජිත් වීරසිංහ

මේ දවස්වල නම් මම වැඩිපුරම ගත කරන්නේ අනුරාධපුරයේ සහ දඹුල්ලේ තමයි. ඒ ජයන්ත චන්ද්‍රසිරිගේ මහරජ ගැමුණු චිත්‍රපටයේ රූගත කිරීම් නිසා. මම තමයි එහි නන්දිමිත්‍ර යෝධයාගේ චරිතයට පණ පොවන්නේ. ඒ හැරුණාම වෙනත් කලා කටයුතු නම් භාර ගත්තේ නැහැ. මගේ උපන් දිනයත් ඉදිරි සතියට යෙදිලා තියෙනවා.

හැමදාම වගේ එදාටත් අසරණ අයට උපකාර කරන්න මම බලාපොරොත්තු වෙනවා. ඒ වෙනුවෙන් උපකාරයක් අවැසි අයට අංක 70, ඇරුව්පොල, මහනුවර කියන ලිපිනයට කෙටියෙන් ලියන්න කියලා මම ඉල්ලා සිටිනවා.